( පෙබ 16 - 21)
(පොදු පලාපලයක් පමණි කේන්දරය අනුව වෙනස් වෙයි)
-
● මේෂ
සදු 10 වැන්නේ කුජ සමග සිටිමින් සතිය ඇරඹේ.
රැකියාවේ වෙනසක් වීමට ඉඩ ඇත.
රැකියාවට සහ ව්‍යාපාර වලට - ආදායම් මාර්ග වලට තිබෙන ගැටළු විසදා ගැනිමට බාහිර පාර්ශව වලින් උදව් ලැබේ.
වෙනත් රැකියා බලාපොරොත්තුව සිටින අයට වෙනත් රැකියා ලැබෙන්නට ඉඩ ඇත.
ගෘහ ජිවිතය සාමකාමිව ගත වන ඇත.
-
● වෘෂභ
සදු 09 වැන්නේ කුජ සමග සිටිමින් සතිය ඇරඹේ.
රැකියා කටයුතු, ව්‍යාපාර - ආදායම් මාර්ග වලට යහපත් වෙයි.
අධ්‍යාපන කටයුතු වල තිබෙන බාධා ගැටළුකාරි තත්වයන් විසදා ගැනිමට හැකිවනු ඇත.
ගෘහ ජිවිතය වෙනදාට වඩා යහපත්ය.
-
● මිථුන
සදු 08 වැන්නේ කුජ සමග සිටිමින් සතිය ඇරඹේ.
ආර්ථික තත්වය තරමක් දුරට දුර්වල වීමට ඉඩ ඇත.
ආදායමට වඩා වියදම් තත්වය වැඩිවනු ඇත.
අන් අයගේ ඕනෑ එපාකම් වෙනුවෙන් තමන්ගේ මුදල්, කාලය - ශ්‍රමය වැයවන කාලයකි.
ගෘහ ජිවිතයේ පෙර පැවති සාමකාමි තත්වය අවම වී පීඩාකාරි විමට ඉඩ ඇත.
-
● කටක
සදු 07 වැන්නේ කුජ සමග සිටිමින් සතිය ඇරඹේ.
මංගල යෝග උදා වෙයි.
මංගල කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදුවෙයි.
හදිසි තීරණ ගැනිම නිසා බොහෝ පීඩා ජිවිතයට සිදුවිමට ඉඩ ඇත.
ආර්ථික තත්වය තරමක් දුරට දුර්වල වීමට ඉඩ ඇත.
-
● සිංහ
සදු 06 වැන්නේ කුජ සමග සිටිමින් සතිය ඇරඹේ.
අන් අය නිසා තමන්ගේ වියදම් තත්වය වැඩිවිමට ඉඩ ඇත.
සතුරු කරදර ඇතිවිමට ඉඩ ඇත.
රැකියා කටයුතු වලට පීඩාකාරි බව වැඩි වෙයි.
ගෘහ ජිවිතය තරමක් පීඩාකාරි වනු ඇත.
-
● කන්‍යා
සදු 05 වැන්නේ කුජ සමග සිටිමින් සතිය ඇරඹේ.
ප්‍රේම සබදතා ඇතිවිමට ඉඩ ඇත.
විවාහය පිලිබද තීන්දු තීරණ වලට එළඹීමට ඉඩ ඇති කාලයකි.
පෙරට වඩා උනන්දුවෙන් උත්සාහයෙන් යුතුව ආර්ථික තත්වය වර්ධනය කරැගනිමට
කටයුතු කරන කාලයකි.
-
● තුලා
සදු 04 වැන්නේ කුජ සමග සිටිමින් සතිය ඇරඹේ.
සෙම් රෝග, පපුවේ අසනීප ඇතිවිමට ඉඩ ඇත.
මානසික ආතතිය වැඩිවිමටත් ඉඩ ඇත.
නිවාස සම්බන්ධ කටයුතු වලට වැඩි ඉඩක් යෙදවිය යුතු වෙයි.
ආර්ථික තත්වය පෙරට වඩා යහපත් විමට ඉඩ ඇත.
-
● වෘශ්චික
සදු 03 වැන්නේ කුජ සමග සිටිමින් සතිය ඇරඹේ.
ආර්ථික තත්වය වර්ධනය වෙයි.
නව ආදායම් මාර්ග වලට මාර්ග විවර වෙයි.
ගෘහ ජිවිතය වෙනදාට වඩා යහපත් වෙයි.
විදේශගත වීමට බලාපොරොත්තුව සිටින අයට යහපත්ය.
-
● ධනු
සදු 02 වැන්නේ කුජ සමග සිටිමින් සතිය ඇරඹේ.
වියදම් තත්වයට සාපේක්ෂව ආදායමද වැඩි වන කාලයකි.
නව ව්‍යාපාර ආරම්භ කිරිමට සිටින අයට යහපත් කාලයකි.
ගේ දොර ඉඩකඩම් සම්බන්ධ ගැටළු ප්‍රශ්න විසදා ගැනිමට හැකියාව ලැබෙනු ඇත.
-
● මකර
සදු + කුජ සමග ලග්නයේ ( 01 වැන්නේ) සිටිමින් සතිය ඇරඹේ.
වෙනදාට වඩා උද්යෝගයෙන් යුතුව තම කටයුතු කරගැනිමට හැකියාව ලැබෙනු ඇත.
වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කිරිමට මහන්සි විමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තරමක් පීඩාකාරි විමට ඉඩ ඇත.
-
● කුම්භ
සදු 12 වැන්නේ කුජ සමග සිටිමින් සතිය ඇරඹේ.
අන් අය වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි.
වෙනදාට වඩා වියදම් තත්වය වැඩි වෙයි.
වියදම කළමනාකරණය නොකරගතහොත් ණය ලබාගැනිමට සිදුවනු ඇත.
ගෘහ ජිවිතය තුල අඹුසැමියන් අතර වෙනදාට වඩා සමගිය සහයෝගය වැඩි වෙයි.
-
● මීන
සදු 11 වැන්නේ කුජ සමග සිටිමින් සතිය ඇරඹේ.
නව ආදායම් මාර්ග උදාවන කාලයකි.
වියදම තත්වය කළමනාකරණයට හැකියාව ලැබෙනු ඇත.
වෙනදාට වඩා සුභඵල ගෙන දෙන කාලයකි.
ගෘහ ජිවිතය තුල, අඹුසැමියන් අතර, තරමක මත ගැටුම් නිර්මාණය විමට ඉඩ ඇත.
-
071 3835369
( Whatsapp)
-
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,
අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,
ඇතුළු සියලුම සේවාවන් ..
No comments:
Post a Comment