Sunday, February 8, 2026

සතියේ ලග්න පලාපලය


 

( පෙබ 09 - 15)

- පොදුවේ පලාපලයකි.
කේන්දර සටහන අනුව වෙනස් විය හැක.


-
● මේෂ
සදු 07 වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
මංගල යෝග උදා වෙයි.
ප්‍රේම සබදතා වල තිබුනු ප්‍රශ්න ගැටළු නිරාකරණයට හැකියාව ලැබේ.
ආර්ථික තත්වය තරමක් පහල බැසීමට ඉඩ ඇත.
වියදම් තමන්ට හිතන ප්‍රමාණයට වඩා ඉහල යාමට ඉඩ තිබේ.
සෞඛ්‍ය තත්වයේ පිටකොන්ද ආශ්‍රිත ආබාධ, පාද ආශ්‍රිත ආබාධ - කැක්කුම් ඇතිවිම ඉඩ ඇත.

-
● වෘෂභ
සදු 06 වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
සතුරු කරදර ඇතිවිය හැකි බැවින් ඔබ කරන කියන කටයුතු ප්‍රවේසමෙන් සිදු කරන්න.
අන් අය උදෙසා කටයුතු කිරීමට යාමෙන්, තරමක් ගැටළු ප්‍රශ්න වලට මුහුණ පෑමට සිදුවෙයි.
ආර්ථික තත්වයද එතරම් සුබ නොවේ.
සෞඛ්‍ය තත්වයේ බඩ ආශ්‍රිත රෝග, බඩ කැක්කුම්, අජීර්ණය හෝ ඒ ආශ්‍රිත රෝගාබාධ ඇතිවිමට ඉඩ ඇත.


-
● මිථුන
සදු 05 වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
අධ්‍යාපනය ලබන දරුවන්ගේ, අධ්‍යාපන කටයුතු වලට කාලය වැඩිපුර වැයකිරිම සිදුවෙයි.
දරුවන්ගේ ක්‍රියාකාරකම් වලින්, දෙමාපියන්ට දොස් ඇසීමට සිදුවිය හැකි කාලයකි.
ආර්ථික තත්වයේ තිබු ගැටළුකාරි තත්වයන් විසදා ගැනීමට ඉඩ ලැබෙන කාලයකි.
සෞඛ්‍ය තත්වය සාමාන්‍ය පරිදි වෙයි.

-
● කටක
සදු 04 වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
වෙනදාට වඩා උද්යෝගයෙන් යුතුව වැඩ කටයුතු කරන්නට හැකියාව ලැබේ.
තමන් කරන කියන රැකියා කටයුතු වලින් දියුණුවක් ලැබෙන අතර,
තිබුනු ප්‍රශ්න ගැටළු විසදාගැනිමට ඉඩ ලැබේ.
සෙම් රෝග, හතිය වැනි රෝග තත්වයන් ඇතිවිමට ඉඩ ඇත.


-
● සිංහ
සදු 03 වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
එදිනෙදා තිබෙන ප්‍රශ්න ගැටළු, එදිනෙදාම විසදා ගැනීමට වැඩිපුර උත්සුක වන කාලයකි.
රැකියා - ව්‍යාපාර වල පෙර තිබු තත්වයට වඩා ඉහලට යාමට ඉඩ ලැබෙන කාලයකි.
ප්‍රේම සබදතා වලට පෙර තිබුනු ගැටළුකාරි තත්වයන් අසමගිවීම් වැනි කාරණා විසදා ගැනිමට ඉඩ ලැබේ.
සෞඛ්‍ය තත්වය සාමාන්‍ය පරිදි වෙයි.


-
● කන්‍යා
සදු 02 වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
මුදල් ලැබීම් අතින් යහපත් වෙයි. ණය හෝ ආධාර වලට උත්සාහ ගෙන තිබුනේ නම් ඒ සම්බන්ධව යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇත.
නව ව්‍යාපාර ආරම්භ කිරිමට යහපත් කාලයකි.
ආදර ප්‍රේමය සම්බන්ධව තරමක් අසමගිකම් ඇතිවිමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වයේ දත් කැකුම් ඇතිවිමට ඉඩ ඇත.


-
● තුලා
සදු 01/ ලග්නයේ වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
වෙනදාට වඩා උද්යෝගයෙන් වැඩ කටයුතු කරන කාලයකි.
ආදායම් තත්වය වර්ධනය වෙයි.
පෙර තිබුනු ගැටළුකාරි තත්වයන් වලට විසදුම් ලැබේ.
මංගල යෝජනා ස්ථිර වන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ හිස කැක්කුම් ගැන අවදානමත් වන්න.


-
● වෘශ්චික
සදු 12 වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
වි​යදම වැඩිවන කාලයකි.
ආදායම් තත්වය පහල බැසිමට ඉඩ ඇත.
අන් අය වෙනුවෙන් වැඩිපුර වෙහෙසීමට සිදුවෙයි - නීතිමය ප්‍රශ්න වලට පවා, ලක්වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල දෙදෙනා අතර ඇති සතුට සමාදානය ඇති වෙයි.
සෞඛ්‍ය සෙම් රෝග ඇතිවිමට ඉඩ ඇත.


-
● ධනු
සදු 11 වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
හදිසි ධනලාභ වාසනාව තිබෙන කාලයකි.
නව රැකියා - ආදායම් මාර්ග වැඩිවන කාලයකි.
පෙර තිබුනු ගැටළුකාරි තත්වයන් විසදා ගැනිමට ඉඩ ලැබේ.
මංගල යෝග උදාවීමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වය යහපත් වෙයි.



-
● මකර
සදු 10 වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
රැකියාව පෙරට වඩා උනන්දුවෙන් උත්සාහයෙන් කරන කටයුතු කරන කාලයකි,
පෙරට වඩා ප්‍රධානින් සමග ගැවසීමට හැකියාව ලැබෙන අතර, ප්‍රශංසාද හිමි වෙයි.
වෙනදාට වඩා වෙහෙස මහන්සි වි වැඩ කටයුතු කරයි.
මුදල් ලැබීම යහපත් වෙයි.
ගෘහ ජිවිතය - ආදරය තුල දෙදෙනා අතර සමගිය වැඩි වෙයි.
ගෘහ ජිවිතය යහපත් වෙයි.



-
● කුම්භ
සදු 09 වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
උසස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ ප්‍රශ්න ගැටළු විසදාගැනිමට ඉඩ ලැබෙන කාලයකි.
විදේශගත වීම් බලාපොරොත්තු වන අයට ඒ ගැන යහපත් ප්‍රතිචාර ලැබේ.
ආර්ථික තත්වය වෙනදාට වඩා යහපත් වෙයි.
සතිය මැදවන විට ස්ථාන මාරුවීමක් හෝ රැකියාවේ උසස් වීම් අපේක්සා කල හැක.
සෙම්​ රෝග, පිටකොන්ද ආශ්‍රිත ආබාධ ඇතිවිමට ඉඩ ඇත.

-
● මීන
සදු 08 වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
හදිසි අනතුරු, රෝහල් ගතවීම් පෙන්නුම් කරන කාලයකි, ප්‍රවේසම් වන්න.
රැකියා ස්ථානයේ ගැටළුකාරි තත්වයන්ට මුහුණ දීමට සිදුවෙයි.
ගැටළු විසදා ගැනිමට බාහිර පාර්ශවයන්ගේ උදව් ලබාගැනිමට සිදුවෙයි.
නිවස තුලද වෙනදාට වඩා ප්‍රශ්න ඇතිවිමට ඉඩ ඇත.
එනිසා ගෘහ ජිවිතය තුලද මත ගැටුම් ඇතිවිමට ඉඩ ඇත.
-

071 383 5369
(WhatsApp)

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,
අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,
ඇතුළු සියලුම සේවාවන් ..

#srilanka #colombo #colombosrilanka

No comments:

Post a Comment