Sunday, June 8, 2014

සිතිය යුතු දෙයක්.

ලෝකයේ එකම වෙලාවට උපන් දෙදෙනෙකු එක හා සමාන නොවන්නා සේකේන්දර සටහන් සහ අදාල පලාපලයද එයට අදාල ශාන්ති කර්මද කේන්දර සටහනෙන් කේන්දර සටහනට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

විශේෂයෙන් කල යුතු ශාන්ති කර්ම වලදී මේ තත්වයන් බලපායි. අය අපටද නැවත ප්‍රත්‍යක්ෂ වූයේ අප සේවයෙන් නිතර සේවා ලබාගන්නා ව්‍යාපාර කරන මහතෙකුට මේ ලගදී සිදුවූ අත්දැකීම් හේතුවෙනි.

රාහු මහ දසාව ගත කරන ඔහුට අප විසින් කේන්දර සටහනට අනුව නාගර්ජුන යන්ත්‍රයක් කර දුන්නේ අපල සම්පූර්ණයෙන් දුරු නොවී සුභ පල වැඩි කරදෙන ලෙසය. එයට හේතුව රාහුගෙන් ඔහුට ලැබීම තිබෙන බැවිනි, රාහු නිසා ප්‍රසිද්ධියද ධනයද ඔහුට ලැබින. එය ඔහු විසින් නාගර්ජුනය පැලද මාසයක් ඇතුලතම අපට ප්‍රකාශ කලේය. 

මෑතකදී ඔහු විසින් හිතවත් වෙනත් ගුරුන්නාන්සේ කෙනෙක්ට පවසා ව්‍යාපාර දියුණුව පිණිසයම “සූර්ය මණ්ඩලය, භුවනාධිපති සහ අති විශේෂ සර්ව ජන වශි යන්ත්‍රයක්“ද “ අභිසම්පිධාන යන්ත්‍රයක්ද“ පැළද ඇත. 
ඒවා පැලද ගතවූ මාස 1 හමාර තුල ව්‍යාපාර කටයුතු සහ ආදායම් මාර්ග වල සැලකිය යුතු වෙනසක් සිදුවී ඇත. එනම් ඔහු පාඩු ලබා ඇත. 
ලගදී අපට මුණ ගැසි සිදුවූ දෙය පැවසූ අතර අප විසින් ඔහුට සිදුවුනු දෙය පැහැදිලි කලෙමු.

එම අනිකුත් යන්ත්‍ර නිසා සිදුවී ඇත්තේ රාහුගේ සියලු බලපෑම සෑහෙන්න දුරුවීමයි. එනිසාම ඔහුගේ ධනෝපායන මාර්ග වලට බලපෑම් ඇතිවීම ඇත. යන්ත්‍රයන් යහපත් වන්නට හැකි වුවද ඔහුගේ කටයුතු අඩාල වීම මත එම යන්ත්‍ර ඔහුට නුසුදුසු බව නිර්දේශ කලෙමු. 

* එනිසා එක් එක් පුද්ගලයාට විශේෂයෙන් විශේෂ වන යන්ත්‍රයන් අදාල කේන්දර සටහන සූක්ෂමව බලා එම පුද්ගලයාට සුභ නැකතකින් අරඹා ජප කිරීම් කල යුතුය. 
බොහෝ තැන් වල කරන්නාසේ එක වර්ගයේ යන්ත්‍ර ගණනාවක් එක්වරම ජප කිරීම කිසිසේත්ම අනුමත කල නොහැක. 

No comments:

Post a Comment