Monday, June 23, 2014

_ විවාහ වෙන්න හිතන් ඉන්නා අය ජෝතිෂ්‍යයෙන් දැනගත යුතු ප්‍රධානම කරුණු _

ඉතාම කුඩා දරුවෙක්ව උපත ලබන කුමර - කුමරියන් ළමා කාලය, නව යොවුන් විය පසුකර ඉන්පසු ලබන තරුණ අවධියෙදි බොහෝ දුරට කුමරෙකු නම් සිතන්නේ සුන්දර යුවතියකගේ ආදරය ලබාගැනිමට සහ ඇයව විවාහ කරගැනීමටය. 

● ගැහැණු දරුවෙකුත් එසේමයි. නමුත් විවාහ වීමට ප්‍රථම බොහෝදුරට ජෝතිෂ්‍ය කරුණු කාරණා ගැන වැටහීමක් නොමැති බව අප දන්නා කරුණකි. 

● මුහුණුපොත් සංස්කෘතියේ නව මානයන් සොයායමින් අපගේ මුහුණු පොත් පිටුවට සමීප වූ අපගේ අතිමහත් පාඨක තරුණ ප්‍රජාවට මේ උතුම් වූ ශාස්ත්‍රයේ ඇති වටිනාකම තේරුම් කරදෙමින් ඔවුන්ගේ මේ විවාහය නැමති මේ සුන්දර සිහිනය වඩාත් ඵලදායි සහ සුන්දර එකක් කිරීමට අප නොගන්නා උත්සාහයක් නොමැත. 

● දැනටම අප බොහෝ සමාජ සුභසාධන කටයුතු මේ මුහුණු පොතේ පිටු මගින් අපි කර ඇත්තෙමු. මේ ගැන බොහෝ කරුණු කීමට ඇතිමුත් ටිකකට නවතා අපගේ යෞවන යෞවනියන් උදෙසා මෙම විවාහය නැමති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ සදහන් කල යුතු ආකාරය සදහන් කර දෙන්නම්.

● මේවා ගැන යෞවන යෞවනියන් දැනගැනීම ඔවුන්ගේ විවාහ ජීවිත ගැන දැනගැනිම ඔවුන්ගේ ජිවිත සාර්ථක කරගැනිමට මහත් රුකුලකි. 

● ඇයගේ හෝ ඔහුගේ ජන්ම ලග්නය, ලග්නාධිපති කවුද කියා බලන්න. 

● ගුරු, සඳු, ගුරු, බුධ යන ග්‍රහයන් සිටින්නෙ කොයි තැන් වලද බලන්න.
● එසේම 7 වන භාවයෙ සිටින ග්‍රහයන් කවුද කියා බලන්න. ඔහුගේ හෝ ඇයගේ කුජ - ශනි, කුජ රාහු, කුජ - චන්ද්‍ර, කුජ - ශනි - රාහු සංයෝගය එසේම පුද්ගලයෙක්ගේ ලිංගික අවශ්‍යතා හීන කරන ශනි-සිකුරු යෝගය සමාජ සම්බන්ධතා හීන අය, එසේ නැතිනම් දෙමාපියන්ගේ කීමට විවාහ කරගන්නා පිරිමින් ඔබ දැක ඇත. 

ඔවුන් විවාහ වෙන්නේ එම සමාජ සම්මතය ඉෂ්ඨ කිරීමට මිස විවාහ වූ යුවතිය සතුටින් තැබීමට නොවේ. 

● මෙවැනි අයට පිහිටයි බුධ - ශනි - සිකුරු යෝගය හෝ බුධ - ශනි යෝගය. 
මෙවන් අයට තම බිරිදගේ කාමාශාව තෘප්තිමත් කල නොහැක. එසේම බලන්න,

● රවි - සිකුරු, කුජ - සිකුරු යෝගය, මා පෙර සදහන් කල ග්‍රහ සංයෝග ලග්න භාවයේ, 2වන භාවයේ 4, 8, 12 වන භාව වල ඇත්දැයි පරික්ෂා කරන්න.

එසේම රත්තරන් දුවේ පුතේ, ඔබලා දැනගන්න විශේෂයෙන්ම විවාහ වන විවාහ ස්ථානය සම්බන්ධව.
විවාහ ස්ථානය වූ 7 වැන්නෙන් මේ මේ කරුණු කාරණා නිවේදනය වේ- මේවා විවාහයට අදාල වේ. 

No comments:

Post a Comment