Friday, June 27, 2014

_ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වයට ජෝතිෂ්‍යයෙන් ඉඟියක් _


මේ ටික කාලයක ඉදල පවතින කාල සර්ප යෝගය ලග්න 12ටම පොදුයි. 
නමුත් රටක් විදියට රටේ ලග්නය විදියට බලනකොට රටටත් ඒක බලපානව. 
ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්දරයේ මේ කාල සර්ප යෝගය යෙදිල තිබුනේ මේෂ රාශිය වූ 3 වැන්නත් තුලා රාශිය වූ 9 වැන්නත් අතරේය. 

● ඒනිසා පහුගිය කාල වලදී රටේ විවිධ විවිධ අනතුරු, ඒවගේම කාලයක්ම තද පෑවිල්ල තිබිලා හදිසියෙම ඇතිවෙච්ච ගංවතුර ඒවගේම ඔය අලුත්ගම බේරුවල පැත්තේ සිද්ධ වෙච්ච කලකෝලහල ඒවට හේතුවත් මේ යන ග්‍රහචාරය තමයි.

● හැබැයි මේවා ඔඩුදුවපු නැති එක අපි හැමෝගෙම වාසනාවක්. 
ඒවගේම තමයි මේව ඉදිරියටත් එන්න පුලුවන් කියන එක ටිකක් පිලිගන්න වෙනව. මිනිස්සු මේව දැනගන්න ඕන. 
අපේ බහුතර මුහුණුපොතේ ප්‍රේක්ෂක ජනතාවට අපි අවධාරණය කරන්නෙ බුද්ධිමත්ව කටයුතු කරන්න. 

● මොකද කුම්භ ලග්න කේන්දරයේ මාරක ස්ථානය වූ 8 වැන්නට රාහු ඇවිල්ලා, ඒ එන්නෙ ජුලි 12, 2 වැන්නට කේතු එනව මේ ගිය 19 වෙනිදා ගුරු ආවා 6 වැන්නට. 

● ඔයාල දන්නවද මේ නිසා පාඩුවේ වැඩකටයුතු කරන දේශපාලන ක්ෂෙත්‍රයෙ ඉහලම ධූර හොබවන අයගෙ නම් කැත වෙන්න පුලුවන්. මේ අයට විවිධ අස්ථාන චෝදනා, විවිධ ගැටළු ඇතිවෙන්න පුලුවන්. ඒ අයගෙ ජනප්‍රියත්වය නැති වෙන්න පුලුවන්. 

● අපගේ දේශපාලන න්‍යාය පත්‍රය කෙනාගෙන් කෙනාට වෙනස්. ඒවගේම විවිධ ප්‍රතිපත්ති තියෙන්නෙ. නමුත් නියම පිරිසිදු සිංහල ලේ තියෙන අපි කලදුටු කල වල ඉහගන්න ජාතියෙ නෙමෙයි. 
ඔයාලත් ඉතින් එහෙම තමයි. අන්න ඒකයි බොහෝම පිරිසිදු සිතින් මේ ගැන කියන්නෙ. ග්‍රහචාරය නරක නිසා ආණ්ඩු පක්ෂයේ ඉන්න ඉහලම පෙලේ නායකයින් මේ ගැන තේරුම් අරගෙන කටයුතු කරන්න. 

● මොකද රටේ ලග්නෙට ඒ තරම් හොද නෑ මේ තත්වෙ. 

* රටට සෙත් පතල බෞද්ධ අපි අනුරාධපුරයේ ජය සිරි මහ බෝධිය ගාව බෝධි පූජා, කැළණි විහාරයෙදි බෝධි පූජාවක්, ඒවගේම මුස්ලිම් අපි කොළඹ ප්‍රධාන දේවස්ථානයෙදි රටට සෙත් පතල ජනතාවට සෙත් පතල අපි හැමෝම සහෝදරත්වයෙන් ඉන්න ඕන කියල දේව යාතිකාවක් කරන්න ඕන. ඒවගේම ක්‍රිස්තියානි අපි රටට සෙත් පතල කොටහේනෙ ශාන්ත අන්තෝනි මුණිතුමාගේ දේවස්ථානයේ යම්කිසි දේව සුගායනයක් කරන්න ඕන. 
ඒවගේම දමිල ජාතියේ අපි යාපනයේ නල්ලූර් කන්දසාමි කෝවිලේ, හලාවත මුන්නේශ්වරම් භද්‍රකාලි මෑණියන්ගේ දේවස්ථානයෙදිත් යම්කිසි ප්‍රාර්ථනාවක් කරන්න ඕන.

* ඒ ඇයි දන්නවද ? මේ අපේ සියලුම දෙනාගෙ රටනේ. 
මැරුණට පස්සේ සිංහල අපි වළලන්නෙත් මේකෙ. මුස්ලිම් කෙනත් අනිත් ජාතියෙ සියලුම දෙනත් වළලන්නෙ මේකෙ. අනිත් සෑම ජාතියක්ම ආගමකමකටම අයත් අයත් වළලන්නෙ මේකෙ. අපි සියලුම දෙනා සමගියෙන් ඉමු.

* සුද්දගෙන් රට බේරගන්න ඊ.ඩබ්ලිව්. ඒ අධිකාරම් ශ්‍රීමතාණනුත්, කැප්පෙටිපොළ වගේ වීරයොත්, ටීබී ජායා, සිද්දි ලෙබ්බේ මැතිතුමා ඒවගේම දෙමල නායකයනුත් එකට තමයි එංගලන්තය එක්ක සටන් කලේ. මේක ඉතින් සියලුම දෙනාගෙ රටනෙ. ඔක්කොම සමගියෙන් ඉමු.

● කියන්න තියෙන්නෙ එකයි. අපි එනකොට කිසිදෙයක් ගෙනාවෙත් නෑ.... යනකොට කිසිදෙයක් ගෙනියන්නෙත් නෑ... 

තෙරුවන් සරණයි ! 

No comments:

Post a Comment