Tuesday, January 14, 2014

උපන් යෝගය අනුව ඔබට ( අවසාන යෝග 9)

(යෝග 18-27 දක්වා)

19) පරිඝ

වැඩිහිටියන්ට, ගුරුවරුන්ට ගරු කරයි. උපන් තත්වයටත් වඩා දියුණු වේ. කාව්‍යකරණයට දක්ෂ වේ. වචන වලින් දිනයි. බුද්ධිමත් කටයුතු ඇති කෙනෙකි. බුද්ධිමත්ය.

20) ශිව

ඉගෙනීමට දක්ෂය. ආගමට ගරු කරයි. සතුරන් ඉතා අඩුය. සතුටින් සැපෙන් දිවි ගෙවිය හැක. ප්‍රසිද්ධ වේ. තම ගෞරවය රැක ගනී.

21) සිද්ධ

ඥානය ඇති කෙනෙකි. ධාරණ ශක්තියද ඇත. ජිවිතය සැපවත් කරගනී. ස්ත්‍රි පාර්ශවයෙන් උදව් ලැබේ. බාධක මැඩගෙන ඉදිරියට යයි.

22) සාධ්‍ය

සමාජයේ ගරුත්වයට පාත්‍ර වේ. දෙමාපියන්ට ගුරුවරුන්ට ගරු කරයි. ප්‍රියමනාපය. ආර්ථිකය සවිමත්ය. උසස් මනසක් ඇත. අන් අයට පිහිට වේ. රැකියාවෙන් දියුණු වේ.

23) ශුභ

යහපත් මාර්ග වලින් ආදායම් ලබයි. උගත්ය. සමාජයේ අන් අය අතර කැපී පෙනෙන කෙනෙකි. කැපවීමෙන් ජය ලබයි.

24) ශුභ්‍ර

චින්තන ශක්තියෙන් අනූනය. රූමත්වය. කාර්යශූරය, ධනවත්ය. කුමන කටයුත්තක් වුවද කිරීමට හැක. දැනුම ඇත.

25) බ්‍රහ්ම

බොහෝ ශිල්ප දන්නා කෙනෙකි. තම හැකියාවෙන් කැපවීමෙන් දියුණු වේ. උසස් අය ඇසුරට ලැබේ. සමාජ ගෞරවයට පාත්‍ර වේ.

26) මහෙන්දා

මනස උසස්ය. උපන් තත්වයට වඩා උසස් වේ. ගුණවත්ය. සතුරන් පරාජය කරයි. සංවරය. අධ්‍යාපනයෙන් ජය ලබයි.

27) වෛධෘති

අලස ගති ඇත. නිරෝගීකම රැකගැනිමට එතරම් තැකීමක් නොකරයි. එතරම් සුබ නැත.

No comments:

Post a Comment