Tuesday, January 14, 2014

කලාකාමි දරුවන් ඉපදේ !

අද දිනයේ(ජන.14) රවි ග්‍රහයා මරක රාශියට පැමිණියේය. ඒ අනුව සියලු ග්‍රහයන් රාශි 6ක තැන්පත් වීමට සිදුවේ. එය ‘වරදාම යෝගය‘ වේ.
එසේම සඳුගේ ගමන වෙනස් වීම අනුව මේ සතියේ සියලු ග්‍රහයන් රාශි 7ක තැන්පත්වීමෙන් ඇතිවන ‘වීණා යෝගය‘ද යෙදේ.

ඒනිසා මෙම කාලයෙදි උපදින දරුවන් කලාවට බර දරුවන් වෙති. සංගීතය, චිත්‍ර, නැටුම් වලට දක්ෂ දරුවන් වෙති. මහ පෞරුෂයක් හිමි අය වෙති. උගත් වේ. ධනවත් වේ. අන් අය කෙරේ අනුකම්පාව දක්වන උදව් කිරීමට කැමති අය වෙති.

* මෙම ග්‍රහචාරය අනුව සියලුම ලග්න වලට ශුභයි !

● දාමිණි/වරදාම යෝගය

හොඳ බුද්ධියක් ඇති ධනවත් වෙන අය වෙති. කීර්තිය ඇත. පිනට ලැදිය. තමාට හැකි අයුරින් අන් අයට උදව් කරන අය වෙති. කෘෂිකාර්මික කටයුතු වලට සුබයි.

● වීණා යෝගය

කතාවට දක්ෂ අය වෙති. සංගීතය ආදියට කැමතිය. උගත්ය. ප්‍රසිද්ධ වේ. රටට යම් මෙහෙවරක් කිරීමට සමත්කම ඇති කෙනෙකි. ඒනිසාම අමතක නොවෙන නමක් තැබීමට හැකියාව ලබයි.
(රට ඇවිලුනු සමයක මහා පෞරුෂයකින් කටයුතු කල ඇමතිවරුයෙකු වූ, රන්ජන් විජේරත්න මහතාගේ මකර ලග්න කේන්දර සටහනේ මෙම යෝගය ඇත.)

No comments:

Post a Comment