Wednesday, January 8, 2014

“ විපරීත රාජ යෝග “.. ඔබටත් තිබේද ? ...

විපරීත යන්නෙහි තේරුම ආසන්න වශයෙන් සාමාන්‍ය ස්වභාවයට ප්‍රතිවිරුද්ධ යන ආකාරය වේ.

මෙම විපරීත රාජ යෝගයන් යෙදෙන්නේද, එවන් ස්ථාන වලය. එනම් 6, 8, 12 වැන්න වැනි ස්ථාන වලය.

6, 8, 12 යනු කේන්දර සටහනේ ඇති දුෂ්ඨ ස්ථාන වේ.
6 - සතුරන්, කරදර, රෝග සහ තමාගේ ණය පිලිබදවද,
8 - විනාශය සිදුවන ආකාරය, මරණය සිදුවන ආකාරය ගැනද,
12 - වියදම් යෙදෙන ආකාරය මෙන්ම අනවශ්‍ය වියදම් ගැනද කියවේ.

ඒ අනුව මම දුෂ්ඨ ස්ථාන වල ඇතිවිය හැකි රාජ යෝගී තත්වයක් ලෙස ‘විපරිත රාජ යෝග‘ හැඳින්විය හැක.

එනම් සාමාන්‍ය ක්‍රමයට පටහැනි ලෙස වන ඒවාය. මෙය බලපාන්නේද ඒ ආකාරයටය. එනම් ව්‍යාපාර, හවුල් ව්‍යාපාර ආදියෙදි දියුණුව ලැබේ. නොසිතූ විරූ ලාභ ලැබේ. එහෙත් කීර්තිය නොලැබේ. සමහරවිට අනුන්ගේ හැකියාවක් නිසා තමාට එම ලාභ ලැබිය හැක.
සමහරවිටෙක ධනවත් ඥාතියෙකු හිතවතෙකු නැතිවීමෙන් තමාට ධනස්කන්ධයක් හිමිවිය හැක.
කෙසේ වුවද මෙම තත්වයන් සිදුවීමට අනිකුත් ග්‍රහයන්ගේ පිහිටීම යනාදියද අතිශය වැදගත් වේ.

එම රාජ යෝග 3කි.

1. හර්ෂා යෝගය
2. සරලා යෝගය
3. විමලා යෝගය

මෙම යෝගයන් තිබේද යන්න පරික්ෂා කිරීමට පෙර 1-12 දක්වා එම භාවයන්හි අධිපතින් ගැන දැනුවත් කල යුතු නිසා ඒ ගැනද විස්තරයක් පසුවට බලාපොරොත්තු වන්න.

No comments:

Post a Comment