Thursday, January 23, 2014

දිවි අවුල් කරන “කාම යෝග“

ලෞකික ජීවිතයේ මනුෂ්‍යයන්ට කාම සම්පත් අවශ්‍ය වේ. මෙහිදී අප සලකන්නේ සදාචාරාත්මක රාමුවක සිට එම සම්පත් වැළදීමයි. මෙහිදී විවිධාකාර අඩුපාඩුකම් නිසා වර්තමාන පවුල් ජීවිත ගත කරන බොහෝ අයට (ස්ත්‍රි පුරුෂ දෙපාර්ශවයටම) අනියම් සම්බන්ධතා බොහෝ සෙයින් ඇති බව පෙනේ.

ඒවා ඇතිවන්නේ ඇයි ?
මෙයට පිලිතුරක් සොයා ගැනීමට ජෞතිෂ්‍යය සිද්ධාන්ත උපයෝගි කරගෙන යම් කිසි තබන සටහනකි මෙය.

_කේන්දර වල ලග්නයට ලග්නය ගැලපීම සහ නැකතට නැකත ගැලපීම_

ලග්නයට ලග්නයට උදාහරණයක් ලෙස, ලග්නයට ලග්නය ගැලපෙනවා කියන්නේ කන්‍යා ලග්න හිමියෙකුට මීන ලග්නයෙන්ද, මීන ලග්න කරුවෙකුට කන්‍යා ලග්නයෙන්ද, තුලා ලග්න හිමියෙකුට මේෂ ලග්නයෙන්ද වෘෂභ ලග්න හිමියෙකුට වෘශ්චික ලග්න හිමියෙක්ද යනාදි ලෙස මෙවන් ලග්න 2ක ස්ත්‍රි පුරුෂ දෙපාර්ශවයකට සාර්ථකව පවුල් ජීවිත ගත කල හැකි බව පොදුවේ කිව හැක.

* එමෙන්ම කෙනෙකුගේ ජන්ම පත්‍රයේ “කුජ“ සිටින රාශියේ අනිත් අයගේ “සිකුරු“ සිටී නම් ඔවුන් දෙදෙනාගේ ‘අඹුසැමි ප්‍රිතිය‘ ඉතාම ඉහල වේ.

* තවද ලිංගික ජීවිතයේ සතුට හා ප්‍රීතිය සමතුලිත වීමට මෙම ග්‍රහ යෝග ඉතාම අවශ්‍ය වේ. මෙම ග්‍රහ පිහිටිම් නැත්නම් පවුල් ජිවිතයේ යම් යම් අඩුපාඩු මතුවී ඒවා විවාහ දෙදරා යාමට තරම් ප්‍රබලව ක්‍රියාත්මක වේ.

* තවද කාන්තාවන්ගේ ජන්ම පත්‍රයේ සඳු/චන්ද්‍ර, සිකුරු/ශුක්‍ර, කුජ ශුභ ස්ථාන වල(7, 9, 11) පිහිටා ඇත්නම් එම අයගේ ජීවිත ඉතාම යහපතින් සහ ප්‍රීතියෙන් ගත වේ.

** මෙහිදි අප සඳහන් කරන්නේ අඟහරු දෝෂ නොමැතිවයි.

: ඔබගේ හඳහනෙත් මේ යෝග ඇත්දැයි කියා...

No comments:

Post a Comment