Tuesday, January 28, 2014

ජන.27 සිට ඉදිරියට ලග්න පලාපලය


● මේෂ
මේ සතිය මේෂ ලග්න හිමි ඔබට තරමක් සුබ අසුබ මිශ්‍ර පල ලැබෙන සතියකි.
ආර්ථිකය
ඉතාම යහපත් කිව යුතුයි. රැකියාවේ උසස්වීම් සහ දියුණුවීම ඇතිවේ. ව්‍යාපාර හවුල් ව්‍යාපාර කරන අයට නව ආදායම් මාර්ග ඇතිවීම. ගොවිතැන් කරන අයට අස්වනු වැඩිවීමත් මේ සතියෙදි නියමය. ඒ අතින් ඉතා සුබයි.
ගෘහ ජීවිතය
වෙනදා මෙන්ම ඉවසීමෙන් කටයුතු කල යුතුයි. මන්ද ග්‍රහචාරයේ ශනි රාහු 7 වැන්නේ සිටින බැවිනි. විසේස වශයෙන්ම ඉවසීමෙන් කටයුතු කිරීම මැනවි.
සෞඛ්‍ය
සෙම් බහුල රෝග, සෙම වැඩිවීම, සෙම නිසා ඇතිවිය හැකි පීඩාකාරි ගැටළු ඇතිවීමට ඉඩ ඇත.

● වෘෂභ
ආර්ථිකය
ආර්ථික තත්වය යහපත් වන සතියකි. ඉතාම ශුභයි. විවිධාකාර ආදායම් මාර්ග මෙන්ම නව ආදායම් මාර්ග ඇතිවේ. විසේසයෙන්ම බ්‍රෝකර් කටයුතු වලින්, ව්‍යාපාරික කටයුතු කරන අයට විසේසයෙන්ම වාසිදායක සතියකි.
ගෘහ ජීවිතය
මංගල යෝගද ඇතිවන කාලයකි. කම්සැප විඳීමට අවස්ථාව ඇතිවේ.
යහපත්ව ගතවේ. ගෙදරට අමුත්තන් පැමිණිය හැකි අතර ඔවුන්ගෙන් උදව් උපකාර ලැබේ. රෝගී වූ වැඩිහිටි ඥාතින් ඇතිනම් ඔවුන් රැක බලාගැනීම මේ සතිය තුල ඔබට කල හැකි මහඟු පිනකි.
සෞඛ්‍ය
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නැත. සෙම් අමාරු ඇතිවේ.

● මිථුන
ඔබට මෙම සතිය ශුභ අශුභ මිශ්‍ර පල ලැබෙන සතියකි.
ආර්ථිකය
ආර්ථික තත්වයේ විසේස වාසියක් හෝ අවාසියක් සිදු නොවේ. නමුත් කාන්තා පක්ෂයේ යම් කෙනෙක් නිසා හෝ එවන් කෙනෙක් නිසා ඔබට ආර්ථික තත්වය අයහපත් වීමට ඉඩ ඇත. විසේස පාඩුවක් සිදුවිය හැක.
ගෘහ ජීවිතය
පවුල් ජීවිතය සමාදානයෙන් ගතකිරිමට වාසනාව ලැබේ. විවාහ අපේක්ෂකයන්ට මංගල යෝග උදාවේ. නමුත් ඒවා තෝරාබේරාගෙන කටයුතු කිරීම මේ සතිය ඇතුලතදී කරගත යුතු බව දන්වමු. සතිය මැදදී විවාහ මංගල යෝග ප්‍රබලව දැනෙන්ට පටන් ගනී.
සෞඛ්‍ය
බඩේ අමාරු, සෙම් රෝග එමෙන්ම බෝවෙන අසනීප වලින් ප්‍රවේසම් වන්න.

● කටක
ඔබට මේ සතිය විසේස වාසි නොපෙන්වයි. මන්ද මේ වන විට කටක ලග්නයට පොදුවේ බලපා ඇති ග්‍රහචාරය නිසාවෙනි.
ආර්ථිකය
ආර්ථික තත්වය සම්බන්ධව සැලකීමේදි කපටින්, වංචනිකයන්ට අසුවීම ආදියෙන් පරිස්සම් විය යුතුය.
ගෘහ ජීවිතය
ගෘහ ජීවිතය ඉවසීමෙන් කටයුතු කරන්න. අඹුසැමියන් අතරේ යම් යම් සිත් අමනාපකම් ඇතිවීමට ඉඩ ඇත. දරුවන් සිටින අය දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධව පරිස්සම් කරගන්න.
සෞඛ්‍ය
ඇස්වහ කටවහ දෝෂ නිසා පැමිණෙන උපද්‍රව වලින් ආරක්ෂා වන්න. නිදන් ගත රෝග ඇති අය රෝග පාලනයට යොමු වන්න.

● සිංහ
ඉතාම වාසනාවන්ත සතියක් බව කිව යුතුය.
ආර්ථිකය
ආර්ථිකය දියුණු කරගැනීමට නව මංපෙත් ඇතිවේ. ඉහල පෙලේ ප්‍රභූවරුන්, මිතුරන්ගෙන් තාන්න මාන්න තනතුරු සමග මුදල්ද ලැබේ. ගුරු සිකුරු දෘෂ්ඨිය හේතුවෙන්ද සඳු ග්‍රහයා සතිය මැදදි 5 වැන්නට පැමිණීමෙන්ද මෙම තත්වය වඩාත් තීව්ර වේ.
ගෘහ ජීවිතය
විසේසයෙන්ම ප්‍රේම සම්බන්ධතා ඇතිවිමට ඉඩ ඇත. රූමත් මිතුරියන් ඇසුරට ලැබේ. කාමාශාව ප්‍රබල වේ. පවුලේ අය සමග ප්‍රීතියෙන් වාසය කිරීමට ලැබේ.
යහපත්ව ගත කිරීමට ග්‍රහ බලය ඇත. එමෙන්ම ප්‍රීති උත්සව වලට සහභාගි වීමට අවස්ථාව ලැබේ. දරුවන් අපේක්ෂාවෙන් සිටින අයට දූවරුන් ලැබේ.
සෞඛ්‍ය
ඌෂ්ණාධික රෝග වලින් පරිස්සම් වන්න. ආසාත්මිකතා වලින් පරිස්සම් වන්න.

● කන්‍යා
ඔබටද මේ සතිය ඉතාම වාසනාවන්තය.
ආර්ථිකය
ආර්ථික තත්වය යහපත් වේ. මුදල් යොදවා කරන කටයුතු සාර්ථක වේ. රැකියා කරන අයට වැටුප් වැඩියෙන් ලැබීමට නියමයි. එමෙන්ම 2 වැන්නේ සෙනසුරුගෙන් හා රාහුගේ ගෝචරය නිසා ලැබෙන මුදල් පරිස්සම් කරගැනීමට වගබලා ගන්න.
ගෘහ ජීවිතය
පවුලේ කටයුතු ප්‍රීතිමත් වේ. ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වීමට සහ තම නිවස තුල ප්‍රීති උත්සව පැවැත්විමට අවස්ථාව ලැබේ. මංගල යෝග සහිත කාලයකි. විවාහ වීමට සිටින දුවා දරුවන් සිටින අයට එම දරුවන්ගෙ විවාහ කටයුතු ඉෂ්ඨ කරගැනීමට අවස්ථාව ලැබේ.
සෞඛ්‍ය
වාත කැක්කුම් වේදනා, උදරාබාධ ගැන විමසිලිමත් වන්න.

● තුලා
මෙම සතිය ඔබට බාධක සහිතව ගත කිරීමට සිදුවේ. ඉතා දුෂ්කර සතියක් වීමට ඉඩ ඇත.
ආර්ථිකය
ආර්ථික තත්වය දුර්වල විය හැක. ලැබෙන මුදල් නිස්කාරණයේ වාගේ වියදම් විය හැක. වියදමට මුදල් හිඟ විය හැක. පරිස්සමින් කටයුතු කරන්න.
ව්‍යාපාර කරන අය ඉතාම පරිස්සම් වන්න.
ගෘහ ජීවිතය
අඹුසැමි සමගියට යම් යම් බාධක පැමිණීමට පුලුවන. එමෙන්ම තමන්ගේ භාර්යාව සම්බන්ධව සහ ස්වාමිපුරුෂයා සම්බන්ධව සැලකිලිමත් වන්න ඔවුන්ට ලෙඩරෝග සෑදිමට ඉඩ ඇත. පරිස්සම් කරගන්න.
සෞඛ්‍ය
හිසේ කැක්කුම්, සෙම් අමාරු, යම් යම් අනතුරු සිදුවීමට ඉඩ ඇති නිසා පරිස්සම් වන්න.

● වෘශ්චික
මෙම සතිය ඔබට සුභාසුභ මිශ්‍ර පල ලැබේ.
ආර්ථිකය
එනම් ආර්ථික තත්වයේ විසේස වාසි නොපවතී. නමුත් කාන්තාවන් හා සමග රැකියා කරන අයට, විසේසයෙන් ව්‍යාපාර කරන අයට, රූපලාවන්‍ය කටයුතු කරන අයට මේ කාලය සුභයි. එසේම භූමිය සම්බන්ධ කටයුතු කරන අයටත් මේ සතිය වාසිදායකය.
ගෘහ ජීවිතය
පවුල් ජීවිතයේදී ඉවසීමෙන් කටයුතු කරන්න. එකිනෙකාගේ අදහස් වලට ගරු කරන්න. සතිය මැදදි දුර ගමනක් ඇතිවිය හැක. එය ප්‍රීතිමත් එකක් විය හැක.
සෞඛ්‍ය
සෙම් ගෙඩි සහ සෙම් රෝග වලින් ආරක්ෂා වන්න.

● ධනු
සුභාසුභ මිශ්‍ර පල ලැබෙන සතියකි. සතිය මැදදී මුලින් තිබූ පීඩාකාරි මානසික තත්වයන් මගහැරී යයි.
ආර්ථිකය
දේපල ඉඩකඩම්, භූමි ලාභ ලැබෙන කාලයකි. තම ආධිපත්‍යයට වැඩ කරගැනීමට පුලුවන.
ගෘහ ජීවිතය
පවුල් ජීවිතය ප්‍රීතියෙන් ගත කිරීමට වාසනාව ලැබේ.
මංගල යෝග උදාවේ. විවාහ කටයුතු වලට සුබයි. සිත ප්‍රීතියෙන් තිබෙන කාලයකි. ප්‍රීතිමත්ව සිටීමට අවස්ථාව ලැබේ.
සෞඛ්‍ය
ප්‍රබල ගැටළු නොපවතී. උදාරාබාධ ගැන සැලකිලිමත් වන්න.

● මකර
තරමක සුභාසුභ මිශ්‍ර සතියකි.
ආර්ථිකය
ආර්ථික තත්වයේ ප්‍රබල වෙනසක් නොපෙන්වයි. එමෙන්ම සති මැදදී ණයතුරුස් වලට හසුවීමට ඉඩ ඇති බව සිතේ තබාගෙන කටයුතු කරන්න. පොලී කරුවන්ගෙන් වැනි අයගෙන් මුදල් ලබාගත් මකර ලග්න හිමියන්ට ඔවුන් පන්න පන්නා කරදර කිරිමට තරම් කටයුතු විය හැකි සතියකි. විස්වාස නොකල හැකි අය සමග කටයුතු නොකර සිටීම සුදුසුය. නැතිනම් සති මැදදි අනවශ්‍ය කරදර ඇතිවිය හැක.
ගෘහ ජීවිතය
පවුල් ජීවිතය සාමාන්‍ය පරිදි ගතවේ. විසේස ගැටළු ඇති නොවේ.
සෞඛ්‍ය
උෂ්ණාධික රෝගාබාධ ඇතිවිය හැක.

● කුම්භ
මේ සතිය යහපත් බව කිව යුතුය.
ආර්ථිකය
පවතින ග්‍රහචාරය අනුව ආර්ථික වාසි සැලසීමට ඉඩ ඇත. විසේසයෙන්ම වෙලද ව්‍යාපාර වල නියුතු අයට කරන කටයුතු සාර්ථක වේ. සිල්ලර බඩු කරන අයට ග්‍රොසරි හිමියන්ට සරු වේ. විදෙස්ගත රැකියා කරන අයට මේ සතිය වාසිදායකය.
සතිය මැදදී කාන්තාවන්ගෙන් උදව් උපකාර ලැබීමට නියමයි.
ගෘහ ජීවිතය
පවුල් ජීවිතයද යහපතින් ගත වේ. නව මිතුරු මිතුරියන් ආශ්‍රයට සහ ප්‍රීති උත්සව වලට සහභාගි වීමට ඉඩ ලැබේ.
සෞඛ්‍ය
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල දෝස තත්ව නොපවතී.

● මීන
ඔබට වාසනාවන්ත සතියකි.
ආර්ථිකය
ආර්ථික තත්වයේ යම් දියුණුවක් අපේක්ෂා කල හැක. නව ආදායම් මාර්ග සහ විවිධ කටයුතු වලින් ආදායම් ලැබෙන සතියක් බව කිව යුතුය. ලැබෙන මුදල් අරපරිස්සමින් භාවිත කිරීම ඔබ සතු වගකීමක් බව කියමි. දේපල ලාභ හිමිවේ.
ගෘහ ජීවිතය
පවුල් ජීවිතයේ යම් යම් ගැටළුකාරි තත්ව ඇතිවිය හැකි නිසා ඉවසීමෙන් කටයුතු කිරීමට ඔබගේ වගකීමකි. කේන්තිය පාලනය කරගැනීමට කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වය
උෂ්ණාධික රෝග ඇතිවිය හැක. එමෙන්ම සෙම් අමාරු ගැන සැලකිලිමත් වන්න.

No comments:

Post a Comment