Tuesday, January 14, 2014

මේෂයේ සිට මීනය දක්වා සතියේ පලාපල


(ජන. 14 සිට)

මේෂ
අන් අයගේ ගෞරවයට පාත්‍ර වේ. ඒනිසා සිතට සතුට ඇතිවුවද හිතවතුන්ගෙන් දුරස්වීමට සිදුවීම නිසා දුකද ඇතිවිය හැක. ආර්ථිකය එතරම් අයහපත් නොවේ.
රැකියාවේ කටයුතු වලට බාධා පැමිණියද කරගෙන යා හැක.
අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි වේ.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

වෘෂභ
ඉතා සුබ සතියකි.
මංගල යෝග යෙදේ. විවාහයට සුබ කටයුතු යෙදේ.
කරන කටයුතු සාර්ථක වේ. නිර්මාණකරණයේ යෙදෙන අයට ඉතා සුබයි.
එම සුබ තත්වයන් හදිසි අනතුරු නිසා මගහැරී යාමට ඉඩ ඇති නිසා බුද්ධිමත් වන්න.

මිථුන
සුබ සතියකි.
මෙතෙක් තිබුනු ගැටළු දුරස්වී සිතට සහනයක් දැනේ. අන් අය අතර කැපී පෙනෙන කෙනෙක් වේ. අන් අය ඔබ වෙත ආකර්ෂණය වේ.‘
බලාපොරොත්තුවෙන් සිටි යමක් ලැබීමට පුලුවන. ලාබ පවති
පවුල් ජීවිතයේ සමගිය රැකේ.
දරුවන්ගෙ කටයුතු වෙනුවෙන් කැපවන්නට සිදුවේ.
හදිසි ප්‍රේම සබදතා ඇතිවිය හැක.

කටක
හදිසි ගමන් යෙදිය හැක. විනෝද අවස්ථා යෙදේ. කෙසේ වුවද එම ගමන් වලින් සිතන තරම් සිතට සතුට නොලැබිය හැක.
හදිසි ලාභයක් ඇතිවීමට ඉඩ ඇත.
විදෙස් ගතවීම් වල කටයුතු සාර්ථක වේ.
අධ්‍යාපන කටයුතු වලට සුබයි.
රැකියා නව රැකියා අවස්ථා, තරඟ විභාග ආදියෙන් ජය ලැබේ.

සිංහ
සුබ සතියකි.
ලාභ වාසි ලැබේ.
හිතමිතුරන් මුණ ගැසී සතුටු විය හැක. බලාපොරොත්තුවෙන් සිටි කටයුත්තක් සාර්ථක වේ. ව්‍යාපාර හවුල් ව්‍යාපාර දියුණු වේ.
රැකියාවේ දියුණුව ලැබේ, උසස් විම් ලැබේ. නව රැකියා පවා ලැබිය හැක.
හදිසි ධනලාභ ඇතිවිය හැක. බාධා යෙදුනද තම කැපවීමෙන් එම කටයුතු සාර්ථක කරගත හැක.

කන්‍යා
කරන කටයුතු සාර්ථක වේ.
දේපල ලාභ ලැබේ. එම කටයුතු වලට සුබයි. ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. ලැබෙන්නට තිබුනු දෙයක් ලැබිය හැක. අන් අයගේ ප්‍රසංසාවට ලක්වේ. විරුද්ධ ලිංගිකයන් හා කිට්ටු වේ.
කරන කටයුතු කැපවීමෙන් කිරීමෙන් ජය ලැබේ.
ආයෝජන වලට සුබ සතියකි.

තුලා
සිතට සැනසීමක් ඇතිවිය හැකි සතියකි. සිත ආගම දහමට නැඹුරු වේ. කරන කටයුතු සාර්ථක වේ. දෙමාපියන්ගෙන් උරුම දෑ ලැබිය හැක. විදෙස් ගත ලාභද පෙන්වයි. සුබ සතියක් නිසා තවත් සුබ කර ගැනීමට බුද්ධියෙන් කටයුතු කරන්න.

වෘශ්චික
අන් අයව අනවශ්‍ය ලෙස විස්වාස කිරීමෙන් ගැටළු ඇතිවිය හැක.
නීතිමය ගැටළු උද්ගත විය හැකි නිසා බුද්ධීයෙන් හා ඉවසීමෙන් කටයුතු කල යුතු අවධාරණය කරමු. උසස් අයගේ උපකාරද ඇතිවිය හැක.
කරන කටයුතු වලදි හොදින් සිතා කටයුතු කරන්න නැත්නම් ගැටළු ඇතිවිය හැක. ආගම දහමට සිත නැඹුරු වේ.
හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න.

ධනු
සුබ සතියකි. විනෝද අවස්ථා, සැපතින් සිටීමට අවස්ථා උදාවිය හැක. විනෝද ගමන් ඇතිවිමට ඉඩ ඇත. සතුරු බාධක ඇතිවිය හැකි නිසා බුද්ධිමත් වන්න.
පවුලේ කටයුතු වලදි ඉවසිලිවන්ත වන්න. අනවශ්‍ය ගමන් බිමන් වලින් පාඩුවිය හැක.
කෙසේ වුවද මෙම කටයුතු වලදි බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සිතට සහනය ලගා කරගත හැක. පරිත්‍යාගශීලි වේ.

මකර
විදෙස් ගත වීම් වලට සුබ සතියකි.
සතුරන්ගේ පරාජය අත් වන සතියකි. කරන කටයුතු සාර්ථක වේ. විනෝද අවස්ථා යෙදෙනු ඇත. සැපවත්ව ජීවිතය කටයුතු කරගෙන යා හැක. එසේ වුවද කරන කටයුතු බුද්ධිමත්ව සිතා බලා නොකලොත් පාඩු ඇතිවිය හැක.

කුම්භ
ගමන් බිමන් අධික විය හැක. රැකියාවේ ස්ථාන මාරුවක් ලැබීමේ අවස්ථා ඇත. සියලුම කටයුතු වලදි අවධානමත්ව බුද්ධිමත්ව කටයුතු කරන්න. නැතිනම් අනවශ්‍ය කරදර ඇතිවිය හැක.
උසස් අයගේ ඇසුරද, උපකාරද ලැබෙනු ඇත
සතුටු වීමට අවස්ථා ඇතිවිය හැකි වුවද නිසිලෙස කටයුතු නොකලොත් නැති කරදර ඇතිවිය හැක.
පෙම් සබදතා වලට සුබයි. යහපත් සතියක් වනු ඇත.

මීන
වියදම් අධික විමට ඉඩ ඇත. ඒනිසා කරන කටයුතු වලදි අරපරිස්සම් වන්න.
මනා කලමනාකරණයකින් යුතුව මුදල් වියදම් කරන්න.
පෙම් සබදතා වලට කරදර ඇතිවිය හැක. පෙම් සබදතා බිදී යාමටත් ඉඩ ඇත. කරදර බාධක ඇතිවිය හැක.
සෞඛ්‍ය තත්වය දුර්වල වේ. කෑමෙදි පරිස්සම් වන්න.

No comments:

Post a Comment