Friday, January 3, 2014

ඒබ්‍රහම් ලින්කන් මැතිතුමාගේ කේන්දර සටහන



ඇමෙරිකාවේ 16 වන ජනාධිපති ධූරයට පත් මෙතුමා අදටත් ඉතාම ඉහලින් මතක් කෙරෙන චරිතයකි. 

එයට මූලික හේතුවක් වන්නේ, “ වහල් සේවය“ තහනම් කිරීමයි. 1861 - 1865 දක්වා සුළු කාලයක් තුල ජනාධිපති වුවද එම කාලය අදටත් ඇගයෙන්නට හේතුවන ලකුණු එතුමාගේ කේන්දර සටහනේද ඇත.

* මෙහි ප්‍රධානම සුභ ග්‍රහ පිහිටීම වන්නේ ගුරු - සිකුරු යෝගයයි. ලග්නය කුමක් වුවත් 2 වැන්නේ ගුරු හා සිකුරු බලවත්ව යෙදේ නම් එම තැනැත්තා සතුරන් පරාජය කර බලය ලබන්නෙක් බව ජෞතිෂ්‍ය සිද්ධාන්ත වල කියවේ.

මෙහි ගුරු ස්වක්ෂෙත්‍ර බලයෙන් හිඳිමින් ‘භූමිපාල යෝගය‘ උදා කරයි.
(කාරුණික ගති ඇති. අන් අයගේ ගරු බුහුමන් ලබන්නෙකි. අන් අයට උපදෙස් දීමට සුදුස්සෙකි. අන් අය අතර කැපී පෙනෙයි.)

එසේම සිකුරු උච්ච බලයෙන් හිඳිමින් ‘මහෞෂධ යෝගය‘ උදා කරයි.
(මහෞෂධ යෝගයද අන් අය අතර ජනප්‍රිය කරවන, ඉහලට යෑමට උදව් දෙන යෝගයකි)

* තවද 1 වැන්නේ රවි-බුද යෝගය එනම් බුද ආදිත්‍ය යෝගය යෙදී ඇත. මෙයද රාජ යෝගයක් ගණයේලා සැලකේ.
(බුද්ධිය ඇති, කලා කටයුතු වලට දක්ෂ, ගණිතය වැනි විෂයන් වලටද දක්ෂ අය බිහිවෙති. අධ්‍යාපනය ඉතා හොදින් කරයි. ඕනෑම දෙයක් ඉක්මණින් වටහා ගනී. තම ඥානය නිසා අන් අයගේ ප්‍රශංසාව ලබයි. හොඳ කථිකත්වයක් ඇත. කීර්තිය ලබයි)

* මීට අමතරව 10 වැන්නෙ ශනි/ සෙනසුරු පිහිටා ඇත. කුම්භ ලග්නයේ ලග්නාධිපති වන සෙනසුරු 10 වැන්නට පිහිටීම සුබයි. එසේ වුවද සෙනසුරුගේ බලපෑම නිසාම බොහෝ මහන්සියෙන්, ඉතාම දැඩි කැපවීමකින් සියල්ල ලබාගැනීමට සිදුවී ඇත. 

* භාව කේන්දර පරික්ෂාවෙන් මෙම කේන්දර සටහන ගැන බොහෝ විස්තර කල හැක. එසේ වුවද පොදු විස්තරයක් ලෙස සැලකීමේදි මෙය ප්‍රමාණවත් විය යුතුය.

No comments:

Post a Comment