Thursday, January 30, 2014

සෙනසුරු - ශනි....

සෙනසුරුට බොහෝ දෙනෙක් බයයි. සෙනසුරු පීඩා දෙන ග්‍රහයෙක් ලෙස හිතනවා... සෙනසුරු තමයි අවබෝධය දෙන්නෙ. සෙනසුරු පරණ අකුසල් මතක් කරලා දෙනවා. ඒනිසාම දුක අවබෝධ කරගන්න වෙනවා.
සෙනසුරු නියෝජනය කරන්නෙත් පොදු මහ ජනතාවයි.

වසර 30ක් රට ලෙයින් නැහැවූ ප්‍රභාකරන්ට අන්තිම ගමන් සැලසුනෙත් සෙනසුරුගේ ග්‍රහ බලය නිසයි. වංචාකාරයන්ට, අපරාධකරුවන්ට යනාදි සියලුම දුෂ්චරිත වලට දරුණු දඬුවම් සෙනසුරු ලබාදෙනවා.
අද කෝටිපති තත්වයේ සිටින කෙනෙක්ව හෙට හිඟන්නෙක් කරන්නත් සෙනසුරුට පුලුවනි.

සෙනසුරුගේ කාල වලදි සමහර අයට මුලින් හොඳයි. එවිට ඒ කාලය උපයෝගි කරගෙන යහපතින් නොසිටියොත් අවසාන කාලය බොහෝම විපාක දෙන කෙනෙක් සෙනසුරු...

එසේ නම් අප සිතිය යුත්තේ සෙනසුරු “අසාධාරණ ග්‍රහයෙක්ද“ කියලායි...,
සෙනසුරු මාරු වලදි වඩාම භයබිරාන්ත වන්නෙ දේශපාලකයන්ය. අප ලගටද පැමිණෙන ඔවුන්ගේ ත්‍රස්තවුනු මුහුණ සහ කටයුතු නිසා විකෙට අපට සිනහ එන අවස්ථාද ඇත.
බිය විය යුත්තේ තමන් වරදක් කර ඇති නම්ය... සෙනසුරුට ඒ තරම බය ඒනිසා වීමටද ඉඩ ඇත.

සෙනසුරු වසර 2 හමාරක් එක රාශියක සිටී. සෙනසුරුගෙ වෙනස්වීම වසරකට පමණ පෙර සිට දැනෙන්ට ගනී.

No comments:

Post a Comment