Sunday, January 26, 2014

දන්දීම සහ දන්සැල්

දන්දීම යනු මහා පුණ්‍ය කටයුත්තකි. නිවන් මඟට මහෝපකාරි වන පියවර 3 ඇරඹෙන්නෙ දන්දීමෙනි. ඉන්පසු සීලයත් ඊට පසු භාවනාවත් ලෙස දැක්වේ.

දන්දීමෙන් අදහස් කරන්නෙ තමන් සතු ධනය, ශ්‍රමය, ද්‍රව්‍ය තවත් කෙනෙකුට ලබාදී තමන් තුල ඒවාට ඇති ආශාව මඳක් හෝ අඩු කරගැනීමයි.
තව කෙනෙකුට ආහාර වේලක් පවා දීමේදි දානයක් සිදුවන අතර එය සැබවින්ම සිදුවේ දැයි තම තමන් විසින්ම සිතා බැලිය යුතුය.

දන්සැල් අද අප අතර ඉතා ජනප්‍රිය මාතෘකාවකි. නගරබද අයට නම් දන්සැල් ඉතා උපකාරි වන්නෙ දන්සැල් වලින් මූලික වේල් 2ක් පමණ පිරිමසාගෙන සතුටින් සිරි නරඹමින් සිටිය හැකි නිසාවෙනි.

බුදුන්වහන්සේ වදාරා ඇත්තේ “අවශ්‍ය තැනැත්තාට ලබාදෙන්න“ කියාය.
කෙසේ වෙතත් දන්සැල් දෙන ඒ පින සිදුකිරීමට සිතන අය විසින් සිතිය යුත්තක් නම්, දන්සැල දෙනු ලබන්නෙ අවශ්‍ය පුද්ගලයන්ට බවද යන්නයි... එසේ නොවුනා කියා අකුසල් නොව කුසල්ම සිදුවේ. එහෙත් අප ලබාදීමේදි උත්සුක විය යුත්තෙ අත්‍යාවශ්‍ය අයට වීම මානව ගුණධර්මයක් පිරීමකි.

දන්සැල් වල බෞද්ධ කොඩි භාවිත කිරීම හොඳ ලක්ෂණයකි. එසේ වුවත් බෞද්ධ කොඩි වාහන නැවැත්වීමට, බලයෙන් අන් අය ගෙන්වා ගැනීමට කටයුතු කිරීමක් කරන්නේ නම් එය පිනක් නොව පවක් බවට පත් වේ. ඒ ගැන සිතා නිවරදිව කටයුතු කරන්න.

No comments:

Post a Comment