Sunday, January 12, 2014

“ උපන් යෝගය “ අනුව ඔබ කොහොමද ? (9-18)



10) ගණ්ඩ

උනන්දුවෙන් කටයුතු කරයි. නිදහස අගයන කෙනෙකි. වීර්යය ඇති කෙනෙකි. අසනීප ගතිද ඇතිවේ. ගැටළු විසඳිමේ හැකියාව ඇති කෙනෙකි.

11) වෘද්ධි

යහපැවැත්මෙන් යුතු පවුලක උපදී. පිරිස අතර කැපි පෙනේ. කලා කටයුතු වලට දක්ෂය. අන් අය සමග හවුලේ කටයුතු වලට බොහෝ දක්ෂය

12) ධෘම

සැප විඳින කෙනෙකි. අන් අයට ප්‍රධාන වේ. ආත්ම ශක්තිය ඇත. ආදායම් මාර්ග ඇත. උපන් තත්වයට වඩා උසස් වේ. ශක්තිමත් සිරුරක් හිමිය.

13) ව්‍යාඝාත

නායකත්වය වෙනුවෙන් කටයුතු කරයි. බොහෝ දෑ දනී. තම ගෞරවය රැකගනී. අන් අයගේ ගෞරවයට බඳුන්වේ. තමා ගැන දැඩි ආත්ම අභිමානයකින් පසුවේ.

14) හර්ෂණ

විනෝද වීමට කැමති කෙනෙකි. ප්‍රසිද්ධ වේ. යහපත් ගතිගුණ ඇත. රජයෙන් ආදි උසස් අයගේ උදව් ලැබේ. උසස් තනතුරු ලැබිය හැක. බොහෝ දේ දන්නා කෙනෙකි.

15) වජ්‍ර

තත්වය උසස් කරගැනීමට කටයුතු කරයි. ඉගෙනීමට දක්ෂය. දියුණු වේ. අන් අය සමග සුහදව සිටිමට උත්සහ දරයි.

16) සිද්ධි

පින්වන්තය. පෙර පින්ද ඇත. අන් අය වෙනුවෙන් කැපවේ. නිර්භීතය. රෝගාබාධ තිබේ. වීර්යය ඇත.

17) ව්‍යාතිපාත

විවිධාකාර බාධා ඇතිවෙන කෙනෙකි. සිතට පීඩා ඇතිවිය හැක. කරන කටයුතු වලට බොහෝ බාධා ඇතිවේ. තීරණයන් වෙනස් කරන සුළුය.

18) වාරියන්

කවි ලිවීමට දක්ෂ වෙති. චිත්‍ර ඇඳිම, සංගීතය ආදි කලා, නිර්මාණ කටයුතු වලට දක්ෂ කෙනෙකි. ප්‍රසිද්ධ විය හැක. නීති ගරුකය. කරන කටයුත්තට දැඩි ඇල්මක් දක්වයි.

No comments:

Post a Comment