Sunday, January 26, 2014

හොඳ නරක 2ම දෙන “බුධ“

ඥානයට අධිපති බුධ හොඳ තැනක සිටී නම් හොඳ වන අතර නරක තැනක සිටී නම් එතරම් සුභ නැත.
සෞම්‍ය ගුණයෙන් යුතු ග්‍රහයෙක් ලෙස බුද හැඳින්වේ. එම සෞම්‍ය ගුණය බුදගෙන් ලැබෙන්නේ කේන්දර සටහනක තනි කොටුවක බුධ සිටියොත් පමණි. නැතිනම් සිටින ග්‍රහයන් අනුව ඒ ඒ ග්‍රහයාගෙ ගති වැඩියෙන් පෙන්වයි.

බුද සුභ පල දෙන්නෙ සුභ ස්ථානයක සුභ ආකාරයෙන් සිටියොත් පමණි.
ගුරු සහ බුධ වෙනස් වන්නෙ ඒනිසාය. ගුරු පාප තැනක පාප ග්‍රහයන් හා සිටියත් යහපත් ඵල දෙන්නට කටයුතු කලත් බුද එසේ නැත.

* බුධ ග්‍රහයා උච්ච වන්නේ කන්‍යාවෙදීය. එය “විදුරවි යෝගය“ වේ.
* බුධ ග්‍රහයා ස්වක්ෂෙත්‍ර වන්නේ මිථුනයේදීය. එය “අත්පෙත් යෝගය“ වේ.
* බුධ ග්‍රහයා උච්ච වීම හෝ ස්වක්ෂෙත්‍ර වීම කේන්දරස්ථානයක එනම් 1, 4, 7, 10 ස්ථානයක යෙදෙමින් සිටියොත් පංච මහා පුරුෂ යෝගයක් වන ‘භද්‍රා යෝගය‘ නම් රාජ යෝගය උදාවේ.

* බුධ නීච වන්නේ මීනයේදී වන අතර, බුධ නීච වුවොත් කතා කිරීමේ දෝෂ එනම් ගොත ගැසීම් ආදිය ඇතිවිය හැක.
* බුධ නීච වීම 5දී වුවොත් බොහෝවිට අධ්‍යාපන කටයුතු වලට බාධා ඇති කරයි.
* බුධ සතුරු වන්නේ කටක හා සිංහ රාශි වලදීය.
* බුධට කෙලින්ම සතුරුකම් කරන ග්‍රහයා චන්ද්‍රයා වේ.
එනිසාම පොදුවේ කටක ලග්න හිමියන්ට බුදගෙන් එතරම් සුබ නැත.

කේන්දර සටහනේ තැන අනුව ‘ පොදුවේ‘

1 - බුධ ලග්නයේ බලවත්ව සිටියොත් සත්කීර්තිමත්, ධනවත්, ගෞරව ලබන සතුටින් සැපෙන් සිටින කෙනෙකි.

2 - බුධ සිටී නම් ධනවත් විය හැක.

3 - එතරම් සුබ නැත. කලකිරීම්, සතුරු බිය ඇතිවිය හැක.

4 - සිටීම දේපල වාසනාවට හොඳයි.

5 - අධ්‍යාපනයට හොදයි විටෙක මිතුරන් හා ආරවුල් ඇතිවය හැක.

6 - කැපවීමෙන් කරන කටයුතු වලින් ජය ලබාදේ

7 - යහපත් විවාහයක් ලබාදේ.

8 - සුබ නැත.

9 - ධාර්මික කෙනෙකි. දීර්ඝායුෂ ලැබේ.

10 - විදෙස්ගතවීම් වලට සුබ පිහිටීමකි.

11 - උගත් විය හැක. දරුවන් යහපත් වේ.

12 - සුබ නැත. ධන හානි ඇතිවිය හැක.

No comments:

Post a Comment