Thursday, January 2, 2014

_ බුදුන්වහන්සේගේ කේන්දර සටහන __



එක් මහතෙක් බුදුන්වහන්සේගෙ කේන්දර සටහන ලෙස සදහන් කල කේන්දර සටහනක් අපට ලබාදි එය විසේසිත එකක්දැයි විමසන ලදි.

එහි ඇති පංච මහා පුරුෂ යෝග වන රාජ යෝග, පරිවර්ථන යෝග, අධික ඥාන යෝග ආදි සුවිශේෂ යෝග අප විසින් පෙර පරික්ෂා කරන ලදි.
(කුජ මහ දසාවෙදි අධික දුෂ්කර ක්‍රියා වල වසර 6කට අධිකව යෙදිය හැකිවීමද අතිශයින් විශේෂිතය.)

බුදුන්වහන්සේගෙ කේන්දර සටහනක් ගැන කිසිදු තැනක නිශ්චිතව නැති අතර ඇත්තේ දළව සිතා මතා සාදන ලද කේන්දර සටහන් කීපයක්ම ඇත. දේහ ලක්ෂණ විද්‍යාව ඉතා දියුණුව පැවති ඒ කාලයේ බමුණන් අනාවැකි කියන ලද්දේ ඒ මත පදනම්වය.

ගැටළුව වන්නේ බුදුන්වහන්සේට කේන්දරයක් තිබිය හැක්කේ කෙසේද යන්නයි ? තිබුනා නම් තිබිය යුත්තේ සිදුහත් කුමරුටය. සියලු කෙලෙස් නසා බුද්ධත්වයට පත්වූ බුදුවරයෙකුට පෘතග්ජනයන්ට බලපාන ලෙස කර්මය බලපාන්නේ නැත.

* ඊටද වඩා වැදගත් කාරණය වන්නේ ජෞතිෂ්‍යයේ මූලික අරමුණ ලෞකික දිවිය සැපවත් කිරීම පමණකි. ලෝකෝත්තර දිවිය නොවේ.

* එම කේන්දර සටහනේ පැහැදිලිව ගිහිගෙය හැර යාම යනාදිය පැහැදිලිව ඇත. නමුත් එය ලෞකික ජීවිතය ගැන සිතන කල එතරම් යහපත් නැත. එවන් විග්‍රහයක් ලැබෙන්නෙ ජෞතිෂ්‍යය ලෞකිකත්වය ගැන විග්‍රහ කරන්නට මූලික වන නිසාය.

එනිසා සියලු කෙලෙස් නැසූ උත්තමයෙකුට කේන්දර සටහන් මගින් විග්‍රහ ඉදිරිපත් කිරිම එතරම් යහපත් සහ වැදගත් ලෙස අප නොසිතමු.

https://www.facebook.com/iru.jaithishaya/posts/191679737693705

No comments:

Post a Comment