Tuesday, January 7, 2014

මේ සතිය ලග්නෙට කොහොමද (ජන.6 සිට ඉදිරියට)


මේෂ 
ආර්ථික තත්වය එතරම් යහපත් නොවේ, කරදර ඇතිවිය හැක. එනිසා ව්‍යාපාර ගිවිසුම් ආදිය ඇරඹීමට සිතන්නෙ නම් පරිස්සම් වන්න.
විවිධාකාර බාධා ඇතිවේ. රැකියාවටද බාධා ඇතිවිය හැක.
වෙනත් අය හා කරන කටයුතු වලදි පරිස්සම් වන්න. කෙසේ වුවද පෙර කිරීමට තිබුනු යමක් කකල හැකිවේ.
ඒනිසා සිතට සහනය උදාවිය හැක. 
අධ්‍යාපන කටයුතු වලට බාධා පෙන්වයි. 
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

වෘෂභ
ආර්ථික තත්වය යහපත් වේ. අන් අයට උදව් කිරිම නිසා නොසිතු ලෙස ආදායම් මාර්ග ඇතිවිය හැක. ආදායම සේම වියදමද වැඩිවේ. එය ගැටළු ඇති කර ඇත.
රැකියාවේ හා ව්‍යාපාරයේ කටයුතු වල අවුල් සහගත බවක් පෙන්වයි. ඒනිසාම ප්‍රධානින්ගෙන් දෝෂාරෝපණ එල්ල විය හැක.
දුර ගමන් යෙදීමට ඉඩ ඇත. නොයෙදෙන්නෙ නම් වඩා හොදයි.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

මිථුන
කරන කටයුතු සාර්ථක වේ. විනෝද අවස්ථා යෙදේ. ආදායම් තත්වය යහපත් වේ. යන්ත්‍ර සූත්‍ර ආදිය ආශ්‍රිත කටයුතු කරන අය පරිස්සම් වන්න. දේපල ලාභ ඇතිවිය හැක. සිත් අමනාපකම් දුර හැරේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ.
නව පෙම් සබදතා ඇතිවිය හැක. පවුලේ කටයුතු දියුණු වේ.

කටක
සිතට දුක ඇතිවිය හැක. සතුරු බාධක ඇතිවුවද එයින් හානි නොවේ. කාලයක් තිබුනු සබදතා හිතවත්කම් දුරස්විය හැක. වියදම ආදායම වඩා වැඩි නොවන්නට කටයුතු කරන්න. අමතර ආදායම් මාර්ග අවහිර විය හැක. විදෙස් ගමන් වලට බාධා ඇතිවිය හැක.
පවුලේ සමගියට බාධා ඇතිවිය හැක.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

සිංහ
සතියේ මුල් දින කීපයේ සිතට දුක ඇතිවිය හැක.
වෙලාවට කල යුතු දෑ එලෙස කර නොහැකි වනු ඇත. කරදර බාධක ඇතිවිය හැක. නොකල වැරදි වලට බිය ඇතිවිය හැක. හදිසි විපත් ආදියෙන්ද පරිස්සම් වන්න.
ආගම දහමට සිත නැඹුරු වේ. ඉවසීමට හුරු වන සතියකි. අවසාන දින වල සිතට සතුට, සැනසීම ලැබේ. අන් අයගේ ගෞරවය පාත්‍ර වේ.

කන්‍යා
ජය ලැබෙන සතියකි. සිතේ තරගකාරි බව වැඩිවේ. සිතට සතුට ආශාවන් හඹායාමට සිතන සතියකි. දුර ගමන් බිමන් ඇතිවිය හැක. එසේ වුවද සැප ලැබේ. එසේ වුවද කලබල නොවන්න. ඒසේ වුවොත් හදිසි අනතුරු ඇතිවිය හැක.
ආගම දහමට සිත නැඹුරු විය හැක.

තුලා
සිතේ චංචල බවක් ඇතිවේ. අන් අයට උපකාර කල හැකි සතියකි. රැකියාවේ දියුණුව ඇතිවිය හැකි සතියකි. කරන කටයුතු වලදි බුද්ධිමත් වන්න. ලාභ ලැබිය හැක.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

වෘශ්චික
බොහෝ ලාබ ලැබේ. දේපල ලාභ පෙන්වයි. කරන කටයුතු සාර්ථක වේ. විදෙස් ගත වීම් වලටද සුබයි.
පවුලේ සමගිය වෙනුවෙන් කැපවිය යුතුය. බුද්ධියෙන් එම කටයුතු සාර්ථක කරගන්න. සතුට ලැබේ.

ධනු
ආර්ථිකය අයහපත් නැත, වියදම්ද අධික විය හැක.
විනෝද අවස්ථා යෙදේ. ප්‍රේමය සම්බන්ධ කටයුතු වලට සුබයි. එසේ වුවද බුද්ධියෙන් කටයුතු කරන්න. අනවශ්‍ය ලෙස විනෝද විම කරදර ඇති කල හැක. බොහෝ දෙනාගේ ආකර්ෂණය ලබන සතියකි.

මකර
ආර්ථික ලාභ ලැබෙන සතියකි. තම වචන නිසා අන් අයගේ අප්‍රසාදයට පත් විමට ඉඩ ඇති නිසා බුද්ධිමත් වන්න. කැපවීමෙන් කරන කටයුතු සාර්ථක වේ. අන් අයගේ පැසසුමට ලක්වේ.
ගෙදර අය වෙනුවෙන් කැප වෙන සතියකි. හිතවතුන්ගේ ඇසුර ලැබේ. සිතට සතුට ලැබේ. සිතට සහනය ඇතිවේ.

කුම්භ
කලබලයෙන් කටයුතු නොකරන්න. ආර්ථික ලාභ ලැබේ. ව්‍යාපාර දියුණු වේ. අනවශ්‍ය කලබලයෙන් කරගන්නා කටයුතු වලින් පාඩු සිද්ධ වීමට ඉඩ ඇත.
බොහෝ සේ කතා කිරීම අන් අයට හිරිහැරයක් විය හැක. නිවරදි උත්සහයකින් කරන කටයුතු වලින් ජය ලැබේ.

මීන
සිතට සහනය දැනේ. ව්‍යාපාර රැකියාව දියුණු වේ.
අන් අයගේ ආකර්ෂණයට ලක්වේ. සිතට සතුට ලැබේ. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ලක්වේ. පවුල් ජීවිතය සාර්ථක වේ.
බොහෝ ජයග්‍රහණ සතුට ලැබෙන සුබ සතියකි.

No comments:

Post a Comment