Tuesday, January 21, 2014

සිතන්න

ඔබ සිල්වන්ත නැතිනම්, නීතියට පිටින් කටයුතු කරයි නම්, අන් අය බිඳවීම වැනි වැරදි කරයි නම් ඔබ කෙතරම් බලවන්තයෙකු වුවද යම් කාලයක එයට ප්‍රතිවිපාක ලැබෙන බව සිතේ තබාගන්න.

බුදු දහමේ සදහන් පරිදි මාර පාක්ෂික බලවේග යම් කාලයක් නපුරට වැරදි වලට අනුබල දේ.
නමුත් කර්මය විපාක වශයෙන් පල දෙන විටදී “ කරන කලට පව් මිහිරිය මීසේ විඳන කලට දුක් දැඩිවෙයි ගිනිසේ “ ලෙස ඵල දෙනු ඇත.

ජෞතිෂ්‍යය අනුවද ඉතාම අපල කාල වල සමහර පුද්ගලයන්ට මුල් කාලය සියලුම දේ සාර්ථක කර දෙයි. එයින් එම ග්‍රහයන් විසින් උත්සහ කරන්නෙ සියල්ල හොදින් දුන්විට පැවැත්ම බැලීමටයි. නමුත් වරදින් සිටියේ නම් පසුකාල වලදි බිහිසුණු ලෙස විපාක ලබාදේ...

එනිසා තම ජීවිතය යහපත් කරගෙන, ලෞකික ජීවිතය ජය ගෙන අවසානයේ උතුම් වූ නිවන සාක්ෂාත් කරගැනීමට කටයුතු කරන්න..

බුදු සරණයි !

No comments:

Post a Comment