Saturday, January 18, 2014

අවාසනාවන්තයන් බිහිවන කේමදාම යෝගය

වසර කීපයකට පෙර ජෞතිෂ්‍ය දන්නා බව කියූ කීපදෙනෙකු සමග කතා කිරීමේදී ජෞතිෂ්‍යයේ තිබෙන්නාවු බොහෝ යෝග අතර තිබෙන එක් යෝගයක් වන “කේමදාම යෝගය“ ගැන කතා කරන ලදි.
බොහෝ පොත් කියවා සිටි ඒ අය කිව්වෙ කේමදාම යෝගය තිබේ නම් ඒ තැනැත්තා අනිවාර්යෙන්ම “ කිළිටි ඇඳුම් අදින සිතෙහි දුක පිරී ගිය අවාසනාවන්තයන්“ වන බවයි. තවද තම පරපුරට නින්දා ගෙන දෙන, රජ වංශයක ඉපදුනද දුර්ජන අවාසනාවන්තයෙක් වන බවයි.

කෙසේ වුවද අප දකිනා ලද ඉතාම වාසනාවන්ත ජීවිත ගත කරන කේන්ද්‍ර සටහන් වල කේමදාම යෝගය පැහැදිලිව ඇත. කේමදාම යෝගය ඇති වන්නෙ සඳු/චන්ද්‍රයා සිටින කොටුව දෙපස ග්‍රහයන් නොපිහිටීමෙනි. එසේ වුවද සඳුට හෝ සඳු දෙපස හිස්ව ඇති රාශින්ට සුබ ග්‍රහයන්ගේ බැල්ම ලැබේ නම් එම නරක තත්වයන් දුරුවී වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට හැකියාව ඇත.

අප විසින් ඒ ගැන පැහැදිලි කිරීමෙන් අනතුරුව බුදු දහම ජෞතිෂ්‍යය ඉවතලන බවත් එනිසා බුදු දහම ගැන කතා කිරීම සුදුසු බවත් පවසන ලදි.
කෙසේ වුවද එහිදී අපට පැහැදිලි වූයේ එම අය ජෞතිෂ්‍යයට අදාල පොත් කියවා ඇතිමුත් ප්‍රායෝගිකව ජෞතිෂ්‍යයේ සත්‍යාසත්‍යතාවයන් සොයා බලා නැති බවයි.

එනිසා ජෞතිෂ්‍යය ගැන උනන්දුවක් ඇති අයෙකු වේ නම් පොත් පත්වල තියෙන දේ සැබෑවට සිද්ධ වන්නේද යන්න සොයා බලා කටයුතු කර සාර්ථකව පලාපල ලබාදීම වටී.
ජෞතිෂ්‍යය විද්‍යාව ඇත්තෙ මිනිසුන්ට යහපත කිරීමට මිස මිනිසුන් බිය කිරීමට නොවේ.

කේමද්‍රාම යෝගය භංග වන ලක්ෂණද ජෞතිෂ්‍යයයේ දැක්වේ...

1. චන්ද්‍රයා/සඳුගෙන් කේන්දරස්ථානයක(1, 4, 7, 10) ග්‍රහයන් සිටීම.

2. ලග්නයෙන් කේන්දරස්ථාන 1ක හෝ වැඩි ගණනක ග්‍රහයන් සිටීම ( 4 වැන්න විසේසිතය)

3. චන්ද්‍ර නවාංශකයේ එක් පසෙක් හෝ දෙපසම ග්‍රහයන් සිටීම.

4. ග්‍රහයන් කීප දෙනෙකුගෙන් බලවත්වූ දෘෂ්ඨි ලැබීම.

No comments:

Post a Comment