Sunday, January 12, 2014

“ උපන් යෝගය “ අනුව ඔබ කෙසේද ? (මුල් යෝග 9)

යෝග 27ක් ඇත. ඒ අනුව මුල් යෝග 9ට මෙසේය.

1 විෂ්කම්භ

දැඩි කැපවීමෙන් කටයුතු කරන කෙනෙකි. මනා ආත්ම විශ්වාසයක් ඇත. දියුණුවට පත්වීමට උවමනාව ඇත. ආගමට ගරු කරයි. තීක්ෂණ බුද්ධියක් ඇත. රූපසම්පන්නය. අන් අයගෙන් ගරු බුහුමන් ලබයි.

2 ප්‍රීති

උසස් සිතුවිලි ඇත. කාර්යයෙහි දක්ෂයෙකි. අලංකාරවත්ව සිටීමට, විනෝදවීමට කැමතිය. ස්ත්‍රි පක්ෂයට ලැදිය. තම අදහස ගැන දැඩිව සිතයි. විවිධාකාර කටයුතු වල නිරත විය හැක.

3 ආයුෂ්මන්

කලා කටයුතු වලට දක්ෂය. නොපසුබස්නා වීර්යයක් හිමිය. ධනවත් විය හැක. සැප විඳිය හැක. තම ගෞරවය රැක ගැනීමට කටයුතු කරයි. ප්‍රසිද්ධ වේ.

4 සෞභාග්‍ය

අන් අයගේ ගරු බුහුමන් ලබයි. කටයුතු කීපයක් කිරීමේ දක්ෂයෙකි. පොදු කටයුතු වලට දක්ෂයෙකි. තම දියුණුව ගැන පමණක් සිතන ගතියක්ද ඇත. ශක්තිමත්ය.
අන් අයගේ උදව් ලබයි.

5 ශෝභන

ඉගෙනීමට කැමතිය. තම යුතුකම් වගකීම් නොපිරිහෙලා කරයි. ඉක්මන් කෝපය ඇත. කරදර වලදි නොසැලේ. තීරණ ගැනීමේදි දුර දිග සිතා බලා කරයි. අන් අය අතර කැපී පෙනේ.

6 අතිගණ්ඩ

තනිව සිටීමට ප්‍රිය කරන කෙනෙකි. විවේකය, නිදහස අගය කරයි. සමහරවිට මෙම යෝගයෙන් උපත ලද අය නිසා දෙමාපියන්ට අපල සිදුවේ.

7 සුකර්ම

සමාජය තුල කැපී පෙනෙන කෙනෙකි. අන් අයගේ ගරුත්වයට පාත්‍ර වේ. අන් අයට උදව් කිරීමට නිතරම සූදානම්ය. යුක්තිගරුකය. සරාගීය. දහමට එකඟව කටයුතු කරන්නෙකි. ආදායම් යහපත් මාර්ග වලින් ලබයි.

8 ධෘති

බුද්ධිය ඇත. දේපල ලාබ, වස්තු ලාබ ලබන්නෙකි. සැපසේ ජීවත් වීමට කැමතිය. සමාජයේ ගරුබුහුමන් ලබයි. ගුණවත්ය.

9 ශුල

උගත්කම ලැබිය හැක. බුද්ධිමත් වේ. ආගම දහමට නැඹුරුය. සෞඛ්‍ය ගැටළු ඇතිවිමේ ඉඩක් ඇත.

No comments:

Post a Comment