Tuesday, January 28, 2014

ඉපදුනු සතියේ දවස අනුව ... ඔබ මෙහෙයි...

ඔබ ඉපදුනු සතියේ දිනයට අනුව සූර්යයාගේ බලපෑම, සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ආකර්ෂණය ආදි දෑ තීරණය වේ. ඒ අනුව දවසට ඇති ග්‍රහ බලයක් පවති.

* පොදු කරුණු බව අවධාරණය කරමු. මේ ලක්ෂණ අදාල කේන්දර සටහනේ තොරතුරු මත වෙනස් වේ.

ඉරිදා
මද රන් පැහැදි සිරුරක් හිමි අයයි. බුද්ධිමත්ය. ගුණවත්ය. අධිෂ්ඨානශීලි අය වෙති. අරඹන කටයුත්ත නොකඩවාම දිගටම කරගෙන යයි. එයින් ජය ලබයි. ආත්මාර්ථකාමි ගතිද ඇත. ඉරිදා ඉපදෙන කාන්තා පාර්ශවය පිරිමින්ට වඩා එඩිතර වේ. අභියෝග වලට ආසාවෙන් ඒවා ජය ගැනීමට සිතයි.

සඳුදා
සුදු වර්ණයට කැමති අය වෙති. අන් අයට අනුකම්පා කරයි. පරාර්ථකාමිය. බොහෝවිට සුගතිගාමි විය හැක. දහමට ගරු කරයි. දහම පිලි පදී. කාන්තාවන් පතිභක්තිය ඇති යහපත් අය වෙති.
එම ඉපදුනු කාල හෝරාව සහ අදාල කාලය අනුව වෙනස්කම් වේ.

අඟහරුවාදා
වයස සමග පෙනුම වෙනස් වන්නෙ අඩුවෙනි. විටෙක දුෂ්ඨ කටයුතු ඇත. අන් අයට ආඥා කිරීමට කැමති අයයි. ලේසියෙන් රැවටිල්ලට හසු නොවේ. කාන්තාවන්ද ආකර්ෂණීය අය වෙති. අන් අයගේ සහයෝගය ගනී.

බදාදා
බුද්ධිමත් කාරුණික ගති ඇත. නිතරම ප්‍රසන්න මුහුණක් ඇත. ලිවීමට දක්ෂය. අවංකය. සත්‍යම පවසයි. අන් අයට උදව් කරයි. ව්‍යාපාරික කටයුතු වලටද දක්ෂය. පරිත්‍යාගශීලිය. අන් අයව තමා වෙතට ආකර්ෂණය කරගත හැක. කතාවෙන් දක්ෂය.

බ්‍රහස්පතින්දා
නිසි ලෙස වැඩුනු දේහයකි. ධනවත් වීමේ සැපවත් දිවියක් ගත කිරිමේ වාසනාව ඇත. බුද්ධිමත්ය. සමහරවිටෙක අන් අයගේ දුක නොදකින ස්වභාවයක්ද ඇත. දහමට ගරු කරති. සාම්ප්‍රදායකත්වය අගයයි. දරුවන් වාසනාවන්ත වෙති.

සිකුරාදා
රූමත් පැහැපත් අය වෙති. දිගැටි දෙනෙත් ඇත. සෙම ඇති අය වෙති. නාට්‍යයට, චිත්‍ර, සංගීත ආදි කටයුතු වලට දක්ෂය. පරිත්‍යාගශීලිය. සතුටින් සිටි. ගුණවත්ය. සුන්දර අය වෙති.

සෙනසුරාදා
 බොහෝවිට කෙට්ටු සිරුරක් ඇතිවිය හැක. ඥාතින් සමග ගැටළු ඇති කරගැනිමට හැක. විටෙක ගැටළුද ඇතිවිය හැක. කෙසේ වුවත් වාසනාවන්ත පිහිටීම් ඇත. රෝග ආදියට හුරු වෙති. ජිවිතය ගෙන යාමට හැක. දහමට ලැදිය. ගැටළු වලදී තේරුම් ගෙන ජීවිතයට මුහුණ දෙති.

No comments:

Post a Comment