Sunday, January 26, 2014

රවි-බුධ යෝගය

රවි සහ බුධ යෝගව සිටී නම් බුධ ආදිත්‍ය යෝගය ලෙස හැඳින්වේ. (භාග්‍ය යෝගය)

“ බුද්ධිය ඥානය සපිරි කෙනෙකි. කාව්‍ය ලේඛණ කටයුතු ආදියටද දක්ෂය. ගණිතමය කටයුතු ආදියද දක්ෂය. ඉතා ඉහල අධ්‍යාපනයක් ලැබීමට හැකියාව ඇත. ඉක්මණින් දේවල් වටහා ගනී. අන් අයගේ බුහුමනට ලක්වේ. තමා දන්නා දෙය පැහැදිලිව වෙනත් අයට කියා දේ. ප්‍රධාන්තවය ලබයි “.

අතිබහුතර අවස්ථා වල සුබ පල ලබාදෙන පිහිටීමකි. නිසි ලෙස සුබ දෘෂ්ඨි ලැබීම් ආදිය ඇත්නම් ලේඛනය, භාෂාව හැසිරවීම් ආදියේ පරතෙරටම යයි.
1, 4, 5, 7, 9, 10, 11 ආදි භාවයන් වල සේම දුෂ්ඨ ස්ථාන ලෙස සැලකෙන 8, 6, 12 දි පවා සුබ පල දෙන බව පෙනේ.
3 වැන්නටද සුබය. 8 වැන්නටද සුබ බව පරණ පොත පතේ කියවේ.

මහ උගතුන් බිහිවෙන යෝගයකි. මේෂ, සිංහ, ධනු ලග්නයක නම් මෙම යෝගයෙන් අසමසම බුද්ධියක් ලබාදේ.

කටක, වෘශ්චික, මකර, කුම්භ ආදියටද යහපත්ය.

තුලා, වෘෂභ, මීන ලග්න වලටද අයහපත් නැත.

වෘෂභ, සිංහ, වෘශ්චික, ධනු, කුම්භ ලග්න වල යෙදී ඇත්නම් රාජ යෝගයක් බඳුය.

මෙම යෝගය තිබුනු ප්‍රසිද්ධ අය ලෙස, ලලිත් ඇතුලත් මුදලි මහතා, ආචාර්ය වල්පොල රාහුල ස්වාමින්වහන්සේ, වලිසිංහ හරිස්චන්ද්‍රතුමා, සර් ජේම්ස් පීරිස් මහතා, පංචාංගලිතේ ආදි කතෘ අහුන්ගල්ලේ ගුරුතුමාද කිව හැක.

එසේම 3, 6, 8, 12 යන රාශි වල මෙම යෝගය යෙදී ඉතිහාසයටම නම රැන්ඳු අය ලෙස වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අතිපූජ්‍ය රේරුකානේ චන්ද විමල ස්වාමින්වහන්සේ, ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතා, ටී.බී ඉංගරත්න මහතා දැක්විය හැක...

No comments:

Post a Comment