Thursday, January 16, 2014

අපට ජෞතිෂ්‍යය ශාස්ත්‍රය ඉගැන්වීමට උත්සහ දරන අයගෙන් අඩුවක් නැත. සමහරෙක් පවසන්නේ භාව කේන්දර සටහන නොව දළ කේන්දර විග්‍රහයෙන් සෑහිමකට පත්විය යුතු බවයි.
අප විසින් එවන් සේවා ලබා නොදේ. අප විසින් භාව කේන්දර පරික්ෂාවක් හෝ එසේත් නැතිනම් කරන්නෙ සූක්ෂම කේන්දර පරික්ෂා පමණි.

පසුගිය කාලය පුරා භාව කේන්දරය භාවිත නොකිරීමෙන් ඇතිවන ගැටළු ගැන අප විසින් දැනුවත් කිරීම් කර ඇත.
අපට මේවා ඉගැන්වීමට තැත් දරන අය ඒවා නොදැනීම අපගේ වරදක් නොවේය.

ඒ ගැන පැවසීමට අප විසින් භාව කේන්දරමය විග්‍රහයක් ලබාදූන් කේන්දර සටහනක මුල් විස්තරය ..

මෙම කේන්දරයෙදි පලමුව බැලිය යුත්තේ බාලාරිෂ්ට යෝග තිබේද යන්නයි. එනම් කුඩා කාලයෙදි අසනීප හා ආබාධ වලට හේතු වන්නේද යන්නයි.

“ මෙහි 2 වැන්නෙ කේතු 8 වැන්නෙ රාහුත් ඇත. කේතු මේෂයේ 15 වෙනි අංශකයේ 22වන කලාවේ පිහිටා ඇත.
රාහු තුලාවේ 15 අංශකයේ 22 කලාවේ පිහිටා ඇත.
ශනි තුලාවේ 15 අංශකයේ 40 වන කලාවේ පිහිටා ඇත.
සිකුරු ස්වක්සෙත්‍රව 24 අංශකයේ 36 වන කලාවේත්,
බුද අංශක 3යි 26වන කලාවේත් පිහිටා ඇත.

ඒ අනුව රාහුගේ ග්‍රහණයට හසුව ඇත්තේ බුද පමණි.
ශනි 15 වෙනි අංශකයේ 40 වෙනි කලාවේත්, සිකුරු 24 අංශකයේ 36 වන කලාවේත් පිහිටා ඇති නිසා මෙම කේන්දර බැලු බැල්මට මෙම කේන්දරයේ බැලු බැල්මට කාල සර්පයක් ඇති බව ප්‍රකාශ කිරිමට ඇති වුවද භාව කේන්දරය අනුව බැලීමේදි කිසිම කාල සර්ප යෝගයක් යෙදී නැති බව ප්‍රථමයෙන් කිව යුතුය.
ඒ අනුව බාලාරිෂ්ට යෝග හෝ කාලසර්පයකට අනුව ඇතිවන රෝග ඇතිවිමක් නොපෙන්වයි. “

No comments:

Post a Comment