Sunday, January 5, 2014

විවාහස්ථානාධිපති (7) අනුව සහකරු/සහකාරිය ලග්නෙට අනුව


(මෙය පොදු විස්තරයකි. කේන්දර සටහන අනුව වෙනස් වනු ඇත)

මේෂ ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේ සිකුරුය.
ඒ අනුව මනා රූප ශෝභාවක් ඇති, අලංකාරවත්ව විනෝදයෙන් සිටීමට කැමති, කලා කටයුතු වලට හැකියාව ඇති කෙනෙක් විය හැක. වියදම් අධිකව කරයි. විවාහයද ඉක්මන් විය හැක. 
7 වැන්නේ සිකුරු සිටීම හෝ 7 වැන්න සිකුරුට දෘෂ්ඨි ලැබුනොත් පාප ග්‍රහ දෘෂ්ඨි නැතිව, ඉතා හොද කෙනෙක් ලැබෙන බව කියවේ.

වෘෂභ ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේ කුජය. මනා ශරීරයක් හිමි, නිර්භීත, අඥාදායක ගති ඇති කෙනෙක් විය හැක. විටෙක දරුණු කේන්තියක්ද තිබිය හැක. ප්‍රධානත්වය දරයි. එසේ වුවද 7 වැන්නේ කුජ සිටිම හෝ පාප දෘෂ්ඨි ලැබීම මත එතරම් යහපත් කෙනෙක් නොලැබිය හැක.

මිථුන ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේ ගුරුය. උගත් බුද්ධිමත් නිහතමානි කෙනෙක් විය හැක. අරපරිස්සමින් බුද්ධියෙන් කටයුතු කරයි. පවුල රැකගැනීමට කටයුතු කරයි. උපදෙස් දිය හැක. 7 වැන්න ගුරු සිටීමත්, පාප දෘෂ්ඨි නොවීමත් මත යහපත් කෙනෙක් විය හැක.

කටක ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේ ශනිය. ඒ අනුව දුක් කරදර විඳිය හැකි ඒවා යටපත් කිරීමට හැකියාව ඇති කෙනෙක් විය හැක. වයසින් වැඩි කෙනෙක් විය හැක. එසේ වුවද ගුණසම්පන්නය. ආගමට ලැදිය. දරුවන්ට සෙනෙහෙවන්තය. ශනි 7ට දිග් බල වුවද ශනි 7 සිටිම හෝ දෘෂ්ඨි නරක වුවොත් අයහපත් කෙනෙක් විය හැක.

සිංහ ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේද ශනිය. ශක්තියෙන් අනූන බාධක මැඩ පැවැත්විය හැකි ධෛර්යමත් කෙනෙක් විය හැක. ගුප්ත ශාස්ත්‍ර විශ්වාස කරයි. අසනීප ඇතිවිය හැක. ව්‍යාපාර වලට දක්ෂය. ශනි 7 සිටිම හෝ 7 දැක්කොත් එතරම් යහපත් නොවිය හැක.

කන්‍යා ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේ ගුරුය. ඒ අනුව උගත් බුද්ධිමත් කරුනාවන්ත නීතියට ගරු කරන කෙනෙක් විය හැක. මනා බුද්ධියක් ඇත. උගත් අය ඇසුරු කරයි. ඉහල සමාජයට යෑමට උවමනා කෙනෙක් විය හැක. යුක්ති සහගතය. ගුරු 7 දැකීම අන් අසුබ දෘෂ්ඨි නැතිවිම මත යහපත් කෙනෙක් විය හැක.

තුලා ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේ කුජය. ඒ අනුව කලබල ඇති කඩිසරද ගති ඇති කෙනෙක් වියහැක.ඉදහිට මුරණ්ඩුද වේ. අරපිරිමැස්ම අඩු විය හැක. ශක්තිමත්ය. ප්‍රධානත්වය ගනී. කුජ 7 සිටිම හෝ කුජ හෝ වෙනත් පාප දෘෂ්ඨි ලැබීම මත අයහපත් විය හැක.

වෘශ්චික ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේ සිකුරුය. ඉතාම විනෝදයෙන් කල් ගෙවන කෙනෙකි. සංගීතයට කැමතිය. හදිසියෙන් පෙම් කල හැක. ඉක්මන් විවාහයක් විය හැක. තම මතයට කටයුතු කරයි. එසේ වුවද දියුණුව ඇතිවේ. සැහැල්ලු හිතක් ඇත. වයස නොපෙනේ. 7 වැන්නෙ සිකුරු සිටීම හෝ සිකුරු 7 දැකීම හෝ පාප දෘෂ්ඨි නැතිවීමද අනුව යහපත් කෙනෙක් විය හැක.

ධනු ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේ බුදය. ඉතා බුද්ධිමත් උගත්කමෙන් අනූන කෙනෙක් විය හැක. බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් විය හැක. ධර්මයට ලැදි කෙනෙකි. පොත පත කියවන කෙනෙකි. සම සිතින් සියලු දේ දැරීමට හැක. මෘදු හිතක් ඇති විය හැක. 7 බුද සිටිම හෝ 7 වැන්න බුද දැකීමද පාප දෘස්ඨි නොතිබීමද මත බොහෝ යහපත් කෙනෙක් විය හැක.

මකර ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේ සඳුය. ඒ අනුව ඉතා අහිංසක ගති ඇති කෙනෙක් විය හැක. වැවීමට ප්‍රියයි. විටෙක කම්මැලිය. අහිංසක නිසා සිත් රිදවීම් ඇති කරගත හැක. සැහැල්ලුවෙන් සිටිමට කැමතිය. පවුලට හිතවත්ය, දරුවන්ට සෙනෙහෙවන්තය. සදු 7 සිටිම හෝ සදු 7 දැකිම පාප දෘෂ්ඨි නැතිව වේ නම් ඉතා සෙනෙහෙවන්ත කෙනෙක් වේ.

කුම්භ ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේ රවිය. ඒ අනුව එඩිතර ක්‍රියාශිලි කෙනෙක් විය හැක. ප්‍රධානත්වය දරයි. ක්‍රීඩා කරන කෙනෙකි. ව්‍යාපාර වලට සුබයි. කිසිවෙකු ගැන එතරම් නොතකයි. ආඩම්බර ගතිද ඇත. 7 රවි සිටිම 7 රවි දැකිම පාප දෘෂ්ඨි නැතිවිම මත පාලනයට නතු කරගන්නා කෙනෙක් ලැබිය හැක.


මීන ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේ බුදය. ඉතාම ගුණයහපත් ගති ඇති අහිංසක කෙනෙකි. කලා කටයුතු වලට දක්ෂය. සතුටින් සිටි. වැඩිය ජිවිතය ගැන කණගාටු නොවේ. මානව හිතවාදිය. ආගම දහමට ගරු කරයි. ගුණවත්ය. බුද 7 සිටිම, දැකිම හෝ අසුබ දෘස්ටි නැති නම් යහපත් වේ. 

No comments:

Post a Comment