Wednesday, January 1, 2014

ගණ දෙවියන් සෙනසුරු අපලයෙන් ගැලවුනු හැටි -

විශ්ව පාලක 'විෂ්ණු දෙවියන්‘ටත් සෙනසුරු අපලෙදි කැලේක ඉදගෙන බට කොළ කන්න උනාලු...

සියුම් ඥානයට අධිපති ගණ දෙවියන් මුණ ගැසීමට සෙනසුරු පැමිණියේය. 

“ හෙට ඉදන් ඔබටත් සෙනසුරු අපලය ඇරඹෙනවා, මෙන්න මේ වගෙ ඒව වේවි“ කියල සම්පූර්ණම විස්තරක් ලබාදී යන්නට සැරසුනේය.

ගණ දෙවියන් වහා කල්පනා කලේය. විෂ්ණු දෙවියන්ටත් බට කොළ කවපු සෙනසුරු දැන් මටත් ඒවගේ කරාවි, සිතා වහාම මෙසේ කීය. 

“ දැන් හෙට ඉදන් නේද ? මට ඕව අමතක වෙන්න පුලුවනි ඒනිසා මගේ බඩේ ඒක ලියල යන්න එතකොට මට මතක් වේවි“.

සෙනසුරුත් ගණ දෙවියන්ගේ බඩේ “හෙට සිට අපලයි” කියලා ලියල ගියාලු.

ඊලග දවසේ, සෙනසුරු ඇවිත් කිව්වලු, ඊයේ කියපු විදියට අද ඉදන් අපලය ඇරඹෙනවා කියල. 

“අද ඉඳන් නෙමෙයිනේ, ඔබතුමාමනේ ලියලා ගියේ හෙට සිට අපලයි කියලා. අද නෙවේ හෙට එන්න“ කියල ගණ දෙවියන් කිව්වලු.

ඒක බලපු සෙනසුරු අද ගියාලු. ඔය විදියට හැමදාම ඒක කලාලු.. අන්තිමට සෙනසුරුට තේරුනාලු ඒ වැඩේ නිසා කවදාවත් අපල කරන්න බැරි වෙන බව... අවසානයෙදි ගණ දෙවියන් අපලයෙන් බේරිලා තියෙනව.

* මේ කතාවෙන් ගම්‍ය වන්නේ අදාල අපලය කුමක් වුවද නිවරදිව එය ගැන පෙර විමසා බලා අදාල ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් එම අපලය බොහෝ දුරට සමනය කරගත හැකි බවයි...

No comments:

Post a Comment