Tuesday, December 31, 2013

මේ සතිය ලග්නෙට කොහොමද (දෙසැ.30 සිට )


මේෂ
ආදායම් අඩු නොවුනද වියදම් අධිකවීම ගැටළුවක් වීමට ඉඩ ඇත. ව්‍යාපාර හෝ රැකියාවකට කරන ලද ආයෝජනයකින් පාඩු සිදුවිය හැක.
උදව් උපකාර ලැබෙනු ඇත. අන් අය සමග සහයෝගයෙන් කටයුතු කල හැකි වනු ඇත.
අනවශ්‍ය වාද විවාද නිසා ගැටළු පැණ නැගිය හැක.
සතුරු බාධක පෙන්වයි. මිතුරන්ගේ උදව් නිසා කරදර බාධක දුරු වනු ඇත.
හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න. දෙපා ආරක්ෂා කරගන්න.

වෘෂභ
ආර්ථික තත්වය යහපත් වනු ඇත. නව ආදායම් මාර්ග උදාවේ. කරන කටයුතු වලට බාධා ඇතිවිය හැක. අන් අයව අනවශ්‍ය ලෙස විස්වාස නොකරන්න.
නව සැලසුම් අනුව කිරීමට සිටින කටයුතු වලටද බාධා ඇතිවිය හැක, ඉවසිලිවන්ත වන්න. කලකිරීම් ආදියෙදි බුද්ධිමත් වන්න.
අධ්‍යාපන කටයුතු වලට සුබයි.
පෙම් සබදතා වලට සුබයි. අවිවාහක අයට මංගල යෝග උදාවේ.

මිථුන
ආර්ථික තත්වය යහපත් වේ. ලාභ ලැබිය හැක. දේපල ලාබ හෝ වාසි තත්වයන් පෙන්වයි. හිතවතුන් හා සමග විනෝදවීමට අවස්ථා යෙදේ. කරන කටයුතු සාර්ථක වේ. නිර්මාණකරණයේ යෙදෙන අයට ඉතා සුබයි. විනෝද ගමන් යෙදිය හැක.
පෙම් සබදතා වල තීරණ ගත හැක. ඉක්මණ් තීරණ නොගන්න.

කටක
හදිසි ධනලාභ ඇතිවිය හැක. එසේ වුවද ආර්ථික තත්වය අයහපත් විය හැක.
හිතට කණගාටුව දනවන පුවත් ඇසීමට ඉඩ ඇත. අන් අය සමග සහයෝගයෙන් කටයුතු කල හැක. තනි මතයට කටයුතු නොකරන්න. එසේ නොවුවොත් චෝදනා ආදිය මෙන්ම සතුරන්ද ඇතිවීමට ඉඩ ඇත. රැකියාවේ හෝ ව්‍යාපාරයේ කල යුතු කටයුතු නොකිරීම ගැටළු ඇතිකරවන්නක් විය හැකි නිසා ඒ ගැනද සිතන්න.
ගෙදර කටයුතු වලට උනන්දු වන්න.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න - සෙම් රෝග

සිංහ
ආර්ථිකයේ දුර්වලතා ඇතිවිය හැක. දුර ගමන් ඇතිවිය හැක.
පෙම් සබදතා ආදියට නොයෙකුත් බාධක ඇතිවිය හැක. තම මතයටම කටයුතු නොකරන්න. සතුරන්ගෙන් බාධා ඇතිවිය හැක. රැකියාවට ව්‍යාපාරයට අදාල කටයුතු නිසි ලෙස ඉටු කරන්න.
ගේ දොර කටයුතු වෙනුවෙන් නිවරදිව කැපවන්න.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න - සෙම් රෝග

කන්‍යා
යම් යම් බාධක පෙන්වයි. එදිනෙදා කටයුතු කිරීමේදි බොහෝ දුස්කරතා ඇතිවිය හැක. ආර්ථික තත්වය අයහපත් නොවුවද බාධා නිසා ලාභ ඇතිවිම් වැනි ප්‍රමාදවීම් සිදුවිය හැක. අන් අයව අධික ලෙස විශ්වාස නොකරන්න. එයින් පාඩු විය හැක.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන කටයුතු වලට සුබයි.
නව පෙම් සබදතා ඇතිවිය හැක.
කරන කටයුතු වලින් ගැටළු පැමිණියද දිගටම එම කටයුතු අධිෂ්ඨානශීලිව කරන්න.
ආහාර පානාදිය ගැනීමේදිද පරිස්සම් වන්න.

තුලා
නව ආදායම් මාර්ග කෙරේ වැඩියෙන් කාලය නොයොදවන්න. රැකියා කටයුතු වල වෙනස්කම් ඇතිවිය හැක. බොහෝ කටයුතු වලින් එතරම් සාර්ථක ප්‍රතිඵල ඇති නොවුවද කණගාටු නොවන්න. ඒවා පසුකාලීනව හෝ සාර්ථක වනු ඇත. නව තීරණ ගැනීමට හැකියාව ලැබේ.
තනි මතයට කරන කටයුතු වලින් හිතවත් අයගේ අමනාපයට බදුන් විය හැක. ලග හිතවතෙකු වෙනුවෙන් කාලය ශ්‍රමය ධනය කැපකිරිමට සිදුවිය හැක.
සෞඛ්‍ය තත්වයේ ගැටළු ඇති නොවේ.

වෘශ්චික
ආර්ථික තත්වය යහපත් වනු ඇත. මුදල් ඉතිරි කිරීමට හැකියාව ලැබේ. තම කැපවීම දක්ෂකම නිසාම ආර්ථික වාසි මෙන්ම අන් අයගේ ප්‍රසාදයද හිමිවේ.
ඥාතින්ගෙන් වාසි, උපකාර ආදිය ලැබිය හැක.
අධ්‍යාපන කටයුතු වලට සුබයි.
පෙම් සබදතා වලට සුබයි.
අධික ගමන් බිමන් වලදි පරිස්සම් වන්න.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

ධනු
හිතට දුක කණගාටුව ඇතිවිය හැක. ආදායම් ලැබුනද වියදම ඊට වඩා වැඩිවීම නිසා කරදර ඇතිවිය හැක.
රැකියාවේ හා ව්‍යාපාරයේද කටයුතු වලදි ගැටළු ඇතිවිය හැක.
බොහෝ සතුරු කරදර බාධක ඇතිවීම, කරන කටයුතු වලට බාධා ඇතිවිම සිදුවිය හැක. මිතුරන් හා අනවශ්‍ය ගැටළු ඇතිවිය හැක. අන් අයගේ කටයුතු වලට මැදිහත් වීමෙන් තවත් අප්‍රසාදයට ලක්විය හැක.
සෞඛ්‍ය තත්වය ගැන, හදිසි අනතුරු ගැන අවදානමත් වන්න.
විසේසයෙන් විදුලිය හා ගින්න සම්බන්ධ කටයුතු වලින් පරිස්සම් වන්න.
එම නිසා මේ සතිය ඉතාම බුද්ධියෙන් ඉවසීමෙන් ගත කල යුතුය.

මකර
ආර්ථික ලාභ යෙදේ. එසේ වුවද වියදම් අධික විය හැක, අරපරිස්සම් වන්න. රැකියාව, ව්‍යාපාරය සාමාන්‍ය පරිදි සිදුවේ.
අන් අය අතර කැපී පෙනේ. උසස් අයගේ උදව් ලැබෙනු ඇත.
මෙතෙක් ප්‍රමාද වූ කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇත. ආගම දහමට සිත නැඹුරුවේ. දුර ගමන් යෙදිය හැක.
අධ්‍යාපන කටයුතු වලට යහපත්ය.
සෞඛ්‍ය තත්වය යහපත් වේ.

කුම්භ
තම බුද්ධියෙන් කටයුතු වලින් ජය ලැබේ. ඒවායින් ලාභ ලැබේ. විදෙස් ගතවීම් වලට මෙන්ම විදෙස් ගත ලැබීම්ද පෙන්වයි. දේපල සම්බන්ධ ගැටළු වාසි සහගත ලෙස විසදිය හැක. විනෝද අවස්ථා යෙදිය හැක.
දරුවන් වෙනුවෙන් කැපවීමට, දුක් වීමට කටයුතු ඇතිවිය හැක. හිතුවක්කාරයට ගන්නා තීරණ වලින් අන් අයගේ දෝෂදර්ශණයට ලක්විය හැක.
මේ අතර සිතට සතුට ඇතිවන සිදුවීම්ද විය හැක.
විනෝද අවස්ථා වලදි බුද්ධියෙන් කටයුතු කරන්න.

මීන
ආදායම් මාර්ග වලට බාධා ඇතිවිය හැක.
රැකියාවේ, ව්‍යාපාරයේ කටයුතු වලින් සිතට කණගාටුව ඇතිවිය හැක. එසේ වුවද කරන කටයුතු බුද්ධියෙන් සිතා බලා කරන්න. යහපත් මිතුරන්ගේ ආශ්‍රය අතහැර අසත්පුරුෂයන්ගෙන් මිත්‍රත්වය බලාපොරොත්තු නොවන්න.
ගෘහ ජීවිතයේ ගැටළු ඇතිවිය හැක. උදව් ලැබේ. අනවශ්‍ය ලෙස කැපවීම නිසා කරදර ඇතිවිය හැක. බුද්ධියෙන් කටයුතු කරන්න.

No comments:

Post a Comment