Monday, December 23, 2013

2013 අවසාන සතිය ලග්නෙට කොහොමද ?

 (24-31 සිට ඉදිරියට)

මේෂ
බොහෝ දෑ කිරීමට සිත් වන සතියකි.
ව්‍යාපාර කටයුතු, හවුල් ව්‍යාපාර කටයුතු වලට බොහෝ ලාභ ලැබෙනු ඇත.
අන් අය හා කරන කටයුතු වලදි ඉවසිලිවන්ත වන්න, බුද්ධිමත් වන්න. එසේ නොවුනහොත් අනවශ්‍ය හිත් අමනාපකම් ඇතිවිය හැක.
පෙම් සබදතා වලට බාධා ඇතිවිය හැක, බුද්ධිමත් වන්න.
හදිසි අනතුරු ගැන විමසිලිමත් වන්න.

වෘෂභ
විනෝද අවස්ථා, රසවත් ආහාර පාන ලැබෙන, ත්‍යාග ලැබෙන සතියකි. එසේ වුවද සිතට සතුට මද විය හැක. අනවශ්‍ය ලෙස කරුණු සිතට නොගන්න. සතුට ලැබෙන අවස්ථාවේ එම සතුට විඳින්න.
මේ නිසා අනවශ්‍ය කරදරද ඇතිවිය හැකි නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වය ගැන විසේසයෙන් අවදානමත් වන්න.
සතියේ අවසාන දින වලදි සෑම අතින්ම යහපත් වනු ඇත.

මිථුන
ආර්ථිකය යහපත් වේ. හදිසි ධනලාභ, වාසි ලැබේ. කරන කටයුතු සාර්ථක වේ. දේපල ලාභ පවා ඇතිවිය හැක.
ව්‍යාපාර දියුණු වේ.
හිතමිතුරන් ඇතිවේ.
විනෝද අවස්ථා යෙදේ. ප්‍රීතියෙන් ගතවනු ඇත. අලංකාර දෑ ලබාගත හැක.
කෙසේ වුවද අන් අය හා කරන කටයුතු වලදි බුද්ධිමත් වන්න.
ප්‍රීතිය ඇතිවුවද අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොකරගන්න.
එසේ වුවද මෙම සතුට මැද සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න (සෙම් රෝග)

කටක
රැකියාවේ දියුණුව ඇතිවේ, මෙතෙක් පැවති බාධා දුරුවනු ඇත. ‍
ව්‍යාපාර කටයුතු දියුණු වේ.
නව පෙම් සබදතා ඇතිවිය හැක, මංගල යෝග ඇතිවෙන, විවාහයට අවස්ථා පවා ඇතිවේ. විවාහ ජීවිතය ප්‍රීතිමත් වේ. ගෙදර අලුත් වැඩියා ආදියට කටයුතු කරන සතියකි. අලංකාරවත්ව සිටීමට, විනෝදවීමට සිතන සතියකි.
නිර්මාණකරණයේ යෙදෙන අයට විසේසයෙන් සුබයි.

සිංහ
සිතට සතුට ලැබෙන සතියකි. මනසට සැහැල්ලුවක් ලැබේ.
හදිසි ප්‍රේම සබදතා ඇතිවිය හැකි නිසා බුද්ධිමත් වන්න. ඉවසිලිවන්ත වීමෙන් පවුල් ජීවිතයේ ආරක්ෂාව, සතුට වෙනුවෙන් කටයුතු කරන්න.
හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න, සෙම් රෝග වලින් පරිස්සම් වන්න.

කන්‍යා
ආර්ථික වශයෙන් යහපත්ය. ලාබ ලැබේ.
දුර ගමන් යෙදේ. ඒවායෙන් සිතට එතරම් සතුටක් නොලැබිය හැක.
අරපරිස්සම් වන්න.
කරන කටයුතු සඵල වේ. අන් අයගේ පිලිගැනීමට ලක්වේ. තම වචන නිසා අන් අයගේ උදව් ලැබිය හැක.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

තුලා
ක්‍රියාශීලි වන සතියකි.
බොහෝ ලාභ ලැබිය හැකි සුබ සතියකි. යහපත් මිතුරන් ඇතිවේ. අන් අය අතර කැපී පෙනේ. අන් අයගේ උදව් ලැබේ.
රෝගාබාධ වලින් පරිස්සම් වන්න.
* හදිසි අනතුරු වලින් විසේසයෙන් පරිස්සම් වන්න.

වෘශ්චික
ආර්ථික තත්වය යහපත් වේ. ලාභ, වාසි ලැබේ. උදව් ලැබේ. රැකියාවේ උසස් වීම් දියුණුව ඇතිවේ.
දෙමාපියන්ගෙන් ආදරය කරුණාව වෙනදාට වඩා ලැබෙන සතියකි. දේපල ලාබ ආදිය ඇතිවිය හැක. ලාබ ලැබුනද ඒවා බුද්ධිමත්ව භාවිත නොකලොත් නිෂ්ඵල කටයුතු වෙනුවෙන් භාවිත විය හැක.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

ධනු
දුර ගමන් අධිකව යෙදිය හැක. ආගම දහමට සිත නැඹුරු වේ. නිර්මාණ කටයුතු වල යෙදෙන අයට බොහෝ සුබයි. අධ්‍යාපන කටයුතු වලට සුබයි. ඒවා නිසා ජිවිතයේ ජය ලබාගැනීම් වලට සුබයි. අන් අය අතර කැපී පෙනෙන සතියකි. උදව් උපකාර ලැබේ.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

මකර
සතිය මුල එතරම් සුබ නැත. සිතට දුක ඇතිවිය හැක. දුක්ඛදායක ආරංචි සතිය මුලදි ඇතිවිය හැක.
සතියේ මුල් දින කීපයට පසුව මංගල යෝග යෙදේ. කරන කටයුතු සඵල වේ. රැකියාවේ උසස්වීම් පවා හිමිවිය හැක. සිතට සතුට ලැබේ. විනෝදයෙන් සැහැල්ලුවෙන් කටයුතු කිරීමට සිතන සතියකි. ආගම දහමට සිත නැඹුරු වේ.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

කුම්භ
සිතට සතුට, සැනසීම ලැබෙන සතියකි.
විනෝද අවස්ථා, තෑගි, රසවත් ආහාරපාන ලැබිය හැකි සුබ සතියකි. මෙම ප්‍රීති අවස්ථා මනාවට භාවිත නොකලොත් අනවශ්‍ය කරදර ඇතිවිය හැක. අනවශ්‍ය වියදම් වලින් පරිස්සම් වන්න.
* හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න . බුද්ධියෙන් කටයුතු කිරීමෙන් සුබ සතියක් කරගත හැක.

මීන
සියලු කටයුතු සාර්ථක වන සතියකි. ජය ලැබේ. සිතට සතුට ලැබේ.
අනවශ්‍ය බහින්බස්වීම් වලට නොපැටලෙන්න. බුද්ධිමත්ව කටයුතු කරන්න.
* එසේ වුවද විසේසයෙන් සති අවසාන කාල වලදි බොහෝ පරිස්සම් වන්න. හදිසි අනතුරු පෙන්වන නිසා ඉතාම පරිස්සම් විය යුතුය.

ඉරු සේවය

කේන්දර සටහනේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව මෙන්ම,
අපල ආදියට ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ, යහපත උදාකරණ ආකර්ෂණ යන්ත්‍ර,
නම් තැබීම(පුද්ගල, ව්‍යාපාර), නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

No comments:

Post a Comment