Tuesday, January 21, 2014

ශාන්ති කර්ම වලට විශාල කැපකිරීම්, වියදම් යන්නෙ ඇයි ?

ග්‍රහ අපල වලට කරන ශාන්ති කර්ම වලට විශාල කැපවීමක් මෙන්ම වියදම් දැරීමට සිදුවීම බොහෝ දෙනෙකුගේ පුදුම සහගත මෙන්ම කරදරකාරි දෙයක් වී ඇත. එසේම එක කාලයක අපලයකට ශාන්ති කර්ම සිදුකර තවත් අපලයක් පැමිණි විට එයටද ශාන්ති කර්ම කිරීමට සිදුවීමටද අකමැති බව පෙනේ.

මුලින්ම අප වටහාගත යුත්තෙ අපල ලෙස කේන්දරයේ දැක්වෙන්නෙ අප විසින් පෙර කරන ලද අකුසල වැනි දෑ බවයි. ඒවා සමනය කිරීම පහසු නැත. යම් අකුසලයක් කර ඇත්නම් එයට විපාක හිමිවේ. ශාන්ති කර්ම වලින් සිදු කරනුයෙ එම අපල වලට යම් හෝ සහනයක් සිදුකිරීමට උත්සහ ගැනීමයි.

අපල වල බාධා අඩුකිරීමට කරන විවිධාකාර ක්‍රම ඇත. දැන් කියන්නට බලාපොරොත්තු වන්නෙ ශාන්ති කර්ම ආදි වෙහෙස ගෙන කරන දේවල් ගැනයි.
එවන් ශාන්ති කර්ම වලදි යන්තර සූත්‍ර ආදිය ජපකර පැළැන්දවීම සිදු කරයි. එහිදී එම යන්ත්‍රය ජප කරන තැනැත්තා කවරෙකු වුවද ඔහු මනා පැවැත්මෙන් සිටිය යුතුය. එනම් සිල්වතෙකු විය යුතුය. ඊට අමතරව මස් මාංශ, මත් වතුර ආදියෙන් දුරුවී සිටීම අනිවාර්ය වේ. ජප කරන දිනවලදි ඔහුගේ පැවැත්ම නිවරදිවීම අතිශයින් අවශ්‍ය වන්නෙ එසේ නොවුනොත් සුභ පල අඩුවිය හැකි බැවිනි.

මෙසේ ජප කිරීමද පහසු නැත 108, 1800, 18000 පමණක් නොව ලක්ෂ වාරයක් පමණ මැතිරීමටද සිදුවේ. ඒවාට බොහෝ කාලයක් ගතවේ...
* අපල ඇති තැනැත්තාගේ අපල ජපකරන්නාට පැමිණීමක්ද මෙහිදී සිදුවේ. එවිට ජප කරන්නා එයින් ආරක්ෂාවීමට නැවත ආරක්ෂා කරගැනීම් කල යුතුය. ( එම කටයුතු කරන අය හිටි හැටියේ ලෙඩ වන්නෙ, මරණයට පත් වන්නෙ එම හේතු නිසාය)

එනිසා මේ කටයුතු සුළු පටු ඒවා නොවේ. ශාන්ති කර්ම කරන්නෙ නම් ඒවා දැනගෙන කරගැනීම මැනවි.

No comments:

Post a Comment