Saturday, January 4, 2014

__ කේන්දර සටහනේ 8 වැන්න අධිපති ග්‍රහයා සහ පොදු කරුණු __

__


පොදුවේ සිකුරු, ගුරු හැර අන් ග්‍රහයන් 8ට එතරම් සුබ නැත. 

රවි 8 සිටිම කරදර බාධක පෙන්වයි.
සඳු/චන්ද්‍රයා 8ට ඉතා අයහපත්ය. මවට අපල අතර ජලයෙන්ද පරිස්සම් විය යුතුය. එසේ වුවද චන්ද්‍රයා 8 බලවත් වීම විවාහයෙන් දායාද ලැබීමට හේතු වේ.
8 වැන්නට කුජ ඉතා අයහපත් වන අතර, වෛධාව යෝගයකි. බාල කාලයේ ඉතා පරිස්සම් විය යුතුය, හදිසි අනතුරු වලට ලක්වීමටත් පව්කම් වලට පෙළඹීමටත් හේතු විය හැක. පාප දෘෂ්ඨි ලබා ඇත්නම් එම අයහපත් තත්වයන් තීව්ර වේ. 
රාහු 8 වැන්නට අසුබය. උෂ්ණ රෝග සෑදිමට සිහිකල්පනාව අඩුවිමට හේතු විය හැක, බලවත්ව සුබ දෘෂ්ඨි සහිතව යෙදුනොත් සුභ පල ලැබෙනු ඇත.
සිකුරු 8 වැන්නට යහපත්ය. බලවත්ව යෙදුනොත් ශාන්ත මරණයක් මෙන්ම, විවාහයෙන් දායාද හිමිවේ. විවාහ දිවිය යහපත් වේ. ව්‍යාපාර වලින් අධික ලාබ ලැබෙන පිහිටීමකි.


* මේෂ ලග්න හිමියන්ට 8 අධිපති වන කුජ කේන්දරයේ යහපත්ව සිටී නම් සුබ පල ලැබේ. විසේසයෙන් බලවත්ව 2, 4, 5, 10, 11 යන ස්ථානයක සිටී නම් විසේස සුභ පල හිමිය.

* වෘෂභ ලග්න හිමියන්ට 8 අධිපති වන ගුරු බලවත්ව සිටියොත් සුබයි.
විසේසයෙන් බලවත්ව 5 හෝ 9 තැනක සිටී නම් දීර්ඝායුෂ ලැබේ.

* මිථුන ලග්න හිමියන්ට 8 අධිපති වන ශනි ග්‍රහයා සුභ දෘෂ්ඨි සහිතව සිටියොත් සුබයි. බලවත්ව 1, 4, 7, 9, 10, 11 ස්ථානයක සිටී නම් බොහෝ සුභ පල ලැබෙනු ඇත.

* කටක ලග්න හිමියන්ට 8 අධිපති වන ශනි බලවත්ව කේන්දරයේ පිහිටා සිටියොත් එය ඉතා සුභ පල ලැබෙන පිහිටීමකි. නොසිතන තරමේ හදිසි ධනලාභ, වස්තු ලාභ ලැබෙන පිහිටිමකි.

* සිංහ ලග්න හිමියන්ට 8 අධිපති වන ගුරු ග්‍රහයාද සුභ දෘෂ්ඨි ලබමින් සිටියොත් දීර්ඝායුෂ ලැබේ. සඳුට පෙනේ නම් මවගේ සියලු දේපල ලබයි. රවිට පෙනේ නම් පියාගෙන්ද දේපල හිමිවේ. විවාහයෙන් නොසිතූ තරම් වස්තු ලාභ ලැබේ.

* කන්‍යා ලග්න හිමියන්ට 8 අධිපති වන කුජ 8 වැන්නෙ බලවත්ව සිටියොත් දීර්ඝායුෂ ලැබේ, එහෙත් එතරම් සුබ නැත. දුර්වලව සිටි නම් බාල වයසෙදිම මරණයට පවා පත්විය හැක.

* තුලා ලග්න හිමියන්ට 8 අධිපති වන සිකුරු ග්‍රහයා බලවත්ව සිටිම ස්වභාවික මරණයකට මෙන්ම ව්‍යාපාර වලින් ලාබ ලබන පිහිටිමකි. යුග දිවිය වාසනාවන්ත වනු ඇත. සිකුරු නීච වුවද එතරම් ගැටළුවක් නොවේ.

* වෘශ්චික ලග්න හිමියන්ට 8 අධිපති වන කුජ යහපත්ව පිහිටියොත් සුබයි. නැතිනම් ජිවිත හානි පවා ඇතිවිය හැක.

* ධනු ලග්න හිමියන්ට 8 අධිපති වන සඳු/චන්ද්‍රයා බලවත් වීමෙන් ආයුෂ වර්ධනය වේ.

* මකර ලග්න හිමියන්ට 8 අධිපති වන රවි බලවත්ව සිටී නම් ආයුෂ ලැබෙන අතර එසේ නොවීමෙන් අකල් මරණ මෙන්ම දරුණු රෝගද ඇතිවිය හැක.

* කුම්භ ලග්න හිමියන්ට 8 අධිපති බුද බලවත් නම් සුබයි. දුර්වලව අශුභ දෘෂ්ඨි ලබයි නම් ධන හානි, වස්තු හානි, රෝගා බාධ ඇතිවිය හැක.

* මීන ලග්න හිමියන්ට 8 අධිපති සිකුරු 8 වැන්නෙම සිටිමෙන් බොහෝ සුබ පල ලැබිය හැකි අතර, දුර්වලව පිහිටියොත් එසේ නොවේ. 

No comments:

Post a Comment