Thursday, January 30, 2014

_අධික කාමාශාව ඇති වීමට ජෞතිෂ්‍යයෙන් පෙන්වන හේතු__

උපත ලබන සෑම සත්වයෙක්ම ආහාර පාන, වාතය, ජලය ආදියෙන් යැපෙනු ලැබෙයි. ඒ මූලික අවශ්‍යතාවයන් අතර සියල්ලන්ට පොදු ධර්මතාවයකුත් ඇත.
එනම් ලිංගික ආශාවයි.
මෙහිදී අප සඳහන් කරන්නේ, ලිංගික ආශාව සමහර උදවියට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම පොදුවේ අසාමාන්‍ය ලෙස වැඩිවී තිබීමයි. මෙවැන්නකට හේතු සොයා බලමු.

යම් ජන්මියෙකුගේ කේන්දර සටහනේ, මෙවැනි ග්‍රහ යෝග ඇත්නම් එම තත්වයට පත්වීමට බොහෝ සෙයින් ඉඩ ඇත.

* කාමාශාව උද්දීපනය ප්‍රබලම ග්‍රහයන් වන්නේ, කුජ, සිකුරු හා සඳුය.

කුජ ග්‍රහයා හඳුන්වන්නේ තරුණ දාමරික කාමුක හැඟීම් මනුෂ්‍යයන්ට දනවන කෙනෙක් අයුරින්ය.
කුජ පාපි ග්‍රහයෙකි. කුජ කාමාශාවට මුල් තැනක් දෙයි.
සිකුරු ස්ත්‍රී ග්‍රහයෙක් වන අතර කාමාශාව දියුණු කිරීමට සිකුරුගෙන් උදව් උපකාර ලැබේ.
සඳු ග්‍රහයා සිතිවිලි වලට අධිපති බැවින්, මෙම ග්‍රහයාට සිකුරු හෝ කුජගේ දෘෂ්ඨි වැටීම කාමාශාව වැඩිවීමට හේතු වේ.

* කෙසේ වෙතත් මෙම කුජ සිකුරු එකට පිහිටා තිබිම ලිංගික ශක්තිය උපරිමයට වැඩි කිරීමට හේතුවක් වේ.
* තවද පුරුෂයෙකුගේ කුජ චන්ද්‍ර 7 පිහිටා තිබීම, ඉතාම ශක්තිමත් එමෙන්ම ජනක ශක්තිය වැඩි ලිංගික අවයව පද්ධතියක් ඇති කිරීමට හේතුවේ.
* මෙවැනි පිරිමින්ට අජානේය අශ්වයෙකුගේ මෙන් ශක්තිමත්ව ලිංගික කටයුතු වල යෙදීමට හේතුවේ. මෙවන් අයට කාන්තාවන් වශී කරගැනීමේ පුදුමාකර හැකියාවක්ද ඇත.

* එමෙන්ම ස්ත්‍රි කේන්දර සටහනක “කුජ චන්ද්‍ර සිකුරු“ යෝගයක් 7 වැන්නේ පිහිටා සිටියහොත් ඉතාම සුන්දර පියයුරු යුවලක් සහ විසේස හැඩයකින් යුතු සහ ශක්තිමත් යෝනි පෙදෙසක් හිමිය.
මෙවන් ග්‍රහ පිහිටිම් ඇති කාන්තාවට පිරිමින් වසඟ වේ.

මෙවන් ග්‍රහයෝග ඇතිවිට “පාප දෘෂ්ඨි වලට“ හසුවන්නේ නම්, විවාහ ජීවිත දෙදරා යාම, කාන්තාවන් අනාචාරයේ හැසිරීම, පිරිමින්ට බහු ස්ත්‍රි සේවනය ආදි සමාජීය විපර්යාස වලට බඳුන් වීමට පොදුවේ ඉඩ ඇත.

__කුජ සිකුරුගේ කේන්දර සටහනේ ස්ථානය අනුව විය හැකි පොදු ඵල ගැන විස්තරයක් පසුවට බලාපොරොත්තු වන්න..

No comments:

Post a Comment