Tuesday, January 14, 2014

අපල වෙනස් කරගන්නට..

යම් යම් අවස්ථා වල කේන්දර සටහනේ තිබෙන තත්වයන් හා පවතින දසා අතුරු දසා විදසා යනාදිය පරික්ෂා කර ජෞතිර්වේදින් විසින් විවිධ මත ප්‍රකාශ කරනවා. 
ඒවාට මූලික හේතු වන්නේ තමන්ගේ දැනීම, උගත්කම හා අත්දැකීම්..

විටෙක මෙම අනාවැකි නිශ්චිතවම වෙන ලෙස පවනවා. උදාහරණකට, අනතුරු සිදුවීම, විවාහය දෙදරායාම ආදි අනාවැකි නිශ්චිතවම වෙන ලෙස කීම නොසන්සුන් විය හැකි කරුණකි. 

කේන්දර සටහනේ ඇත්තේ කර්ම ශක්තිය ගැනයි, කර්මය වෙනස් කල හැකි බව බුදුන්වහන්සේ පවා දේශනා කර ඇත. එනිසා අනතුරක් සිදුවන කෙනෙකුට යහපත් පැවැත්මෙන් හිඳීමෙන්, පින්කම් කිරීමෙන්, සැලකිල්ලෙන් කටයුතු කිරීමෙන් හා අදාල ශාන්ති කර්ම වල නිරත වීමෙන් එම අනතුරු වලින් මිදිය හැක.

උදාහරණයකට ඔබ කුඩයක් නැතිව ගමනක් ගිය අවස්ථාවකදි වැස්සක් කඩා හැලුනොත්, තෙමි තෙමි ගෙදර ඒම, වැස්ස අවසන් වනතුරු ඉවසා සිටීම, අඳුනන කෙනෙකුගෙන් කුඩයක් ඉල්ලා ගැනීම/කුඩයක් මිලට ගෙන ගෙදර පැමිණීම/රථයක ගැන ගෙදරට පැමිණීම ආදි බොහෝ ක්‍රම වලින් එම තත්වය මඟහැර ගැනීමට හැක.

No comments:

Post a Comment