Wednesday, January 15, 2014

ජෞතිෂ්‍යය ගැන මඳ දැනුම ඉතා භයානකය.

කේන්දර කොටු වල තිබෙන දෑ ගැන පොත් වල තිබෙන ආකාරයට බලා සහ කේන්දර කොටුවේ සිටින ග්‍රහයන්, එකී ග්‍රහයන්ට ඇති දෘෂ්ඨී වලින් පමණක් කේන්දර සටහන් නිවරදිව කිව නොහැක.
ඒවායෙන් යම් තරමක නිවරදි දෙයක් කිව හැක.

පෙරේදා බලන ලද දරුවෙකුගේ කේන්දර සටහනක බැලූ බැල්මට අර්ධ කාල සර්ප යෝගයක් පෙන්වන අතර කෙනෙකු එයට කාල සර්ප යෝගයක් ඇති මරණයට ලංව ඇති කේන්දරයක් ලෙසද තවත් කෙනෙකු විසින් එයට ඇති අර්ධ කාල සර්ප යෝගයත් ගතවන පාප දසාවනුත් නිසා අබ්බගාතවී එක්තැන්ව ජිවිතය ගත කිරීමට ඉඩ ඇති බවත් පවසා ඇත.

එම දරුවා ජීවත්ව සිටින අතර ලෙඩ රෝග තිබුනද අබ්බගාත හෝ එවන් අවාසනාවන්ත තත්වයක නැත. එම කේන්දර සටහන වාසනාවන්ත, ප්‍රබල කේන්දර සටහනකි. මුල් කාලයේ අපහසුවෙන් කටයුතු කරන එකකි. මාරක අපල නැති අතර නිවරදි ශාන්ති කර්ම වලින් සාර්ථක ජීවිතයකට ඉඩ සලසා ගත හැකි බව පෙනී ඇත.

ඕනෑම දෙයක් කල යුත්තේ නිවරදිවම දන්නා කෙනෙකු විසිනි. වෛද්‍ය ශිෂ්‍යයෙක් සම්පූර්ණ වගකීම ගෙන ශල්‍යකර්ම කරන්නේ නැත, ඉංජිනේරු ශිෂ්‍යයෙකුද සම්පූර්ණ වගකීම ගෙන ඉදිකිරීම් ආදිය කරන්නෙ නැත.
එසේ කිරීම ලොකු අවධානමක් ගැනීමකි.

ජෞතිෂ්‍ය ඉගෙන ගන්නා සහ ඉගෙනීමට බලාපොරොත්තු අය විසින් මෙය දත යුතුය. නිවරදිව ඉගෙන ගෙන සහ ‘ප්‍රායෝගිකව‘ එම තත්වයන් අත්දැක අත් විඳ, පර්යේෂණ කර පමණක් කේන්දර සටහන් ගැන විස්තර කීම කල යුතුය.
නක්ෂත්‍ර සූචක වැනි බොරුකාරව මඳ දැනුමකින් වැරදි පලාපල කියා ජනතාවට අයහපත කැන්දන අය, රෞරව නම් දුක්ඛිත නරකයට යන බව “පරාශර“ ඍෂිතුමා විසින් පවසා ඇත.

සිතා බලා කටයුතු කරන්න.
බුදු සරණයි !

No comments:

Post a Comment