Saturday, January 18, 2014

“ බාධක ග්‍රහයා “ කවුද ?

කේන්දර සටහනක් පිලිබදව විස්තර කිරීමේදී ගතවන මහ දසා අතුරු දසා, විදසා මෙන්ම ගෝචර පලද ප්‍රකාශ කරන අතර දශාධිපතින්ගේ වෙනස්කම් ආදිය පවසයි.
නිතර කතා නොකලද කේන්දර විස්තර පැවසීමේදී “බාධක ග්‍රහයා“ ද වැදගත් වේ.
බාධක ග්‍රහයා යනු බාධා, දුෂ්කරතා ඇති කරන්නෙකි.

රාශි 12 චර රාශි, තිර රාශි, උභය රාශි ලෙස වර්ග 3කට බෙදයි.

ඒ අනුව චර රාශි 4
මේෂ, කටක, තුලා, මකර
චර රාශි වල බාධක රාශිය වන්නෙ 11 වැන්නය.

තිර රාශි 4
වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ
තිර රාශි වල බාධක රාශිය වන්නේ 9 වැන්නය.

උභය රාශි 4
මිථුන, කන්‍යා, ධනු, මීන
උභය රාශි වල බාධක රාශිය 7 වැන්නය.

ඒ අනුව ලග්න 12ට බාධක ග්‍රහයන් මෙසේය.

මේෂ - 11වැන්නාධිපති කුම්භ = ශනි

වෘෂභ - 9 වැන්නාධිපති මකර = ශනි

මිථුන - 7 වැන්නාධිපති ධනු = ගුරු

කටක - 11 වැන්නාධිපති වෘෂභ = සිකුරු

සිංහ - 9 වැන්නාධිපති මේෂ = කුජ

කන්‍යා - 7 වැන්නාධිපති මීන = ගුරු

තුලා - 11 වැන්නාධිපති සිංහ = රවි

වෘශ්චික - 9 වැන්නාධිපති කටක = චන්ද්‍ර

ධනු - 7 වැන්නාධිපති මිථුන = බුද

මකර - 11 වැන්නාධිපති වෘශ්චික = කුජ

කුම්භ - 9 වැන්නාධිපති තුලා = සිකුරු

මීන - 7 වැන්නාධිපති කන්‍යා = බුද

No comments:

Post a Comment