Wednesday, January 15, 2014

කේන්දර සටහනක් බලා කරන විග්‍රහය පරිපූර්ණ වන්නේ අදාල පරිදි ශාන්තිකර්ම හෝ කල යුතු දෑ කිරීමෙනි.
සුබ ඵල වැඩි කරගැනීමටත්, අසුබ පල අඩු කරගැනීමටත් මෙවන් ශාන්ති කර්ම කරනු ලබයි.

එහිදී එම යන්ත්‍රය ජප කරන තැනැත්තා කවරෙකු වුවද ඔහු මනා පැවැත්මෙන් සිටිය යුතුය. එනම් සිල්වතෙකු විය යුතුය. ඊට අමතරව මස් මාංශ, මත් වතුර ආදියෙන් දුරුවී සිටීම අනිවාර්ය වේ. ලිංගික ජීවිතයෙන්ද ඈත්ව සිටීම වඩා වැදගත්ය.
ජප කරන දිනවලදි ඔහුගේ පැවැත්ම නිවරදිවීම අතිශයින් අවශ්‍ය වන්නෙ එසේ නොවුනොත් අපේක්ෂිත ඵල ලැබෙන්නේ නැත.

අදාල ශාන්ති කර්ම කරන පුද්ගලයා වසර 20-30ක් පමණවත් එම කාර්යයේ නිරත වන්නෙකු වන්නෙ නම් හා සිල්වන්ත නම් එය වැදගත් වේ.
එසේ නොවී අඩු ගණනට කරන්නට හෝ හිතවත්කම් අනුව සීලයේ නොපිහිටි පුද්ගලයන්ට කියා ශාන්ති කර්ම කරගැනීමෙන් පසු සිදුවන්නේ තමන්ට අයහපතක් වන අතර එයින් පසු දන්න දන්නා අයට ජෞතිෂ්‍යයද බොරුවක් බව කියමින් තමන්ගේ දැනමුතුකම පානා බොහෝ අය වෙති.

No comments:

Post a Comment