Wednesday, January 22, 2014

රාහු කේතු ගැන යමක්..

රාහු කේතු යනු පූර්ණ ග්‍රහයන් නොව ඡායා ග්‍රහයන්ය. එනිසා බලපෑම අඩු බව සිතුවත් ජෞතිෂ්‍යයේදි රාහු කේතු ඉතා වැදගත් වේ. දෙදෙනාගේ විශේෂත්වය නම් දෙදෙනාම එකිනෙකාගෙන් 7 වැන්නෙ පිහිටීමයි. (බලන්න ඔබේ කේන්ද්‍ර සටහනේත් රාහු සහ කේතු සිටින්නේ එකිනෙකාට 7ක් දුරින් බව)

රාහු කේතු එක් පසක වෙනත් ග්‍රහයන් නොපිහිටීමෙන් “කාල සර්ප යෝගය“ නැමති බලවත් අකුසලයක් නිසා ඇතිවන යෝගයක් ඇතිවේ.
කාල සර්ප යෝගයද 6 ආකාරයකට යෙදේ. කාල සර්ප යෝගයේ රාහු කේතු, ගුරු ග්‍රහයාට නොපෙනේ නම් එහි ප්‍රතිඵල දරුණු විය හැකි බව පොදුවේ පිලිගනි.

රාහු ජෞතිෂ්‍යයේ කියවෙන්නේ නාග හිසක් සහිත මිනිස් හිසක් ඇති කෙනෙකු ලෙසය.
කේතු මිනිස් හිසක් ඇති නාග කඳක් ඇති කෙනෙකු ලෙසය.
එනිසා රාහු බලය වැඩි අය නිතර ඇවිදින බවද කේතු බලය වැඩි අයට ඉගෙනීමට හැකි බවද පොදුවේ කියයි.

පසුවට කාලසර්ප යෝගය ගැනද රාහු - කේතු කේන්දර වල සිටින කොටුව අනුව පොදු විස්තරයක් ලබාදීමට බලාපොරොත්තු වෙමු.

No comments:

Post a Comment