Thursday, January 9, 2014

දුකට අධිපති ශනි/සෙනසුරු කේන්දරයේ සිටින්නෙ කොහේද ?

ශනි/සෙනසුරු 1

බොහෝවිට කෙට්ටු ශරීරයකි. එසේ වුවද මකර, කුම්භ, තුලා හෝ ධනු ලග්න වල නම් ස්ථුල විය හැක. තනියෙන් කටයුතු කිරීමට කැමතිය. දියුණුව සෙමින් ලැබේ, සමහරවිට ප්‍රමාදවී ලැබේ. බොහෝ මහන්සි විය හැක. ධනවත් විය හැක. ප්‍රසිද්ධ විය හැක. ආත්මාර්ථකාමි ගතිද ඇත.

ශනි/සෙනසුරු 2

මෙය පොදුවේ බිරිදට හා ජීවිතයට අයහපත්ය. බොහෝ සතුරන් හිත් අමනාප අය ඇතිවිය හැක. රෝග සෑදිමටද ඉඩ ඇත. කෙසේ වුවද බලවත්ව ශනි සිටියොත් මෙම තත්වයන් දුරුවේ.
ශනි 2 අයගේ විසේස ලක්ෂණයක් නම් මුදල් නිකරුනේ වියදම් කිරීමයි. කෙසේ වුවද ශනි යහපත්ව සිටී නම් ව්‍යාපාර ආදියෙන් දියුණු විය හැක. කෘෂිකර්මාන්තාදියෙන් දියුණු විය හැක. දුර්වලව ශනි සිටි නම් ශනි මහ දසා ශනි අතුරු දසා වලදි පරිස්සම් විය යුතුයි.

ශනි/සෙනසුරු 3

හොද පිහිටීමකි. එසේ වුවද ඥාතින් විරුද්ධ විය හැක. ඥාතින් සමග ව්‍යාපාර ආදියට සුදුසු නැත. බොහෝවිට උපන් ප්‍රදේශයෙන් දුරස් වේ. වික්‍රමාන්විත කටයුතු ඇත. සතුරන් පරාජය කරන්නෙකි. අනිකුත් ග්‍රහ තත්වයන් සුබ නම් බොහෝ සුබ විය හැක.

ශනි/සෙනසුරු 4
උපන් පෙදෙසින් දුරස් විය හැක. දේපල සම්බන්ධ ගැටළු ඇතිවිය හැක. සිරුර කෙට්ටු විය හැක. දුර්වල නම් ස්ථිර වාසස්ථාන නැති විය හැක. නෑයන් උදෙසා බොහෝ වියදම් කිරීමට ඉඩ ඇත. බලවත් නම් අසුබ පල දුරුවී තේජස් වන්ත වේ. දුක සැප සම සිතින් දරයි.
දේපල ලාබ ලැබේ. ස්ථිර අදහස් ඇත. ජිවිතාවබෝධයක්ද ඇත.

ශනි/සෙනසුරු 5

දරුවන් අඩුවිය හැක. අධ්‍යාපනය අතරමගදි කඩාකප්පල් විය හැක. එසේ වුවද ව්‍යාපාර වලින් මහා ලාභ ලබයි. පෙම් සබදතා ආදියටද අසුබ පිහිටීමකි. බලවත්ව සිටියොත් ඉතා සුබයි. යහපත් පිහිටිමකි.

ශනි/සෙනසුරු 6

සතුරන් පරාජය කරන කෙනෙක් වෙයි. බලවත්ව සිටියොත් ඉතා සුබයි. එසේ වුවද දුර්වල නම් රෝගාබාධ ඇති, විසේසයෙන් තුවාල, උදාරාබාධ ඇතිවිය හැක.

ශනි/සෙනසුරු 7

මෙතනට ශනි දිග් බලය. එය සුබයි. විවාහය ප්‍රමාද වීමට ඉඩ ඇත. බලවත් නම් ඉතා සුබයි. නියම කාලයේදි විවාහය වීමට ඉඩ ඇත. නිරෝගී වේ, ස්වාමියා/භාර්යාවගෙන් වස්තු ලැබේ. එසේ විමට පාප දෘෂ්ඨිද නැතිවිය යුතුය.

ශනි/සෙනසුරු 8

8ට කිසිවෙකු සුබ නැති අතර 8 වැන්නේ ශනි පිහිටීම උපතින්ම ඒරාෂ්ඨක තත්වයකි. එනම් අපහසුවෙන් උපදී. එසේ වුවද ශනි 8 සිටින අයගේ ආයුෂ රැකේ. දරුණු රෝගාබාධිය ඇතිවිය හැක. වාසනාව අඩුවිය හැක. ලාභ අඩුවේ. සුබ දෘෂ්ඨි ලබා බලවත්ව සිටියොත් නරක ප්‍රතිඵල නැතීවී සුබ පල ලබයි. හදිසි ධනය හොද ඉගෙනුමක් ලබයි.

ශනි/සෙනසුරු 9

ශනි 9 සිටින අය පැවිදි ජීවිත වලට ඇලුම් කරයි. ආගම දහමට ඇත්තේ අධික භක්තියකි. එය අන්ධ භක්තියක් මෙන් පෙනේ. දර්ශන ඥානය ඇත. ජෞතිෂ්‍ය වැනි ශාස්ත්‍රද ඉගෙනීමට කැමතිය. උසස් ගති ඇත. එහෙත් ධනය සෙවිමට වැඩියෙන් කැමති නැත. පාප දෘෂ්ඨි ලැබුවොත් නරක් වේ. විසේසයෙන් කුජ දෘෂ්ටිය අසුබය.

ශනි/සෙනසුරු 10
ශනි 10 යහපත්ව සිටී නම් බොහෝ සුබයි. එහෙත් දුර්වල නම් ශනි මහ දසා අතුරු දසා කාලයේදි කටයුතු ඇණහිටි. වස්තුව හා බලය පවා නැතිවිය හැක. පවුලේ ගැටළු ඇතිවිය හැක. තුලා, වෘෂභ ලග්න ආදින්ට අගුණ අඩුය. කටක රාශි අයට දෝෂ ඇත.

ශනි/සෙනසුරු 11

මහන්සියෙන් කැපවීමෙන් ආදායම් ලැබිය යුතු වේ. හිතමිතුරන් අඩු විය හැක. ශනිගේ මහ දසා අතුරු දසා වලදි පරිස්සම් විය යුතු. ව්‍යාපාර වලින් පාඩු ලැබිය හැක. සුබව සිටියොත් මෙකි අසුබ පල අඩුවේ.

ශනි/සෙනසුරු 12

8 ට මෙන් ශනි 12ටද සුබම නැත. බොහෝ රෝගාබාධ තිබෙන කෙනෙකි. කල් පවතින නිදන්ගත රෝග පවා ඇතිවේ. ශනි මහ දසා අතුරු දසා වලදි නඩු ආදි කරදරද ඇතිවිය හැක. රහස් සතුරන් ඇතිවිය හැක. උපන් පෙදෙසින් දුරස් වේ. විටෙක ලෝභි විය හැක, විටෙක පරිත්‍යාග කරයි. කෙසේ වුවද සුබව පිහිටා ඇත්නම් අසුබ පල අඩුවේ.

No comments:

Post a Comment