Wednesday, January 15, 2014

ගොඩක් අය බය රාහු

රාහු ග්‍රහයා බොහොම නරක, අසුභ ග්‍රහයෙක් විදියටයි ගොඩක් අය අඳුන්වන්නෙ. කොහොම උනත් රාහු ඡායා ග්‍රහයෙක්.

රාහුව ජෞතිෂ්‍යයට අනුව අඳුන්වන්නේ, මිනිස් කකුල් තියෙන නාග හිසක් ඇති කෙනෙක් විදියට. ඒනිසා රාහු කියන්නෙ මිනිස්සු පිස්සු වට්ටන, අධ්‍යාපනය කඩාකප්පල් කරන, අනක් ගුණක් නැති කෙනෙක් බවට තව කෙනෙක් පත් කරන ග්‍රහයෙක් කියල ගොඩක් අය හිතනව. රාහු නරක විදියට පිහිටල තිබ්බොත් ඇත්තටම බොහොම නරකයි තමා.

*නාගර්ජුන යන්ත්‍රය තමයි රාහු අපලයට ප්‍රසිද්ධම යන්ත්‍රය.
* රාහු අපලය කාලෙට පිටරට යන එකත් කරන දෙයක්( ලොකු ලොක්කො ගොඩක් ඒක කරනවා)
*ගෝමෙද ගලක් එක්ක නිසි ජප සහිතව සහිතව මුද්දක් පැළඳීම.
* කැලේ බෝධියට වැටකේ මල් පූජාකර පින්දීම.
*පදිංචි ඉඩමේ නිරිත දිසාවේ වැටකේ පඳුරක් හිටවලා සාත්තු කිරීම.(වැටකේ පැලය ලග වැඩි වෙලා හිටියොත් රාහු අපලය දුරු වෙන බවත් කියවෙනව).

රාහු උච්ච, මිත්‍ර, ස්වක්ෂෙත්‍ර අවස්ථාවක සිටියදි, ලග්නාධිපති එක්ක යෝගකාරක උනොත් රාජ්‍ය සැප සම්පත්, විදේශ ගමන් ඇති වෙන බව කියවෙනවා.
රාහු නීච හෝ සතුරු අවස්ථාවක ඉදලා 6,8,12 වගෙ තැනක පාපග්‍රහයන් එක්ක සංයෝග උනොත්, පාපග්‍රහ දෘෂ්ඨිය වැටුනොත් තත්වය නරක් වෙනවා. සොර සතුරු පීඩා, අප්‍රසාදය, ආණ්ඩුවෙන් කරදර වෙන එක, ලෙඩ රෝග ඇති වෙන්න පුලුවන් කියනව. රාහු 7 පාපි විදියට හිටියොත්, ඒකත් නුසුදුසු ප්‍රේම සබඳතා වගේම විවාහය කඩාකප්පල් කරගන්නත් හේතු වෙන බව කියනවා.

*මතක තියාගන්න මේ නරක වෙන්නෙ රාහු නරකට හිටියොත් විතරයි.

රාහු මහ දසා කාලයක රවි අතුරු දසාවෙදි රවි ග්‍රහයා බලවත් නම් සැප සම්පත්, ධනය, දියුණුව, නායකත්වය, තේජස, විදේශගමන් ආදි සුබ පල ලැබෙන බව කියනවා. රවි නීච උනොත් ආණ්ඩුවෙන් පීඩා, ලෙඩ, රාජ බය ඇති වෙන බව කියනව.

රාහු මහදසාවේ කුජ, බුධ, ගුරු, සිකුරු කියන අතුරු දශාවලදිද්ත් රාහු හා ඒ ග්‍රහයන්ගෙ පිහිටීම හොඳ නම් හොඳයි නැත්නම් කරදර එනවා.
රාහු පා පග්‍රහයෙක් උනත්, කරදර ඇති කරවනව කිව්වත් සම්පූර්ණ ඇත්ත නෙමෙයි. රාහු හොඳ කරන අවස්ථාත් තියෙනවා. ජෞතිෂ්‍යය කියන්නෙ ලොකු විද්‍යාවක් ඒක ගැන හොඳ අවබෝධයකින් ඉදීම වැදගත් වෙන්නෙ ඒකයි.

No comments:

Post a Comment