Monday, February 3, 2014

ගව සම්පත රැක ගනිමු

“ මිනිසාට ගවයා තරම් සේවයක් කරනා සතෙකු නැත“ - බුදුරජාණන් වහන්සේ

“ ගවමස් කන්නා වසලයෙකි “ - අනගාරික ධර්මපාල තුමා...

කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ....
බත් රස දන්නෝ කෙත හඳුනන්නෝ...
කිරි සහ බත් රස දෙකම නොදන්නෝ....
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ....


කෘෂිකාර්මික දිවි පෙවෙතක් හිමි සිංහල බෞද්ධයාට වටිනාම සතා වූයේ ගවයාය. ගවයාගේ සියලු දේ ගොවිතැනටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් විය. ගවයා මැරුණු පසු ඇටකටු පවා ගොවිතැනට පොහොර විය. අද වැනි රසායනික ද්‍රව්‍ය නොව එදා භාවිත වූයේ කාබනික ක්‍රමයයි. විෂදායක නොවූ ක්‍රමයකි. පස්ගෝ රස සැදීමට ආදි සියල්ලට ගවයා මහෝපකාරි විය. අද නැවත කාබනික වගාවේ වටිනාකම් අවබෝධ වෙමින් පවතී. නැවත ඒ ක්‍රමයට ගියොත් ගවයාගේ වටිනාකම මැනවින් වැටහෙනු ඇති අතර ඒනිසාම ගව සම්පත රැකගැනීමට හැකි වෙනු ඇත...

ගෙදර සිටි ගවයාට නිවන් යාමට පැතූ ජාතියක උරුමකරුවන් වූ අප ගව ඝාතනය ඉවසීම පුදුමයට කරුණකි. එයට නීති ඇතත් ක්‍රියාත්මක නොවේ. මරා දමන ගවයින්ගෙන් 70%කටත් වඩා නියමිත සුදුසුකම් සපුරා නැත. යම් සිංහල බෞද්ධයන් කොටසක් ගව මස් භාවිත කරන අතර ඔවුන් සිංහලකමට නිගාවකි, ගම්බද ජනතාවගේ ගවයන් පැහැර ගැනීමට උදව් දීමටද ගමේම කෙනෙක් ඉදිරිපත් වීමත් ජාතියේ අවාසනාවකි. හරක් ලොරි අසු උනා කියා මාධ්‍ය වල දැනුම් දුන්නද එය ඉතා සුළු ප්‍රමාණයකි. අනික්වා ගතමනාව ලබාදී අවශ්‍ය දේ කරගනිති.

මෙය වත්මන් සමාජයේ ඇති වැරදි භාවිතයන්හි අතුරු ඵලයකි. පාලකයන්ද ජනතාවද රට ජාතිය ගැන නොසිතා තමන් ගැන සිතා වලපල්ලට යෑමට කරගන්නා පියවරකි. විවිධාකාර වූ සත්ව හිංසාවට විරුද්ධ සංවිධාන වලින් රටේ ඉහලම තැන් වලින්ද මේ පිළිබඳ නීති ගෙන ඒමට ඉල්ලා සිටියද සුළු ඡන්ද සංඛ්‍යාවක් වරදාන වරප්‍රසාද නැතිවේ කියා එයට අකමැති විය.
වෙනදාට වඩා ප්‍රබෝධයක් ඇතිවී තිබීම ගැන යහපත් බලාපොරොත්තු ඇත..

No comments:

Post a Comment