Friday, February 7, 2014

_ කුජ මාරුව_  (2014 පෙබ.4 සිට)



ග්‍රහ ලොව සෙන්පතියා වන කුජගේ ග්‍රහ ගෝචරය සහ මාරුව සෑම සියලු දෙනාගේම කතා බහට ලක්වෙන ග්‍රහ ගෝචරයකි.
මෙම තත්වය “දේශපාලන ක්ෂෙත්‍රයේ සිටින අයටද කාර්මික ක්ෂෙත්‍රයේ නියුතු අයටද, විදේශ රැකියා කරන අයටද“ තීරණාත්මකව බලපායි.

* සෙන්පති කුජ කන්‍යා රාශියේ සිට තුලා රාශියට මාරු වන්නේ 2014 පෙබරවාරි 4 දින සවස 2.27ටය.
එම රාශියට කන්‍යාවේ සිට තුලාවට පිවිසෙන විට නැකත වන්නේ කුජ හිමි සිත නැකත වේ.
* මෙම ග්‍රහමාරුව සුවිශේෂි ග්‍රහමාරුවක් වන්නේ, සෙනසුරුත් තුලා රාශියේම මේ අවස්ථාවේ සිටින බැවිනි. මෙම කුජ ශනිට අමතරව රාහුත් මෙම රාශියේම සිටී. මෙම ආකාරයට බලන විට මෙය කිසියම් ආකාරයකට ප්‍රබල ග්‍රහමය තත්වයකි.

මෙම තත්වය නිසා සාමාන්‍ය ජන ජීවිතයේ යම් යම් කලහකාරි සිද්ධින් විසේසයෙන්ම උද්ඝෝෂණ, පාරිසරික විපත්ති, ලොව පුරා උද්ඝෝෂණද, යම් යම් රටවල නායකයන්ගේ හිතුවක්කාරි ක්‍රියා කලාපයන් ඇතිවිමට පුලුවන.

* අප ශ්‍රී ලංකාවේද ප්‍රමුඛ පෙලේ කර්මාන්ත ශාලා වල පාලනාධිකාරියන් එම කර්මාන්ත ශාලා වල අනතුරු අවම කරගැනීමට උත්සුක වන්නේ නම් මැනවි. මන්ද කර්මාන්ත ශාලා වල බොයිලේරු, විදුලි පද්ධති යම් ආකාරයකට හානි වීමට ගිනි ගැනීමට පුලුවන.

* පොදුවේ ගත් කල ලංකා කුම්භ ලග්න කේන්දරයට නම් පෙරකී තත්ව තිබුනත් පොදුවේ ගත් කල ශ්‍රී ලංකාවට තරමක් ශුභදායක බව කිව යුතුය. ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවට එල්ල වෙන්නාවු කුමන්ත්‍රණ පැරදීමට සහ ජාතියක් වශයෙන් ජාත්‍යන්තරව අප රට පිලිගැනීමට ඇගයීමට අප රට ලක් වෙනවා ඇත. දැනට පවතින වියලි කාලගුණ තත්වය කර්කශව අප්‍රේල් මස දක්වා පැවතීමට ඉතාමත් ඉඩකඩ ඇත. පතල් වැඩ කරන අය ප්‍රවේසමින් වැඩ කිරීම යහපත්ය, නමුත් භූමි ලාභ ලැබේ.

No comments:

Post a Comment