Sunday, February 23, 2014

ජෞතීර්වේදින්ගෙන් නියම සේවය ඉෂ්ඨ වෙනවාද ?

( ඉරු සේවයේ ජාත්‍යන්තර උපදේශන පිලිබද ජෞතිර්වේදි රාජකරුණා මහතා විසිනි )
2 කොටස

ප්‍රශ්නය :- අපට කියන්න මහත්තයා, ජෞතිර්වේදින්ගෙන් අද එම නිවරදි සේවාව ඉෂ්ඨ වෙනවද ?
ඔබතුමත් දන්නවා අපගේ සේවයට අන්තර්ජාලය හරහා මුණ ගැසුනු සමහර අය සිටිනවා ලක්ෂ ගණන් ජෞතිෂ්‍යයට, යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වලට වියදම් කරලා කිසිම යහපතක් නොවි සිටිය තැනිනුත් පහලට වැටුනු අය...
මේ හේතු නිසා ජෞතිෂ්‍යයට අකමැති හෝ එවන් විරුද්ධතා ඇති අයට ලොකු අවියක්, උදව්වක් වෙලා තියෙනවා මේ කාරණය ජෞතිෂ්‍යයට විරුද්ධව ගන්න.
ඉතින් එහෙම අය නිසා, නක්ෂත්‍ර සූචකයන් වැනි නමක් තියෙනව අහල තියෙනවා. ඒ අය නිසා ශාස්ත්‍රයට වන හානිය ආදිය ගැන විග්‍රහයක් බලාපොරොත්තු වෙනව.

පිලිතුර :-
“ඇත්තටම මහත්මයා, සාමාන්‍යයෙන් පොතක් 2ක් කියවලා, ජෞතිෂ්‍යය පත්‍ර කියවලා ජෞතිර්වේදින් වෙන්න පුලුවන් නම් අද බොහෝ දෙනෙක් එහෙම වෙලා. මේක එහෙම බෑ. එක රැයකින් කරගන්න බෑ. මේකට සංසාරගත බැඳීමකුත් තියෙන්න ඕන. ඒවගේම එම පුද්ගලයා ප්‍රායෝගික කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නෙ යම් දෙයක් එහෙම උනා නම් ඒක වෙන්න හේතුවත් හොයන කෙනෙක් වෙන්න ඕන.
මට මතකයි මහත්තයා මම ඒකාලේ කේන්දර බලන්න පටන් ගත්ත කාලේ, ඒ කාලේ මගෙ ගාවට එන අය කේන්දර 10-15ක් දීලා ඒ අතර මියගිය කෙනෙක්ගෙත් කේන්දර සටහන දීලා අහනවා මෙයාට කොහොමද කියල..
එතකොට මම කරන්නෙ කේන්දර අතරින් ඒ කේන්දරය විසි කරනවා, මෙයා ජිවත් වෙලා ඉන්න බෑ කියල.
අද ඇත්තටම කියනව නම්, රටේ මුද්‍රිත මාධ්‍ය, ශ්‍රව්‍ය මාධ්‍ය(එෆ්එම් චැනල්), ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය(රූපවාහිනි නාලිකා) ඒවගේම ඔබතුමා කියන සමාජ වෙබ් අඩවි උනත්, ඒවට එන බොහෝ දෙනෙක් කල්පනා කරන්නෙ තමන්ගෙ බඩගෝස්තර වාදය ගැන තමයි, සේවයක් කරන්න නෙමෙයි. මාධ්‍ය සංදර්ශන තමයි තියන්නෙ. කියන්න අකමැති උනත් කියන්න ඕන කාරණයක්.
සමහරවිට වෘෂභ ලග්නයට අද ඉතාම සුභයි කියනවා, නමුත් වෘෂභ ලග්න කෙනෙක්ට කන්නවත් එදා නෑ. ඉතින් කියන්න ඕන මේක පොදු පලාපලයක් කියල.
ඇත්තටම ජෞතිර්වේදියෙක් උනාම, උතුම් වූ ජෞතිෂ්‍යය නාමයෙන් කියන්නේ, ඒ පුද්ගලයාට පක්ෂයක්, පාටක්, වර්ණයක්, කුලයක්, ආගමක් නෑ. තමන් ගාවට එන සෑම කෙනාටම සම මෙත් සිතින් කටයුතු කරන්න ඕන.
අපි දකිනවා සමහර ජෞතිර්වේදින් කියාගන්නා අය යම් යම් අයට පක්ෂපාතිව කරන ප්‍රකාශයන් නිසා හානිය සිද්ධ වෙන්නෙ ජෞතිර් විද්‍යාවටමයි. මාධ්‍ය සංදර්ශන තමයි ගොඩක් වෙලාවට තියෙන්නෙ. ඔබතුමා අහපු නිසා තමයි මේ කිව්වෙ අකමැති කාරණයක් උනත් “

No comments:

Post a Comment