Sunday, February 23, 2014

ජල නන්දන යන්ත්‍රය පැලදීම සුදුසුද ?


(ඉරු සේවයේ යන්ත්‍ර පිලිබඳ කටයුතු වල මූලික්තවය දරන උක්කුං බණ්ඩා ගුරුන්නාන්සේ සමඟ කරන කතාව 3)

* ප්‍රශ්නය :- තියෙන මතයක් තමයි ජල නන්දන පිරිත ගෙදරක කියන එක සුදුසු නෑ කියල, ජල නන්දන යන්ත්‍රය පැලදීම සුදුසුද කියන එක ?
ඔබතුමා පැහැදිලි කරල දෙන්න මේ ගැන... ?

* පිලිතුරු :-
මගේ පිලිගැනීම මේකයි, ජල නන්දන පිරිත කියන්නෙ ඉතාම යහපත් වටිනා පිරිතක්. මෙයින් යම්කිසි අවැඩක් එවන් දෙයක් තිබෙනවා නම් එය විනාස වෙනවා මිසක් යහපත් දෙයක් විනාස වෙන්නේ නෑ.
පිරිතකින්, බුදු ගුණයකින් කිසිම දවසක යහපත් දෙයක් විනාස වෙන්නෙ නෑ. අයහපත් දේවල් තමයි විනාස වෙන්නෙ. බුදු ගුණය තමයි ජල නන්දන පිරිතෙත් තිබෙන්නෙ. එහෙම නම් අප කරන්නාවූ සියලුම යහපත් කටයුතු, යන්ත්‍ර මන්ත්‍ර වැනි කටයුතු ජල නන්දන පිරිත ඇසූ සැණින් විනාස වෙන්න ඕන. එහෙම දෙයක් වෙන්නෙ නෑ.

* ප්‍රශ්නය :-
පැහැදිලි කිරීමක් කරන්න, උදාහරණයක් හැටියට මම රාහුගේ අපලයට නාගර්ජුන යන්ත්‍රය දමනවා. යම් ක්‍රමයකින්නෙ ඒක කරන්නෙ. ඒ අතරම අපේ ගෙදර ඒකත් එක්කම යම්කිසි අවශ්‍යතාවයක් එනවා ජල නන්දන යන්ත්‍රය කාට හරි පලන්දන්න හෝ ඒ ගෙදර ආරක්ෂා වෙන විදියට, සිව්කොණ අටකොණ ආරක්ෂා කරන්න එහෙම.
ජල නන්දන පිරිතේ එක ගාථා රත්නයක් තියෙනවා “ යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා “ කියල.
එතකොට මෙතනදි යම් කිසි කෙනෙකුට චකිතයක් ඇති වෙන්න පුලුවන් නේද දැන් මේ යන්ත්‍රයක් මම දාගෙන තියෙනවා, දැන් ජල නන්දන පිරිත කිව්වා ඒකෙන් අර යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා කියන පාඨය නිසා අදාල එම යන්ත්‍රයේ බලය බිඳෙන්න පුලුවන්ද කියල. බොහොම වගකීමෙන් ඒ ගැන ප්‍රකාශයක් දෙන්න පුලුවන්ද ?

* පිලිතුර :-
සාමාන්‍ය ලෙස අපල උපද්‍රව තිබෙනවා නම් බුදු ගුණයෙන් එම අපල නැති වෙලා යහපත් වෙනව මිසක්, අයහපතක් වෙන්නෙ නෑ. අනිවාර්යෙන්ම ජල නන්දන පිරිතෙන් යහපත් දෙයක් විනාස වෙන්නෙ නෑ. යන්ත්‍රයක් පලදින්නෙ නව ග්‍රහයන්ගෙන් පැමිණෙන අපල උපද්‍රව දුරු කරන්නනේ. ශාන්තියක් කරගන්නයි. ජල නන්දන පිරිත කිව්ව කියල ඒකෙන් අයහපතක් සිද්ධ වෙන්නෙ නෑ.

No comments:

Post a Comment