Wednesday, February 19, 2014

ජෞතිෂ්‍යය ගැන විග්‍රහයක්

- ඉරු සේවයේ ජාත්‍යන්තර උපදේශන පිලිබද ජෞතිර්වේදි රාජකරුණා මහතා විසිනි.

ජෞතිෂ්‍යය කියන්නෙ පැහැදිලිවම අඳුරේ යන්නාට එලියක් වන පහනක් වන දෙයකි. අනාදිමත් කාලයක සිට ජෞතිෂ්‍යය ජනතාවට සේවය කලේය.
ජෞතිෂ්‍යයට ආගමක් ජාතියක් නැත.විශේෂයෙන්ම පෙරදිග රටවල අතීතයේ පටන්ම පැවති මෙම ශාස්ත්‍රය අද බොහෝ දුර ගමනක් පැමිණ ඇත.
අතීතියේ සිටි ඍෂිවරුන් වහන්සේලා ජෞතිෂ්‍යයේ ආදි කතෘවරු වෙති.

ග්‍රහයන් 9 දෙනෙක්, නැකැත් තරු 27ක් සහ ලග්න 12කින් සමන්විත වී විශ්වයේ කටයුතු වලට බලපාන අපූරු දෙයකි ජෞතිෂ්‍යය..

* ජෞති යනු ආලෝකයයි. ඒ අනුව හිරු දෙවියන් හා එනම් ආලෝකය හා බැඳුනු ආලෝක ධර්මයයි.

ර්‍ ජෞතිර්වේදියාගේ කාර්යභාරය කුමක්ද ?

ජෞතිර්වේදියෙකු හුඟක් වෙලාවට මේ ශාස්ත්‍ර ධර්මය ඉගෙන ගන්නේ බොහොම කරදර බාධක මධ්‍යයේය. මම උනත් මේ ක්සෙත්‍රයට එන්නෙ කරදර බාධක තියාගෙන. කුඩාකල සිටම මට ඒ ආභාෂය තිබුනා. මට ලොකු උවමනාවක් තිබුනා ඉගෙන ගන්න. අපේ තාත්තා, මෙම කටයුතු කරපු කෙනෙක්. ඒ උතුම් වූ පියාණන් වහන්සේ අද නෑ අපි අතර.
ඉගෙනිමට දැඩි ආශාවක් ආව නිසා ඒ කාලයේ ප්‍රවීණයි කියල සිටින බොහෝ ජෞතිර්වේදින් මුණ ගැසී න්‍යායාත්මක දැනුම ගැනීමට ගියා.

එක ග්‍රහයෙක්ගෙන් බොහෝ දේවල් නියෝජනය වෙනවා. එක භාවයකින් බොහෝ නිවේදයන් කරන්න පුලුවනි.
(උදා:- සඳු/ චන්ද්‍රයා සිතිවිලි නියෝජනය කරනවා)
මම ඒ න්‍යායාත්මක දැනුම දැනගෙන හිටියා. ඒ කාලයේ එම ජෞතිර්වේදින් ජෞතිෂ්‍යයට අදාලව තිබුනු ගණිතමය තත්වයන් කියල දෙන්න මැලි උනා. ගුරු මුෂ්ටි වගේ තියාගත්තා.

ජෞතිෂ්‍යවේදියෙක් නම් පැහැදිලිවම අන් අයට උදව් කරන්නට සැදී පැහැදී සිටිය යුතුයි. මගෙන් උදව් ඉල්ලුවොත් මම ඒක කරනවා. නමුත් ඒ වෙනුවෙන් නිවරදිව කැප වෙලා හුඟාක් කැපවීමෙන් කල යුතු දෙයක් මේ ශාස්ත්‍රය.
ජෞතිෂ්‍ය වේදින් තමන්ගෙන් සේවාව ලබා ගන්නා කෙනා ගැන මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරන්න ඕන. ඒවා පෙරදැරි කරගෙන කටයුතු කල යුතුයි. කරන කටයුතු වලින් එම ලගට එන පුද්ගලයන්ගේ දියුණුව, යම් කිසි ඉහල තලයක ඉන්නවා දකින්න කැමති වෙන්න ඕන. සිල්වත් වෙන්න ඕන, අඩු තරමින් මානුෂීයත්වයට ගරු කරන කෙනෙක් වෙන්න ඕන.

තව කාරණයක් තියෙනවා මේක අදාල වෙන්නෙ සේවාව ලබාගන්න අයට. සමහර අයගේ විවාහ වලට ලක්ෂ 20ක් හෝ ඊට වැඩි මුදලක් එම උත්සවයට වැය වෙන්න පුලුවනි. ඒ තරම වියදම් කරලත් තමන්ගේ විවාහයට, නැකැත් හදන, අෂ්ඨක කියන ජෞතිර්වේදි මහත්තයට දෙන මුදල ඉතාම සොච්චම් මුදලක්.
මේ ශාස්ත්‍රයේ වටිනාකම කියල නිම කරන්න බෑ. එහෙම කරාම මේ ශාස්ත්‍රය හෑල්ලු වෙනව. මේක වානිජ අදහස් මුල් කරගෙන නෙමෙයි කියන්නෙ.
මේ වගේ ගැටළු සහගත තත්වයන් තියෙනවා, ජෞතිර්වේදින් සේවා ලබාගන්නා අයට සහ සේවා ලබාගන්නා අය ජෞතිර්වේදින්ට ගරුත්වයෙන් සැලකිය යුතුයි.

ඒවගේම මගේ හැඟීමේ හැටියට අවම වශයෙන් මාස 6කට වතාවක්වත් තමන්ගේ කේන්දර සටහන පරික්ෂා කරගත යුතුයි. එසේම වාස්තු විද්‍යානුකූලව තමන්ගේ නිවස පරික්ෂා කරවා ගත යුතුයි.

No comments:

Post a Comment