Wednesday, February 19, 2014

සතියේ ලග්න පලාපලය.. (පෙබ. 18 සිට )

මේෂ
මෙම සතිය පටන් ගන්නේ ඔබට ශුභඅශුභ සමපල දායක සතියකි.
සඳු ලග්නභාවයේ 6 වැන්නට පැමිණීම නිසා සතියේ මුල් දවස් 2-3දී සතුරු කරදර පැමිණීමට ඉඩ තිබේ. ඒ ගැන අවදානමත් වන්න. ආර්ථික තත්වය හානි වන්නේ ව්‍යාපාරික තත්වයේ අයට නම් ණයතුරුස් වැඩිවීමෙනි.
ඉගෙන ගන්නා වයසේ අයට උගත් මිත්‍රයන්ගෙන් උදව් උපකාර ලැබේ.
ගෘහ ජිවිතය තරමක ආකූල ව්‍යාකූල විමට ඉඩ ඇත. අඹුසැමි සබදතා වලට යම් බාධා ඇතිවේ. මේෂ ලග්නයෙන් උපන් අලුත් මව්වරුන් තමන්ගේ දරුවනුත් තමන් ගැනත් ප්‍රවේසම් විය යුතුය. අප මෙහිදි සදහන් කරන්නෙ අලුත උපන් දරුවන් සිටින සහ ගැබිණි මව්වරුන් ගැනය.

වෘෂභ
මෙම සතිය ශුභ බව සදහන් කල යුතුය. විසේසයෙන්ම බුද්ධිමත්ව කටයුතු කර ආර්ථික වාසි ඇතිකරගැනිමට හැකියාව ඇත. එමෙන්ම සූදු ඔට්ටු ආදියෙන් ජය මෙන්ම පෙර පින පලදීමටද මේ සතිය හේතුයි.
ආර්ථික තත්වයේ ප්‍රබල වෙනසක් ඇති නොවන නිසා අනලස්ව ධනෝපායන මාර්ග වල නිරත වන්න.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් සහ ප්‍රමෝදයෙන් ගත කිරිමට හැකිවේ. දුදරුවන්ගේ දක්ෂකම් නිසා සිත සතුටු වන සතියකි.
සෞඛ්‍ය
උදාරාබාධ හටගැනිමට නියමයි. යම් යම් ශල්‍යකර්ම වලට ලක්වූ අය තුවාල පාරවා ගැනිමෙන් වැලකිය යුතුය. දියවැඩියාව හා අධි රුධිර පීඩන ඇති අය ඒවා පාලනයට කටයුතු කරන්න.

මිථුන
ඔබට මේ සතිය ඉතාම ශුභදායක බව කිව යුතුය. ප්‍රබල අපල උපද්‍රව කිසිම දෙයක් නොමැත. ආර්ථිකය යහපත් වනවා සේම ඥාතින් නිවසට පැමිණේ. ඒ අයගේ උදව් උපකාර ලැබේ. දරුවන් සම්බන්ධ යම්කිසි කරදරයක් ඇති බැවින් දරුවන් සම්බන්ධව සැලකිලිමත් වීම යහපති. විවාහ අපේක්ෂිත මිථුන ලග්නකරුවන්ටද ප්‍රේම සබදතා ඇති අයටද, විවාහක අවිවාහක සියලුම අයට තමන්ට අදාල වන කටයුතු සඵල වන කාලයකි. අධ්‍යාපන කටයුතු වල නියුතු වන අයට ඉතාම ශුභයි. විදෙස්ගතව අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තු වන අයට මේ කාලය ඉතාම ශුභ බව කිව යුතුය.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නොපවතින නිසා රෝග ඇති අය ඒවා පාලනයට කටයුතු කල යුතුය.

කටක
ඔබට සෑහෙන කලකට පසු සුභදායක කාලයකි. මෙම රාශියෙන් උපන් ඔබගේ මේ සතිය වාසනාවන්ත වන්නේ සමාජයෙන් ඔබට ලැබෙන ගෞරවාදරය හේතු කරගෙනය. තමන් උපන් භූමියෙන් පිටත රැකියා කරන කටක ලග්න අයට සුභදායක සතියකි. සහෝදරියන්ගෙන් විශේෂයෙන්ම උදව් ලැබේ.
ආර්ථික වාසි මේ තත්වය නිසා ඇතිවන බව කිව යුතුය. විශේෂයෙන්ම සඳුගේ මහ දශා ගත කරන අයටද, රාහු මහ දසා ගත කරන අයටද විදේශ රැකියා ලැබීම නියමයි.
රෝගාබාධ වශයෙන් බඩේ අජීරණ, ඌෂ්ණාධික රෝග, යම් යම් මානසික ආතතිය වැනි තත්ව බලපෑ හැක. මේවායෙන් පරිස්සම් වන්න.

සිංහ
මේ සතිය තරමක් අපලකාරි බව කිව යුතුය. විසේසයෙන්ම එම තත්වය බලපාන්නෙ සෞඛ්‍ය ගැටළු මතුවිම හේතුවෙනි. සතිය මැද වන විට චන්ද්‍රයා/සදු සෙනසුරු හා පාපග්‍රහයන් හා සම්බන්ධ වන නිසා සෙම වැඩිවේ. ජලයෙන් රෝගාබාධ වැඩිවිමට හේතු වන බැවින් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරිම යහපති.
තවද සිංහ ලග්න ඔබගේ දුවාදරුවන්ගේ දක්ෂතා ඉස්මතු වන කාලයකි. ආර්ථික තත්වයේ ලැබීම් ඇති බැවින් වියදම පාලනය කර ඔබ දියුණුවට කටයුතු කල යුතුය.
සෞඛ්‍ය තත්වය ගත් කල විවාහක අයට භාර්යාවගේ රෝගාබාධයකට වියදම් කිරිමට හේතු වන බවක් පෙනි යයි.

කන්‍යා
සුබ සතියකි. විසේසයෙන්ම ඔබගේ කේන්දර සටහනේ ග්‍රහයන් 3ක් හතර කේන්දරයට පැමිණ එනම් ලග්නය 1, 4 10 යන භාව වල ලග්නයේ 4 වැන්න 10 වැන්න ආදියට පැමිණ ඔබව බලවත් කරන සතියකි. මෙම තත්වය නිසා ඔබ විශේෂ ආර්ථික සහ මානසික සමාජිය තත්වයක් හිමි කරගන්නවා නොඅනුමානය.
විසේසයෙන්ම දේශපාලනයේ නියුතු කන්‍යා ලග්න හිමි අයට මේ සතිය ඉතාම වාසනාවන්ත සතියක් බව කිව යුතුය. රැකියා බලාපොරොත්තු වන කන්‍යා ලග්න හිමියන්ට රැකියා අවස්ථා උදාවේ.
ගෘහ ජිවිතය ආශ්‍රිතව ප්‍රීති උත්සව පැවැත්වීමට වාසනාව ලැබේ.
සතිය මැදදි තමන්ගේ ඉක්මන් කෝපය නිසා තමන්ගේ මිතුරෙකු/මිතුරියක තමන් හා අමනාප විමට ඉඩ ඇත. ඒ තත්වය වලක්වා ගන්න.
සෞඛ්‍ය
අමනුෂ්‍ය දෝශ හා කල් පවතින දෝෂ ඇති අය ඒ ගැන පරිස්සම් වන්න. කේතු මහ දසාව ලබා ඇති අය පරිස්සම් වන්න.

තුලා
මෙම සතිය ඔබට තරමක පීඩාකාරි සතියකි. ගිය සතියේ ඔබ කරගෙන ආ යම් කටයුත්තක් මේ සතියෙදි අතරමග නැවැත්වීමට සිදුවේ.
දුන්නා වූ ණය මුදලක් නොලැබි යාමට ඉඩ ඇත. ණය අයවිම ගැන කල්පනාවෙන් සිටිය යුතුය.
ගෘහ ජිවිතය සම්බන්ධ ගැටළු පැනනගින්නේ ආර්ථිකයේ යම් කිසි දෝලනයන් විම නිසාය. සතිය මැදදි අඹුසැමියන් අතර ආරවුල් ඇතිවිමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වය බඩේ කැක්කුම, උෂ්ණාධික රෝග, මානසික ආතතිය ආදිය ඇතිවිය හැක.

වෘශ්චික
ඔබට මේ සතිය මුල් කොටස ශුභ බව කිව යුතුය. මේ සතියේ ඔබට සුබ පල අහිමි වන තත්වයක් වන කාලයක් වේ.
ගුරු, ශනි, රාහු යන ග්‍රහයන් ප්‍රධාන ග්‍රහයන් දුර්වල ස්ථාන වල පිහිටිම නිසා එම අපල තත්වයන් ඇතිවිය හැක. නමුත් මේ අපල මර්ධනය කර කිසියම් ආකාරයක සුබ තත්වයක් සතිය මුලදි ඇති කරයි.
ගෘහ ජිවිතය කලකට පසු ප්‍රීතියෙන් ගත වේ. නිවසට අමුත්තන් පැමිණේ. ප්‍රීති උත්සව පැවැත්විමට ඉඩ ඇත. දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ ගැන සැහිමකට පත්විය හැක. රෝගාබාධ සම්බන්ධව සිතද්දි, උළුක්කුවීම්, වැටිම් හා බෝවන රෝග ගැන සැලකිලිමත් වන්න.

ධනු
ඉතාම ශුභදායක සතියකි. නමුත් තමාගේ වැඩිමහල් සහෝදරයෙක් හෝ සහෝදරියක් නිසා තම තැන්පත් ධනය විනාශ වීමට ඉඩ ඇත.
මේ අය තමන්ගෙන් මුදල් ලබාගෙන නොදී යාමට පුලුවන. මුදල් පොලු ලැබිය හැක.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ.
ප්‍රබල අපල උපද්‍රව සෞඛ්‍ය තත්වයට නොපැමිණෙන බව කිව යුතුය.

මකර
ඔබට මේ සතිය ශුභාශුභ මිශ්‍ර පල සහිතයි. ඒ අතර ලැබෙන මුදලක් තමාට අහිමිවිමට ඉඩ ඇත. එම තත්වය පවතින්නේ චන්ද්‍රයා/සදු 10 පැමිණිම හේතුවෙනි. ඒ ගැන සැලකිමත් වන්න.
මුදල් නාස්ති විය හැකි සතියකි. තමන්ගේ වචනය හා කට පරිස්සම් කරගත යුතු කාලයකි.
ගෘහ ජිවිතය තරමක් වියවුල් ඇතිවිය හැකි සතියකි. ඒ ගැන කල්පනාවෙන් වැඩ කරන්න.
සෞඛ්‍ය තත්වය ප්‍රබල බාධක නොමැත. මානසික කරදර බලපෑ හැක.

කුම්භ
ඔබට මේ සතිය ශුභයි. මුලදී යම් යම් නොසිතු කරදර ඇතිවිමට ඉඩ ඇති බැවින් පරිස්සම් වන්න. සතිය මැදදි එම කරදර පහව යයි. උසස් අයගෙන් මිතුරන්ගෙන් උදව් ලැබේ. විදේස රැකියා බලාපොරොත්තු වන අයගේ අදහස් සඵල වේ. විදෙස් රැකියා වල නියුතු අයට ආදායම සම්බන්ධව කටයුතු සඵල වේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ.දෙදෙනා එක්ව යම් දුර බැහැරකට යාමට සිත ඇතිවේ.
සෞඛ්‍ය තත්වයේද ප්‍රබල ඌණතා දකින්නට නොලැබේ. රෝග ඇති අය පාලනයට යොමුවිම යහපති.

මීන
ඔබට සතියේ මුල් දින කීපය ඉතාම ශුභයි. ආර්ථික වාසි ඇතිවේ. ග්‍රොසරි, වෙළද ව්‍යාපාර, නිමි ඇඳුම්, රූපලාවන්‍ය ආදි කටයුතු කරන අයට මේ සතිය ඉතාම ශුභ සතියක් බව කිව යුතුය. මංගල යෝජනා සඵල වන කාලයකි. එසේම නිවසට යම් යම් භාණ්ඩ මිලදී ගැනිමට වාසනාව ලැබේ.
ගෘහ ජිවිතයේ අඹුසැමි ප්‍රීතිය ඉතාම හොඳින් වේ. තෑගි බෝග හුවමාරුවට ලැබෙන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ යම් යම් ගැටළුකාරි තත්වයන් මතුවිමට ඉඩ තිබේ. ශල්‍යකර්මයන්ට හා අලුත දරුවන් ඉපදුනු මීන ලග්නයේ මව්වරුන්ට හා අනිකුත් අයට තමන්ගේ රෝගාබාධය ගැන කල්පනා කර ඒ ආකාරයෙන් විමසිලිමත්ව සිටිම යහපත් බව දන්වා සිටිමු.

No comments:

Post a Comment