Sunday, February 23, 2014

සත්පුරුෂයෙක් !

එක්තරා කාරණාවකට මහනුවර සිට වත්තේගම නගරය බලා ගමන් කලෙමි. ඒ අතරතුර මාගේ හිතවතෙකු මුණ ගැසීමට පොල්ගොල්ල නගරයෙන් බැස ත්‍රිරෝද රථයකින් එක්තරා ස්ථානයකට යෑමට පිටත් වූයෙමි.

කිසියම් ආකාරයකින් ත්‍රිරෝද රථයෙදි මාගේ නවතම නොකියා වර්ගයේ ජංගම දුරකථනය අමතක විය. මා එය දැනගත්තේ, පැයකට පසුවය. මාගේ ඇති කාර්යබහුලතාවයත් කලබලයත් නිසා මට ඒ ගැන වැඩි අවධානයක් ගෙනදුන්නේ නැත. කෙසේ වෙතත් පැයකට පසුව දුරකථනය සොයා බැලූ කල දුරකථනය නැතිවී ඇති බව මට හැඟුනි.
මා දුරකථනය සම්බන්ද බලාපොරොත්තු අත්හැරියෙමි. එය වටිනා දුරකථනයක් බැවින් ලැබුනු කෙනෙක් නැවත දීමට උනන්දුවන්නේ නැත. නමුත් සැකයෙන් මා මාගේ දුරකථනයට අංකනය කල විට, එය නාද වී එය ලැබූ කෙනා ඇමතුම ගෙන මාගෙන් තොරතුරු ඇසුවේය. මාගේ අනන්‍යතාවය සම්බන්ධව විමසුවේය.
පසුව ඔහු පොල්ගොල්ල නගරයේ එක්තරා ස්ථානයකට පැමිණ මට කතා කලේය. එම පුද්ගලයා එම ස්ථානයේ මා එනතුරු දුරකථනයත් සමඟ සිටියේය. මා පැමිණි පසු මට දුරකථනය භාර දුන්නේය. මොහු මා කලින් ගිය ත්‍රිරෝද රථයේ රියදුරා නොවේය. මා ත්‍රිරෝද රථයෙන් බැස ගිය පසු මගදි එම රථයට ගොඩවූ පුද්ගලයෙකි. මාගේ දුරකථනය ලැබී තිබුනේ ඔහුටය.

මට ඒ වෙලාවේ හැඟුනේ ඔහුගේ තත්වයයි. ඔහු තියාගෙන සිටියේ ඉතා පරණ ජංගම දුරකථනයකි. ඔහු ඇල්කඩුව වත්තේගම පදිංචි සුසන්ත මහතාය.
වෘත්තියෙන් ඔහු පින්තාරු ශිල්පියෙකි. එතරම් මිල මුදල් යහමින් ඇත්තෙක් නොවේ. ඔහු මට කී දේ තමයි,

“ අයියේ, මට මේ ෆෝන් එක ගන්න තිබ්බා, සිම් 2 විසිකරාට පස්සෙ හොයන්නත් බෑ. ඒත් මගේ හිත දන්නවා මේක කාගෙ හරි අනුන්ගේ දෙයක් කියල. මට හිතුනා මේ ෆෝන් එක නැතිවෙලා කියල අයිතිකාරය කොච්රච පපුව පුච්චගෙන ඇත්ද කියල. මට මේක අයිති වෙනවට වැඩිය ඔයා මේක නැවත ලැබුනු නිසා ඔයාගේ ඇස් වල තියෙන සතුට, හිතට දැනුනු සතුට මට මිල මුදල් කෝටියකට වඩා වටිනවා “.

එසේ පැවසූ විට මා ඔහු ගැන පුදුම උනා. මෙවැනි උතුම් මිනිසුන් මේ ලෝකයේ හැමතැනම සිටිනවා නම් මේ ලෝකය කෙතරම් සුන්දර තැනක් වේවිද කියල මට කල්පනා උනා. මගේ හදවතින්ම ඒ උතුම් මිනිසාට හදපිරි ස්තූතිය පුද කරනවා.

මෙවැනි සත්කාරයක් සම්බන්ධව අන්තර්ජාලයේ පලකිරිමට ඉරු සේවය( Iru Sewaya/Iru Astrology) සහ අපගේ සහෝදර රිවි සඳ බ්ලොගය සහ හිතෙන දේවල්(හිතෙන දේවල් - Our Feelings) යනාදි සියලුම පේජයන් සුදුසු බව සිතුනි.
මේ උතුම් පුද්ගලයාට ජය වේවා ! මේ පුද්ගලයා පරමාදර්ශී චරිතයක්ව පිලිගෙන අන් අයත් මේ ආකාරයට තව කෙනෙකුට උදව් කිරීමට සිත් පැහැදේවා යනුවෙන් ප්‍රාර්ථනා කරනවා ! එතුමාටද එතුමාගේ පවුලේ දුවා දරුවන් සියලු දෙනාටද සුභ අනාගතයක් උදා වේවා.

යහපත කරන විට යහපතම පෙරලා ලැබෙන බව උදක්ම විශ්වාසය !

බුදු සරණයි !

No comments:

Post a Comment