Friday, February 28, 2014

කාල සර්ප යෝගය ගැන හිතෙන දැනෙන වෙනස් අදහසක්.

රාහු, කේතු යන ග්‍රහයන් 2නාට මැදිව අනිකුත් ග්‍රහයන් පිහිටීම කාල සර්ප යෝගය වේ. මෙහිදී රාහු කේතු ග්‍රහයන් 2ට එක් පසෙකින් අනිකුත් ග්‍රහයන් සිටීම කිව හැක. එසේම එම ග්‍රහයන් 2ම සමග හෝ තනියෙන් තවත් ග්‍රහයෙකු සම්බන්ධව ඇත්නම් එය අර්ධ කාල සර්ප යෝගක් වේ.
* කාල සර්ප යෝගයක් තිබේද යන්න, එහි බල දුබලකම් නිවරදිවම කීමට භාව කේන්දරය හෝ සූක්ෂම කේන්දරය බැලිය යුතුය.

කාල සර්පය ඇතිවන්නේ බලවත් අකුසල කර්මයක ප්‍රතිඵලය නිසා යැයි පොත පතේ කියවේ. පොදුවේ කාලසර්ප යෝගයෙන් කිසිම ගුණයක් නැති කරදර පමණක්ම දෙන යෝගයකි. ඉතාම කලාතුරකින් යහපත් ඵල ලැබෙන බව කියවේ. නමුත් අප අත්දැක නැත.
කාල සර්ප යෝගයේ විසේසත්වය නම් ජිවිතයේ එක් කාලයක යහපත් වීමත් අනිත් කාලය අයහපත් වීමත්ය.

පොදුවේ විවාහය, අධ්‍යාපනය වැනි කාරණා වලදි කාලසර්ප යෝගය ඇති අය අවාසනාවන්ත වෙති.
විසේසයෙන් විවාහයේ නිසි ඵල ගැනීමට නොහැකිවිම, අධ්‍යාපනයේ තරමට දියුණුව නොලැබීම ආදිය වේ.
රැකියා දියුණුව, ධනය ආදි සියල්ල සාර්ථක වුවත් යම් යම් අතින් දුර්වල අවාසනාවන්ත තත්වයන් කාල සර්පය ඇති අයට ඇතිවේ.
එම තත්වයන්ගේ පලදීම ගැන නිවරදිවම පලාපල කිව හැක්කේ අදාල කාලයන් අනුවය.
කාල සර්පය තිබෙන කෙනෙකු තව අය රැවටීමට, වංචා කිරීමට, කරදර කිරීමට කටයුතු කර ඇත්නම් පසුව පාප දෘස්ඨි ඇතිවන කාලයකදි ඉතා දරුණු විපාක ලැබෙන බව අත් දැක ඇත.

රාහුගේ සිරිත පිස්සු වැට්ටීම හෝ නිවරදි සිහියෙන් තොරව කටයුතු කරවීම නිසා කාල සර්පය විපාක දෙන විට නොසිතු විරූ කරදර ඇති කරගැනීම දක්නට ලැබේ.

කාල සර්පය ඇති අයට රාහු මහ දසා වලදි ඉගෙනීමට අයහපත් බවද කේතු මහ දසා වලදි යහපත් බවද අත්දැකීමෙන් දනිමු.

කාලසර්ප යෝගය ඇතිනම් විසේසයෙන් කල යුත්තේ, ඉතාම ධාර්මික ජිවිතයක් ගත කිරීමයි. උපන් දේශයෙන් පිටවීමද වැදගත් වේ. එසේම විවාහයේදි ඉතාම හොඳින් පරික්ෂා කර බලා කරගත යුතුය. නොගැලපෙන විවාහයක් කරගැනීම තමාගේ කරදර තීව්ර වනවා මෙන්ම තවත් කෙනෙකුට නැති කරදර ඇති කරවීමක් බව කාලසර්ප ඇති අය හිතට ගත යුතුය.

No comments:

Post a Comment