Thursday, February 13, 2014

පෙබරවාරි 11 සිට සතියේ ලග්න පලාපලය

මේෂ

මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ආර්ථිකය යහපත් වෙන සතියකි. තමාගේ උත්සාහයේ හැටියට ධනෝපායන මාර්ග පෑදෙන සතියක් බව කිව යුතුය. විශේෂයෙන්ම තමාගේ සහෝදරකාරකාදීන්ගෙන් සහ ගමන් බිමන් වලින් මුදල් ලැබෙන බව කිව යුතුය. ආර්ථිකයට ප්‍රබල බාධක නොමැත.
ගෘහ ජීවිතය තරමක කලබලකාරි ස්වභාවයක් උසුලනු ඇත. භාර්යාවගෙන් හෝ ස්වාමියාගෙන් දරු පවුලෙන් ඈත්ව සිටීමට සිදුවන සතියක් විය හැක. ඒ මන්ද 7 වැන්න සහ 3 වැන්නෙ ග්‍රහ ගෝචර සැලකීමෙන්ය.
සෞඛ්‍ය තත්වය සම්බන්ධව වාත අමාරු හට ගනී. සෙම් අමාරුද, පපුවේ මහන්සියද හතිය වැනි රෝගාබාධ ඇති අයද ඒවාට ප්‍රතිකාර ගන්න.

වෘෂභ

ආර්ථික කටයුතු යහපත් වන සතියකි. ව්‍යාපාරික කටයුතු එමෙන්ම බ්‍රෝකර් වැඩ වලින්, නියෝජිත වැඩ වලින් ආදායම ලැබෙන බව කිව යුතුය. තැන්පත් ධනයට යම් යම් මුදල් එක්කහු වීම් විය හැකිය. ගුරු මහ දසාව ගත කරන අයට විශේෂයි.
ගෘහ ජීවිතය ප්‍රීතිමත්ව ගත කිරිමට හැකිවේ. අඹුසැමි ප්‍රීතිය ඇතිවේ.
සෞඛ්‍ය තත්වයේ යම් ගැටළුකාරි තත්වයන් මතුවිමට පුලුවන. වෘෂභ ලග්නයේ ගර්භණී මව්වරුන් සහ තරුණ දූවරුන් උදාරාබාධ වලින් පරිස්සම් වන්න. එසේම මධුමේහය/දියවැඩියාව තිබෙන අය රෝග පාලනයට උනන්දු විය යුතුය.

මිථුන

මෙම සතිය ප්‍රීතිමත්ම සතියක් වනවා නියතයි.
ආර්ථික තත්වය යහපත් වෙනව. වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබෙන අතර භූමිය සම්බන්ධව කටයුතු වලින් ලාභ ලැබේ. හදිසි ධන ලාභ ලැබිමට හේතුයි. එසේම තම නුවණ මෙහෙයවා කටයුතු කරන අයට, විශේෂ ආර්ථික වාසි සැලසේ.
ගෘහ ජීවිතය ප්‍රීතිමත්ව ගත වේ. වැඩිහිටි ඥාතියෙක්ගේ නිවසට පැමිණීම සිදුවිය හැක. දූවරු සිටින අය නම්(වැඩිවිය පැමිණෙන වයසේ) එම වැඩිවිය පැමිණීම සිදුවිය හැක. ප්‍රීති උත්සව සහිත කාලයකි.
උෂ්ණ රෝග, මුත්‍රා අමාරු වාත වේදනා ඇතිවිය හැක.

කටක

ලග්න ඔබට වෙනදා මෙන්ම මේ සතියද සාමාන්‍ය සතියකි. ඔබට සතුරු කරදර ඇතිවිය හැක. තම නෑයන් සමග විරුද්ධවාදිකම් ඇතිවේ. ප්‍රවේසම් විය යුතුය. එමෙන්ම අනවශ්‍ය දේකට මුදල් වැයවිමට නියමයි.
සෞඛ්‍ය
බඩ පපුව සම්බන්ධ උදාරාබාධ, එමෙන්ම වාත වේදනා කැක්කුම් ඇතිවිය හැක.

සිංහ

ඔබට ඉතාම ශුභ දායක සතියකි. චන්ද්‍රයාගේ ගමන අනුව හිතවතුන්ගෙන් වාසි සහගත තත්ව උදාවේ. මුදල් වාසි ඇතිවේ.
ගෘහ ජීවිතය යහපත් බව කිව යුතුයි. දූදරුවන් අපේක්ෂා කරන මව්වරුන්ට මෙම කාලයේ දරුවන් ලැබේ.
සෞඛ්‍ය තත්වය පෙර මෙන්ම ලොකු වෙනසකට මුල නුපුරයි. පපුවේ දැවිල්ල සහ ග්‍රැස්ටයිට්‍රිස්, මුත්‍රා ආබාධ වලින් පරිස්සම් වන්න.

කන්‍යා

ඔබට මෙම සතියද තරමක ඉවසිලිමත්ව ගත කල යුතු සතියකි. තමන්ගේ ඥාති වර්ගයා කරණකොටගෙන තමාට ආර්ථික අවාසි ඇතිවිය හැක. එසේම මුදල් පරිපාලනය මේ කාලයෙදි අතිශයින් දුර්වල විය හැක. ඒරාෂ්ඨක අපලයක් පවති.
ගෘහ ජිවිතය, ප්‍රීතිමත්ව ගතවේ.
සෞඛ්‍ය තත්වය වරදක් නැත. කේතු මහ දසාව ගත කරන අයට මේ කාලය තරමක් අපලයි. වාහන වල ගමන් බිමන් යන අය අනතුරු වීමට ඉඩ ඇත. මුහුණ සහ හිස අනතුරුවිය හැකි නිසා පරිස්සම් වන්න.

තුලා

ඔබට මෙම සතිය තරමක අවිවේකි සතියක් වනවා ඇත. ආර්ථික වාසි සැලසේ. නමුත් ඒ හා සමාන වියදම්ද ඔබට ඇතිවේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. නමුත් කෑම කන මේසයේදි යම් නොවැදගත් කාරණාවකට රණ්ඩු සරුවල් වීමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල දෝෂ නැත. තුලා ලග්නයෙන් උපන් සියලුම අයට මෙම පෙබරවාරි මස 1 වෙනි සතියේ සිට උපරිම අවස්ථාවන් ලැබේ.(දියුණුවට)

වෘශ්චික

ඔබට මෙම සතිය තරමක දුෂ්කර සතියකි. ආර්ථික වාසි ඇතිවන නමුදු ඔබ ලගින්ම ඉන්නා සමහරු නිසා එම වාසි අත් නොවේ. බාධක ඇතිවේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත කිරිමට පුලුවන. එහෙත් මෙවැනි තත්වයක් යටතේ වෘශ්චික ලග්න හිමි ඔබ ඉතාම තීරණාත්මකව කටයුතු කල යුතුය.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල උපද්‍රව නැත. නමුත් ලිස්සා වැටීමකට ඉඩ ඇත.

ධනු

ලග්න ඔබට මේ සතිය ප්‍රීතිමත් සතියකි.
චන්ද්‍රයා මිථුන රාශියේ බලවත් බැවින් ප්‍රබල අපල නොමැත.
විවාහ අපේක්ෂාවෙන් පසුවන අයට විවාහ අවස්ථා ලැබේ. එමෙන්ම දරු සම්පත් ඇතිවේ. ඉතාම ශුභ සතියකි. අගදි ලෙඩදුක් වලින් තරමක් පරිස්සම් වන්න.

මකර

ඔබට මේ සතිය තරමක බාධාකාරි සතියකි. එහෙත් කතෘවරු ප්‍රකාශ කරන්නේ, තමන්ගේ පදවි තානාන්තර වලට විරුද්ධව පන්දම් අල්ලන්නො බොහෝ වෙති. තමාගේ අභිමතය පරිදි වැඩ කිරිමට බාධා ඇත.
ප්‍රේම සබදතා සහ අඹුසැමියන් අතර යම් විරසක වීම් ඇතිවිය හැකිය. එහි ප්‍රබල බාධා ඇත.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු, උදරාබාධ සහ මුත්‍රා ආබාධද, කාන්තාවක් නම් විශේසයෙන්ම ආර්තව චක්‍රයේය අක්‍රමතාවක් ඇතිනම් පරික්ෂා කරවා ගන්න.

කුම්භ

ඔබට මෙම සතිය ප්‍රීතිමත් සතියකි. දරුවන්ගේ දක්ෂ පක්ෂකම් බලාගැනිමට ඉඩ ප්‍රස්තාව ලැබේ. දරුවන්ට මනා කොට ඔවුන්ව ආයෝජනයට ගැනිමට පුලුවන. එනම් ආයෝජනය වන්නෙ අධ්‍යාපනයයි. එම තත්වයත් යහපති.
ගෘහ ජිවිතය පෙරකිවාසේ ප්‍රීතිමත් වේ. වැඩිහිටි ඥාතින්ගෙන් උදව් ලැබිය හැක, නමුත් කොන්දේසි සහිතවයි.
සෞඛ්‍ය තත්වයේ වෙනසක් නොපවති.

මීන

ඔබට මෙම සතිය ප්‍රීතිමත්ව ගත කිරිමට පුලුවන. තමන්ගේ ඥාතින්ගෙන් අවදානයට ලක් වන කාලයකි. 8 අඟහරු/කුජ, සෙනසුරු/ශනි සිටින නිසා කලබලකාරි බවින් අත් මිදෙන්න. මෝඩ වැඩ කරගැනිම නිසා යම් ආර්ථික වශයෙන් තැවුල්කාරි තත්වයකට පත්විය හැක.
ගෘහ ජිවිතය පෙරකීවාක් මෙන් ප්‍රීතිමත්ව ගත වේ. මුදල් ලැබේ. නමුත් 12 වැන්න හා 2 වැන්න පාපපීඩිත නිසා තැන්පත් ධනය නැත.
සෞඛ්‍ය තත්වය එතරම් යහපත් නොවේ. කුජ මහ දසාව ගත කරන අයට මෙම කාලය තරමක අපල බව කිව යුතුය. ඒ 8ට කුජගේ පැමිණිම නිසාය. තවද උසස් පෙලේ සමාජයෙන් ආධාර උපකාර ලැබේ.

No comments:

Post a Comment