Friday, February 7, 2014

කුජ මාරුව.. ලග්නෙට කොහොමද (පෙබ.4 සිට)

මේෂ
කුජ මාරුව, තරමක් දුරට 7 වැන්නේ සිදුවන බැවින් උදරාබාධ සහ ඌෂ්ණාධික රෝග, රත්පිත් ලේ කෝපවීම යම් ආකාරයකට මුත්‍රා ගල් ඇතිවීම සහ මුත්‍රා රෝග ඇතිකිරීමට - යටි බඩ ආශ්‍රිත රෝග ඇතිකිරීමට හේතුයි.

වෘෂභ
ලග්න හිමි ඔබට, උපචය ග්‍රහයන් 3ක් 6 වැන්නට පැමිණි නිසා නඩු හබ පරාජය කිරීමට හැකිය. සතුරන් දමනය වේ. බොහෝවිට සතුරන් තමාගේ ඉදිරියට සමාව භජනය කිරීමට පැමිණේ, සමාව ඉල්ලයි. එමෙන්ම තමා ඉදිරියේ පාපෝච්ඡාරණය කරයි. තමාගේ යටත් සේවකකාරකාදීන්ට ඔබ මේ කාලයෙදි කාරුණිකව සැලකීම අවශ්‍යයි, මන්ද මේ කාලයේ ඔබට කේන්ති යන බැවිනි.
*අපත්‍ය ආහාර පාන වලින් පරිස්සම් වන්න. ඔබටද උදරාබාධ වැලදීමට හේතු ඇත.
ගැබිණි මව්වරුන් පරිස්සම් වන්න. ඒ අය බෝධි පූජා පැවැත්වීම යහපති. කතරගම දෙවියන්ට භාරවීම යහපති.

මිථුන
ලග්නයේ ඔබට තරමක ශුභ අශුභ මිශ්‍ර පල පෙන්වයි.
සිතේ අභ්‍යන්තරිකව කලකෝලාහල වලට පොළඹ වන යම් කිසි හිතුවක්කාරි ගති ඇතිවිය හැක. විද්‍යා ස්ථානය බැවින් ඔබට කිසියම් ආකාරයකට අධ්‍යාපන කටයුතු තරමක් අඩාල විය හැක. නමුත් කාර්මික ක්සෙත්‍රය, ඉංජිනේරු ශිල්පය, වෛද්‍ය ශිල්පය හදාරන ඔබට එය එතරම් බලාපන්නේ නැත. ඔබ මෙම කාලයෙදි ඉවසිලිවන්තව කටයුතු කිරීම පමණක් ප්‍රමාණවත් බව සඳහන් කරමි.

කටක
ලග්නයෙන් උපන් ඔබට පූර්ණ වශයෙන්ම මෙම ග්‍රහ සංයෝගය 4 වැන්නේ තැන්පත් වීම අශුභ බව කිව යුතුය. විසේසයෙන්ම ගෘහ ජීවිතයේදි යම් යම් ආර්ථික දුස්කරතාවයන්ද, හිතේ කනස්සලු ගතියද ඇතිවේ. ආවේගශීලි සිතිවිලි ඇතිවන බැවින් සිත පාලනය කරගැනීම වැදගත්ය. එය ඉතාම වැදගත් බව සිතේ තබාගන්න.
නිශ්චල, චංචල දේපල සම්බන්ධව ආරවුල් ඇතිවිය හැක.
උෂ්ණාධික රෝග සහ ගැස්ට්‍රයිටීස් ඇතිවිය හැක.

සිංහ
ඔබට ප්‍රබල වාසනාවන්ත කාලයක් බව කිව යුතුය.
උත්සාහයෙන් උනන්දුවෙන් සහ පෙරටුගාමි සිතිවිලි ඉදිරියට යන ඔබ දහිරිය සහ උත්සහය නිසාම සියලු බාධක ජයග්‍රහණය කරයි. ප්‍රබල ග්‍රහයන්ගේ අපල උපද්‍රව පැවතියද සමහර සිංහ ලග්න කරුවන්ට මෙම අවස්ථාව ඉතාම සුභ වන විරල අවස්ථාවක් බව කිව යුතුය.
මෙම ඉදිරි කාලයෙදි සිංහ ලග්නයේ ඔබ අධ්‍යාත්මික කටයුතු, ආගමික කටයුතු වලට නැඹුරු කරවන කාලයකි.

කන්‍යා
තම වචනය, හැසිරීම සහ ඉරියව් නිසා බොහෝ දේවල් වලින් මානසික පීඩාවක් ඇතිවිය හැක. ඔබගේ අයහපත් වචන භාවිතය නිසා සමහරවිට ඔබගේ හිතවත්ම අය අහිමිවී යා හැකිය.
යන්ත්‍ර සූත්‍ර වල වැඩ කරන අයද, යතුරුපැදි වල ගමන් කරන කන්‍යා ලග්නයේ අයද විදේශ රැකියා වල නියුතු අයද එදිනෙදා ජීවිතයේ අනතුරු වලින් තම මුහුණ, පපු ප්‍රදේශය, නළල, අත් ප්‍රවේසම් කරගන්න.
කන්‍යා ලග්න හිමි කුඩා දරුවන් ගින්දරෙන් විදුලියෙන් උණු වතුරෙන් ආරක්ෂා කරගන්න.

තුලා
විවිධ ක්ෂෙත්‍ර වල ඉහල ස්ථාන වල වැඩ කරන කාර්මික ශිල්පීන්, හමුදාවේ පොලිසියෙ වැඩ කරන අය, යන්ත්‍ර සූත්‍ර වල වැඩ කරන තුලා ලග්න අය අනතුරු වලින් ආරක්ෂා වීමට වග බලාගන්න.
හදිසි කෝපය සහ කේන්ති යාම නිසා තමන් ඉන්නාවූ වටපිටාවේ අය සමග යම් යම් අනවශ්‍ය ගැටළු වලට මැදිහත් වීමට ඉඩ ඇත. තදබල හිසේ කැක්කුම් ඇති අය ඒවාට වෛද්‍ය ප්‍රතිකාර ගන්න.

වෘශ්චික
ලග්නය හිමි සියලුම දෙනාට මෙයද කඩා වැටුනු අමුතුම ආකාරයේ අසුභ ග්‍රහ තත්වයකි. නීතිමය කරදර වලින් පරිස්සම් වන්න. දැවැන්ත වූ ණයතුරුස් වලට හසුවීමට ඉඩ ඇත. තමා සතු ධනය සොරු ගැනීමට ඉඩ ඇත.
ආයෝජන කිරීම අශුභ බව ප්‍රබලවම කිව යුතුය. බොහෝවිට ඒවාට යොදන මුදල් ගඟට කැපූ ඉනි මෙන් විය හැක.
අඹු සැමියන් විසේසයෙන්ම තමන්ගේ ප්‍රශ්න ගොඩින් බේරා ගත යුතුය. අප මෙහිදි සදහන් කරන්නේ වෘශ්චික ලග්නයේම දෙදෙනෙක් විවාහ වී ඇත්නම් පමණි.

ධනු
ගොවිතැන් කරන අය, භූමිය සම්බන්ධ වැඩ කරන අය සහ විදේස රැකියා වල නියුතු අයට මෙම ග්‍රහ මාරුව අනුව සුබයි.
නඩු හබ වලින් තමන්ට ජය අත්වේ. කාලයක් තමන්ට මඟහැරී සිටි මිතුරෙක් ලගට පැමිණ උදව් කල හැක. තවද විසේස වශයෙන්ම මැණික් කර්මාන්තයේ නියුතු අයට වාසිදායක බව කිව යුතුය. රත්නපුර සහ ඒ ආශ්‍රිත පලාත් වල මැණික් කර්මාන්තයේ යෙදෙන ඔබ තව දියුණු වන කාලයකි.

මකර
සියලුම විදේස රැකියා කරන අයට, සහ ලංකාවේ යම් යම් ක්ෂෙත්‍ර වල එනම් ඉංජිනේරු, වෙලද ප්‍රවර්ධන ක්සෙත්‍ර වල සිටින අයට ප්‍රබල ශුභ කාලයකි. ඉතාම ශුභයි.
රැකියා වල දියුණුව සහ තමන්ගේ ඇගයීම පාලනාධීකාරිය විසින් කරනු ඇත.

කුම්භ
ලග්න හිමි අයට ශුභ බව කිව යුතුය.
ශුභ කටයුතු සාර්ථක වේ. විදේස රැකියා බලාපොරොත්තු වන අයට විදෙස් රැකියා ලැබේ. සමහරුන්ට දීර්ඝ විදේස සංචාර ලැබේ.

මීන
මේ ග්‍රහ මාරුව තරමක් අයහපත් බව කිව යුතුය.
රත් පිත් දෝෂ, ලේ විෂවීම, ජීර්ණ ආබාධ සහ ශල්‍ය කර්මයක් බලාපොරොත්තුවෙන් සිටින මීන ලග්න කරුවන් මේ කාලය එම කටයුතු කිරිම යහපත්ය. අපත්‍ය ආහාර පාන වලින් පරිස්සම් වන්න.

අප මේ සදහන් කලේ මෙම කුජ මාරුවේ පොදු ශුභ අශුභ පලාපලයකි.

* කුජගේ අසුබ පල අඩු කරගැනීමට සහ සුබ පල වැඩි කරගැනීමට කුජ ග්‍රහ දෙවියාට මූලකාරක වන කතරගම දෙවිදුන් නැමදීම බොහෝ උසස් ප්‍රතිඵල ලගා කරගැනීමට හේතුවකි.

** අඟහරුවාදා දින වල බෝධි පූජා පවත්වා තරුණ මව්වරුන්ට, තරුණ භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය දෑ පූජා කර, එම පින්ද කතරගම දෙවියන්ට අනුමෝදනා කිරීමෙන් ඔබගේ අපල තත්වයන් සමනයටද, ශුභ පල වැඩිවීමටද හේතු වනු ඇත.

No comments:

Post a Comment