Sunday, February 23, 2014

ඔබගේ දෛව අංකය අනුව ඔබ කොහොමද ? (පොදු විස්තරයකි)

අංක විද්‍යාව සම්බන්ධව පූර්ණ පලාපල සහ අංක විද්‍යාවේ ඇති වැදගත්කම ගැන අපගේ සේවයේ ඔබතමුන්නාන්සේලාට විශේෂ උපදේශන අපගෙන් ලබාගත හැක. විශේෂයෙන්ම අංක 1 සිට 9 දක්වා දෛව අංක හිමි අයට හිමි පොදු ලක්ෂණ ගැන විග්‍රහයක් මෙසේය.

උදාහරණයක් ලෙස, 1976 පෙබරවාරි 18 හිමි අයට උපන් දිනය 18 බැවින් එහි එකතුව 9 හිමිවේ.
එමෙන්ම උපන් දිනය 9 වන දින උපන් අයටත්, 27 වන අයටත් අංක 9 හිමි වේ.

*** මෙය පොදු විස්තරයකි. නමුත් ඉරු සේවය සහ එහි සහෝදර රවි සඳ ජෞතිෂ්‍යය පර්යේෂණ ආයතනයේ උත්සාහයට කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයකි.

1
හිමියන් ස්වභාවයෙන්ම ආඩම්බරකාර චරිත ලක්ෂණ ඇති අය වෙති. ඍජු තීරණ ගනී. කෙලින් කතා කරයි. ඇත්ත කතා කරයි. අයුක්තිය නොඉවසයි.
ඌෂ්ණාධික රෝග, අක්ෂි ආබාධ ඇතිවීමට ඉඩ ඇත. බොහෝදුරට රාජ්‍ය අංශ වල සහ හමුදාව පොලිසිය දේශපාලනය ආදි ක්ෂෙත්‍ර වල ප්‍රකට චරිත වේ.

2
ස්වභාවයෙන්ම කාරුණික චරිත වේ. හදිසි කලබලය නිසා සමහර දේවල් අවුල් කරගනී. එමෙන්ම බොහෝ වෙලාවට ස්ථිර තීරණ නොගනි. ප්‍රකට ඉන්දියානු අංක විද්‍යාඥ බී.වී. රාමන් පඬිතුමාගේ ග්‍රන්ථයකට අනුව දෛව අංක 2 හිමියන් යම් ක්සෙත්‍රයකින් ඉහලට ගියොත් ඔහුව වැලැක්වීමට නොහැක. එමෙන්ම පහලට වැටුනත් එම තත්වයෙන් මුදවා ගැනීමට ඉතා අපහසුය.
විශේෂයෙන්ම සෙම් ආකාර රෝග මේ අයට ඇතිවේ. ජලය මාරක වේ. ඒවායින් පරිස්සම් විය යුතුය.

3
සියලුම දෙනා වාසනාවන්ත ඇති අයයි. මුහුකුරා ගිය ප්‍රඥාවක් සමග ප්‍රධානත්වයෙන් වැඩ කිරීමට පුලුවන. මේ අයගේ ජීවිත බොහෝවිට උගත්කම හා බැඳී පවතී. බුද්ධිමත්ව කටයුතු කරයි. එමෙන්ම අංක 3 හිමි කාන්තාවන් තමන්ගේ ස්වාමි පුරුෂයන් සමග විවිධාකාර මත ගැටුම් ඇති කරගන්නා බව අපගේ පර්යේෂණ වලට හසුවී ඇත.
අප අංක 3 හිමියන්ට ප්‍රකාශ කරන්නේ එවන් තත්ව මගහරවාගේන ජිවත් වන ලෙසයි. බොහෝවිට මේ අය මූල්‍ය ක්ෂෙත්‍රය සම්බන්ධ රැකියා වල නියුතු වේ.

4
කලබලකාරි චරිත හිමි අයයි. මේ අය විචාර බුද්ධියෙන් වැඩ නොකිරිම නිසා බොහෝ දේවල් අවුල් කරගනී. දේශපාලන ක්ෂෙත්‍රයේ නියුතු අයට මෙම අංකය ඉතා ශුභයි. තවද යම් යම් ක්ෂෙත්‍ර වල වැඩ කරන අයටද මෙරට පිටරට වැඩ කරන අයටද මෙම අංකය ශුභයි. ප්‍රසිද්ධ වේ. බොහෝවිට උපන් රට හැර යාමට හෝ උපන් ප්‍රදේශයෙන් ඉවත්වීමට මේ අයට සිදුවේ. විසේසයෙන් ප්‍රසිද්ධ වේ.
එය එම පුද්ගලයාගේ චරිතය අනුව හොද නරක 2න්ම විය හැක.

5
බුදට අයත් අංක 5න් උපන් අයට සුවිශේෂි වරප්‍රසාද අංකය මගින් හිමිව ඇත. මහා බුද්ධිමතුන්, චින්තකයන්, විද්‍යාඥයන් අංක 5න් උපන් අයවේ. තීක්ෂණ බුද්ධියක් සමග සිත් ඇඳ බැඳ ගන්නා කතා බහ සහ උපදෙස් දීමේ ඥානය සහ සැලැසුම් සහගත බව මෙම අංක 5න් උපන් අයගෙන් විද්‍යාමාන වේ. විශේෂයෙන්ම කථිකත්වයද හිමිව ඇත. බොහෝ ප්‍රියමනාප තමන්ගේ වචනය නිසා තමන් බුද්ධියත් වචනයත් 2 නිසා ඉහලට ආ අයගේ දෛව අංකය බොහෝවිට 5 විය හැක.
අංක 5 එකතුව එන වාහන ගැනීමටද ඉතා සුබයි.
* හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අංක 5න් උපන් අයෙකි. එතුමා අංක 5 හිමි බැවින් බුධට හිමි වන ගති ගුණ අතර කඩිසර බව සහ අනලස් බව සහ ශූර කථිකත්වය එතුමාට ලැබී තිබින.

6
සිකුරුට අයත් 6ද ඉතාම ශුභ අංකයකි. මෙම අංකයෙන් උපන් සියලුම දෙනා ප්‍රීතියෙන් කල් යවන්නෝ වෙති. බොහෝම හොඳින් තම කටයුතු ඉතාම ලෙහෙසියෙන් පහසුවෙන් කරගැනීමට වාසනාව ඇත. ධනවත් වේ. රූමත්, බුද්ධිමත් අය වේ. අංක 6 හිමි වාහන ඉතාම හොඳ තත්වයේ පවතී. කෙතරම් පරණ වුවත් අද ගත්තා මෙන් නැවුම් බවක් අලුත් බවක් පවතී. ඉතාම ශුභ අංකයකි.

7
කේතුට අයත් අංක 7න් උපන් අය සමහරවිට මන්දගාමිව කල්පනා කරන අය වුවද බුද්ධිමත් වේ. බොහෝවිට කොන්දේ සහ කකුල් වල ආබාධ ඇතිවිමට ඉඩ ඇත.
විශේෂ දෝෂ නොමැත.

8
ශනිට අයත් 8න් උපන් අයට දියුණුව හිමිවන්නේ බොහෝ සෙමිනි. එහෙත් එය ස්ථාවර දියුණුවකි. බොහෝවිට මුල් කාලයෙදි බොහෝ කරදර ඇතිවේ. නහර ආබාධ ඇතිවිය හැක. ජන්ම කේන්දරයේ ශනි අසුභව පිහිටා එම මහ දසාව ලැබුවොත් බොහෝ කරදර ඇතිවේ.
* අංක 8 හිමි ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ජීවන කතාව බැලූ කල මෙම සෙනසුරුට අයත් ගති ලක්ෂණ මෙතුමියට ප්‍රධානය කර ඇත. එතුමිය තරුණ අවධියේම තමන්ගේ ස්වාමි පුරුෂයාගේ වියෝගය දරා ගැනිමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමන් අග්‍රාමාත්‍ය ධූරයට පැමිණ විවිධ වූ බාධක සහ කුමන්ත්‍රණ මැදින් රාජ්‍ය පාලනය කර 1977 දි අන්ත පරාජයක් ලැබ, ප්‍රජා අයිතිය පවා අහෝසි විය. මෙය එතුමිය ජිවිත කාලයේ ලැබූ ඉතාම අවාසනාවන්ත සිදුවිම ලෙස දැක්විය හැක. ශනි ග්‍රහයා නැවත මතු කරන ග්‍රහයෙකු බැවින් 1994දි නැවත අගමැති ධුරයට පත්විය.

9
ඉතාම නිර්භීත අය වෙති. එමෙන්ම පරිවාර සම්පත්තිය හා ඒ හා බැඳුනු පිරිස් බලය මනා කොට සම්පාදනය වේ. මෙම අංකයෙන් උපන් අයට රාජ්‍ය ආයතන වලට සහ හමුදා පොලිසි වල සැලකිලි, අනුග්‍රහ ඇතිවේ. මේ අංකයෙන් උපන් බොහෝ දෙනා දේශපාලන ක්ෂෙත්‍රයේ හෝ එවන් ඉහල වෘත්තින් වල සේවය කරයි.
* අප රටේ රාජ්‍ය නායකයා වන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ උතුමාණන්ටද අංකය 9 හිමිව ඇත. එතුමා 18 වන දිනක ජන්ම ලාභය ලබා ඇත. අංක 9 ඇති පෞරුෂය එතුමාට ලැබි ඇත.

No comments:

Post a Comment