Thursday, May 29, 2014

කේන්දර සටහන් ගැන තවදුරටත්...

කේන්දර සටහනක ඇති යෝග සහ පලාපලයන් සැලකීමෙදි එක්කෙනෙක්ගේ කේන්දරයක් තව කෙනෙකුගේ කේන්දරයට වඩා සුභද යන්න කීම එතරම් සාර්ථක නැත. එක් එක් අයගේ කර්ම ඵලයන් වෙනස් බැවිනි.

කේන්දර සටහනක් ගත්විට මූලික ලෙස ග්‍රහයන්ගේ බලවත් භාවයන්, අවස්ථාවන්, අදාල වන නැකත, පිහිටා ඇති ආකාරය සහ හතර කේන්දරයේ ග්‍රහයන් සිටීම ගැන සලකා බලනු ලැබේ.

ගුරු, සිකුරු, බුධ, චන්ද්‍ර යන ග්‍රහයන් 4 දෙනා සුභ ග්‍රහයන් වන අතර මේ අය බලවත් වීම යහපත් පිහිටීම්ය.
එසේ වුවද අනිකුත් ග්‍රහයන් බලවත් වීමද යහපත පිණිස හේතු වෙයි.

ඕනෑම කේන්දර සටහනක, ලග්නාධිපති බලවත් වන්නේ නම් එය එම කේන්දර සටහන හිමියාට බලවත් පිහිටීමකි.
ඒ අනුව එක් එක් ලග්නයට අනුව ලග්නාධිපති මෙසේය.

මේෂ - කුජ, වෘෂභ - සිකුරු, මිථුන - බුධ, කටක - සඳු,
සිංහ - රවි, කන්‍යා - බුධ, තුලා - සිකුරු, වෘශ්චික - කුජ,
ධනු - ගුරු, මකර - ශනි, කුම්භ - ශනි, මීන - ගුරු

තවද වැදගත් වන කරුණක් නම් 1, 4, 7, 10 යන ස්ථාන 4න් බලවත්ම ස්ථානය වන්නේ 10 වැන්න හෙවත් කර්මස්ථානයයි.
5, 9 ස්ථාන වලින් බලවත් වන්නේ 9 වැන්න හෙවත් පුණ්‍යස්ථානයයි.

10 වැන්නේ අධිපති ග්‍රහයා 9 වැන්නේද, 9 වැන්න අධිපති ග්‍රහයා 10 වැන්නේද සිටිමින් “ධර්මකර්මාධිපති රාජ යෝගය“ සෑදේ.

1, 4, 7, 10 යන කේන්දර ස්ථාන වල කුජ, සිකුරු, ගුරු, බුධ, ශනි යන ග්‍රහයන් බලවත්(උච්ච, ස්වක්ෂෙත්‍ර) වීමෙන් “පංච මහා පුරුෂ යෝග“ නම් රාජ යෝග ඇතිවේ.

No comments:

Post a Comment